IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඥානසාර හිමි නිදහස් කළාට නීතිපතිගෙන් ඇපෑලක්

මාලබේ තලාහේනේ පිහිටි පල්ලියකට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කර ඔවුන්ට දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ අභියාචන පෙත්සම් මාර්තු01 වැනිදා විභාගයට ගැනීමට අභියාචානාධිකරණය අද තීන්දු කළේය.

පෙත්සම විභාගයට ගන්නා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඥානසාර හිමියනට  නොතීසි නිකුත් කෙරිණි.

මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන විනිසුරුවරුන් හමුවේ පෙත්සම සලකා බැලිණි.

නීතිපති විසින් ගොනු කරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

ඥානසාර හිමි නිදහස් කළාට නීතිපතිගෙන් ඇපෑලක්

අතුල Thursday, 11 February 2016 04:01 AM

චමල්කා රටේ අනාගතය අවිනිශ්චිත නිසා මහින්ද නැවත බලයට ගෙන්න ඕන නේද? (බ)

:       0       0

රුක්ෂාන් Thursday, 11 February 2016 04:26 AM

ඩී.උපුල්ගේ කතාවට මම එකඟයි.බුද්ධ ශාසනය වෙනුවෙන් බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ..! (බ)

:       0       0

සරත් Thursday, 11 February 2016 04:26 AM

ඥානසාර ගේ ප්‍රශ්නෙට ඇයි හැමවෙලේම බදුර්දීන්ව අදින්නේ .එයා වැදගත් විදියට කතාකරනවා මෙයා එහෙමද? (බ)

:       0       0

භද්‍රානි Wednesday, 10 February 2016 05:19 PM

ඩී.උපුල් මහත්තයෝ, අත පය හතර වර්ධනය වෙලා තිබෙන තරමට යම් පුද්ගලයෙකුගේ මොළය වර්ධනය වෙලා නැත්නම්, මොකක්ද කරන්න ඕනෑ කියලා කියන්නකෝ... (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 11 February 2016 04:35 AM

දවසින් දවස රට පිරිහෙනවා. (ම)

:       0       0

ගුණසිරි Wednesday, 10 February 2016 06:26 PM

උපුල්ගේ කතාවට මම එකඟයි. මොළය තමයි සියල්ලටම වඩා බලවත්. නිවැරදි අරමුණු වලින් සියල්ල ජයගන්න පුළුවන්. (නි)

:       0       0

සනත් ඉන්දික Wednesday, 10 February 2016 06:50 PM

අපි අසරණවෙලා වගේ දැනෙනවා හාමුදුරුවනේ. හැමෝම අවි ඔසවන්නේ ඔබවහන්සේට. ඔය ඇපෑල දමන කිසිකෙනෙකුට උසාවියට ගල්ගහපු ඒවා පෙනෙන්නේ නැහැ හාමුදුරුවනේ. අද සිංහල ජාතිය අන්ත අසරණයි හාමුදුරුවනේ (නි)

:       0       0

විකුම් රංගන Wednesday, 10 February 2016 07:36 PM

කුසුම්, ඔවුන්ට තිබෙන මොළේවත් සමහරුන්ට නැති එකනේ ප්‍රශ්නේ? (නි)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 10 February 2016 08:26 PM

කුසුම්, ඒ සඳහා පුරවැසියෙක් හැටියට ඔබටත් පුළුවන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න. (නි)

:       0       0

පාඨලී Thursday, 11 February 2016 05:24 AM

අපි විසින් අපේම ජාතිය විනාශ කරනවා . එක්නැලිගොඩ බිරිඳ ජිනිව වල සාක්ෂි දුන්නේ අපේ හමුදාවට විරුද්දව . අැයි ඒ ගැන කතා කරන නැත්තේ (බ)

:       0       0

රාජා Thursday, 11 February 2016 11:23 PM

සරත්, පාඨලී කියලා තිබෙන දේ ටිකක් කියවන්න. (කෞ)

:       0       0

නිශාන්ත Wednesday, 10 February 2016 11:02 PM

මට නම් මේ හිමියන් සමඟ පුදුම තරහක් තියෙන්නේ (නි)

