(නිමන්ති රණසිංහ)
සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය.
රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඥානසාර හිමියන් නිදහස් කෙරිණි.
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාකර සාපරාධී බලහත්කිරීමේ යෙදුණැයි කියන සිද්ධියට අදාළව අද(21) සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබීය.
රටේ කුමන තත්ත්වයක් ඇති වුවත් අධීකරණය ඊට වග නොකියන බවත් පොලිසිය නිසි පරිදි කරුණු වාර්තා නොකිරීම මත ඒ හිමියන්ට ඇප ලබා දෙන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසීය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඥානසාර හිමිට යළිත් ඇප
Appuhami Wednesday, 21 June 2017 10:08 AM
හාමුදුරුවනේ,... ජාතියේ අපේ වීරයාණෙනි..., අපි ඔබ සමගයි..
nuwan kalupahana Wednesday, 21 June 2017 10:13 AM
2020 වසරේදී අපි ඥානසාර හිමියන්ව රටේ හිමිකාරත්වය ලබාදෙමු...
nuwan Wednesday, 21 June 2017 10:21 AM
නිදා සිටි ජාතියක් අවදි කල හිමිනමක් !! ඔබ වහන්සේව ධර්මය ආරක්ෂා කරාවී !!!
kumara Wednesday, 21 June 2017 10:24 AM
ඔබ වහන්සේ මතු කල සියලු කරුණු ඇත්ත... මේ විනාස වෙන්නේ කරන්නේ අපේ රට, අපේ නුපන් දරු පරපුර.. නුපන් දරු පරපුරකට රට රැක දෙන්න ඔබ වහන්සේ කරන අමිල මෙහෙයට මගේ නමස්කාරය !!
Ajith Wednesday, 21 June 2017 11:05 AM
නඩුත් අපේ, බඩුත් අපේ... මේ වගේ ඇප දෙන එකම එක රට අපේ ලංකාව වෙන්න ඇති... රටේ නීතිය කාටත් සමාන විය අයුතුයි... පොඩි මිනිහා මෙහෙම දෙයක් කළා නම් අද හිරේ..
rohitha samarakone Wednesday, 21 June 2017 11:13 AM
ඔබ වහන්සේ අපේම රටේ අසරණ වී සිටින සිංහල අපේ පිනට පහළවූ හිමි නමක්.....