:       0       0

තේජක Thursday, 11 February 2016 12:03 AM

මේ දේවල් හොයන්නේ නැතුව ඉක්මනින් බඩු මිල අඩු කරන්න බලන්න. ලංකාවේ සාමාන්‍යයෙන් අල කිලෝ එකක් රුපියල් 130 ක් විතර වෙනවා. ඉන්දියාවේ ලංකාවේ සල්ලි වලින් වෙන්නේ රුපියල් 50 ක් විතර. ලංකාවේ ලුණු කිලෝ එක 115 වෙනකොට ඉන්දියාවේ 55 යි. තක්කාලි කිලෝ එක ඉන්දියාවේ 44 ක් වෙනකොට ලංකාවේ 200 යි. මම කියන්නේ බොරුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මිනිස්සු කොහොමද ජීවත්වෙන්නේ? (නි)

:       0       0

සෙනෙවිරත්න Thursday, 11 February 2016 12:19 AM

ථෙරවාද පනත තිබුනා නම් ගිහියෝ නඩු අහන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 15 February 2016 12:32 AM

සුද්දා බොදු සමාජය දෙකඩ කර ඔවුන් බලාපොරොත්තු වුණ දේවල් සිද්ධ වෙමින් පවතී. මමද කතෝලිකයෙකි. නමුත් යම් කෙනෙක් අවංකව මගේ මවුබිම සුරකින්නේ ඔහුට මගේ වටිනා ඡන්දය දෙමි (නි)

:       0       0

රන්ජිත් Thursday, 11 February 2016 12:37 AM

බුද්ධ ශාසනය වෙනුවෙන් බුද්ධිමත් අය මහණ කරන්න වෙනවා. නුසුදුසු අය සසුන්ගත වුණාම ශාසනයයත් විනාශයි (නි)

:       0       0

ගිහාන් Thursday, 11 February 2016 02:09 AM

තේජක කියන දේ ඇත්ත. ඉන්දියාවේ විතරක් නෙමෙයි, නේපාලයේ , බංග්ලාදේශය වගේ රටවලත් බඩු මිල ගොඩක් අඩුයි. අපේ රටේ ආහාර මිල ඉහළ ගිහින් තියෙන්නේ නොයෙක් ආකාරයෙන් එකතුවෙන බදූ නිසා. වෙන රටවල්වල පොහොර, බීජ , ගොවි උපකරණ ලැබෙන්නේ නාමික මිලකට. අපේ රටේ මේවායින් හොඳට බදූ අය කරනවා. ඉතින් ගොවියන්ගේ නිෂ්පාදන වියදම වැඩිවෙනවා. අපේ රටේ ලොක්කන්ට විදේශ සංචාර ආදී නොයෙකුත් වියදම් වලට මෙසේ අය කරගන්නා බදූ මුදල් වියදම් වෙනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 11 February 2016 02:12 AM

ඇත්තටම නීතිය සමහරු කියන ලෙස අන්ධද? අපි නොදනිමු (නි)

:       0       0

පාලිත Thursday, 11 February 2016 02:20 AM

සිංහල බෞද්ධයා ගැන බයයි අපිට (නි)

:       0       0

සුගන්ධ Thursday, 11 February 2016 02:22 AM

අපේ රටට වෙලා තියෙන හැම ව්‍යයසනයකදීම රටේ පැවිදි හාමුදුරුවන්ගේ නිර්භීතකම නිසා රට අනතුරෙන් බේරාගෙන තිබෙනවා (නි)

:       0       0

කුසුම් Wednesday, 10 February 2016 01:55 PM

අපේ රටේ එක නීතිඥයකු නැතිද අර බදුර්දීන්ට විරුද්ධව තියෙන සහ වැහුව නඩු නැවත සලකා බලන්න ඉල්ලා සිටින්න. (බ)

:       0       0

චමල්කා Thursday, 11 February 2016 02:43 AM

රටේ අනාගතය අවිනිශ්චිතයි (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 10 February 2016 02:05 PM

අතින් පයින් නෙවෙයි හාමුදුරුවනේ මොලෙන් තමයි වැඩ කරන්න ඕනේ. (ර)

:       0       0

බටගල Thursday, 11 February 2016 03:46 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 67 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 115 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 209 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 740 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 533 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 359 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site