IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


‘ඥානසාර හිමි සෝමාරාමලාගේ පරපුරේ නොවෙයි‘

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවදුරටත් බුද්ධරක්ඛිත, සෝමාරාම පරපුරට අයත් නොවන බව රටේ ජනතාව දැනගත යුතු යැයිද උන්වහන්සේ එදා ගියේ යුක්තිය ඉල්ලා කෑ ගැසීමට යැයිද උන්වහන්සේට වැටහුණේ එපමණක් යැයිද හිටපු මන්ත්‍රී හා ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියෝ කියති.

රනිල් වික්‍රමසිංහ අගමැති බුද්ධරක්ඛිත හා සෝමාරාමලා ගැන පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුමත නොකරන බවත් ඒ හිමියෝ කියති. රටට අපකීර්තියක් ගෙන දුන් බුද්ධරක්ඛිත හා සෝමාරාමලාගේ පරපුරේ කෙනකු ලෙස ඥානසාර හිමියන් සැලකිය නොහැකි බවත් ඒ හිමියෝ කියති.

‘දෑ හිතකාමී වේදනාවෙන් කෑ ගසන කෙනකුත් රටේ අගමැතිවරයා ඝාතනය කළ කෙනෙකුත් අතර ඇත්තේ අහසට පොළව මෙන් මහා පරතරයකි. එහෙත් අපේ අගමැතිතුමා මේ දෙක පටලවාගෙන ඇත‘ යැයිද උන්වහන්සේ කියති.

 



අදහස් (0)

‘ඥානසාර හිමි සෝමාරාමලාගේ පරපුරේ නොවෙයි‘

ආනන්ද දොඩන්ගොඩ Thursday, 28 January 2016 10:24 AM

තල්දුවේ සෝමාරාම ඥානසාර හිමි ට වඩා දහස් ගුණයක් හොඳය , ඥානසාර හිමි කරන්නේ විදේශ කොන්ත්‍රාත්තුවක් බව වැටහෙන විට සියල්ල සිදුවී හමාරය (බ)

:       0       0

අමිත Thursday, 28 January 2016 10:28 AM

රටක ඉතිහාසය නොදන්නා ටයි කෝට් අදින බටහිර මානසිකත්වයෙන් හැමදේම දකින හිතන අගමැතිතුමාට මේවා ගැන තේරුමක් නෑ.සමහර විට හෙට අනිද්දා වෙන කොට ප්‍රභාකරන් හා දුටුගැමුණු රජ්ජුරුවෝ සමාන කරලා කතා කළත් පුදුම වෙන්ඩ දෙයක් නැහැ. (ම)

:       0       0

සේන Thursday, 28 January 2016 10:47 AM

අද අපේ රටේ සිංහලයා ගැන කතා කිරීම අපරාධයක් වෙලා. (බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 28 January 2016 04:54 PM

නිල්මිණි, දන්නා දෙයක් කතාකරන්න. (නි)

:       0       0

චින්තක Thursday, 28 January 2016 05:02 PM

ඥානසාර හිමි වැන්නවුන් අපේ රටට තවත් අවශ්‍යයි (නි)

:       0       0

හුසේන් මොහොමඩ් Thursday, 28 January 2016 10:44 AM

ඒ කියන්නේ ධර්ගා ටවුමේ ජීවිත තුනක් නැතිවෙන්න හේතු පාදක වූ විෂ බීජය පතුරපු ඥානසාර හිමියෝ ජාතික වීරයෙක්. (ම)

:       0       0

මුදිත Thursday, 28 January 2016 10:56 AM

කොටපොල හාමුදුරුවෝ කියන දේ හරි. ගලබඩඅත්තේ හාමුදුරුවන්ට සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙන එකත් හරි එහෙමයි. කියල අාවේගවලට මුල දීල වැඩ කළාම වෙන්නේ. එකේ අනිත් එක. (බ)

:       0       0

ප්‍රමිලා Thursday, 28 January 2016 05:58 PM

ප්‍රගීත්ගේ නෝනාට උසාවියෙදි කෑගහපු එක අපි නම් අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

නිමල් Thursday, 28 January 2016 05:59 PM

එතකොට මේ හාමුදුරුවො සන්ධ්‍යා නෝනාට බැන්න එක හරිද? (නි)

:       0       0

ගමගේ Thursday, 28 January 2016 06:00 PM

රනිල් අගමැතිතුමා අද පාර්ලිමේන්තුවෙදි හොඳ කතාවක් කළා. හරියටම හරි. (නි)

:       0       0

උදය Thursday, 28 January 2016 11:36 AM

තව කොච්චර රණවිරුවන්ට නඩු තියනවද? ඒ අය වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? දේවදත්ත පරපුරේද? (බ)

:       0       0

රමණි Thursday, 28 January 2016 11:31 AM

අගමැතිතුමනි, ඔබේ බාප්පා ඇන්ග්ලිකන් බිෂොප් තුමෙකු වුනු ලක්ෂ්මන් වික්‍රමසිංහ බවත් ඔබ 1984 පවා ඇදහුවේ ක්‍රිස්තියානි ආගම බවත් එළිකරන්න. ඔබේ ආගමට අපේ විරෝධයක් නැහැ නමුත් ඔබේ බොරුවට අපි විරුද්ධයි (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 11:45 AM

බලලෝබයට තමාගේ ආගම අත්හැර බුද්ධාගම වැළඳගෙන බුද්ධාගමට කරන විනාශය වැටහෙන්නේ නැද්ද? (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 11:41 AM

අනගාරික ධර්මපාල තුමාටත් ලංකාව එපා කෙරෙව්වේ කව්ද කියල දන්නෝ දනී. (බ)

:       0       0

භද්‍රානි Thursday, 28 January 2016 11:55 AM

වැඩිය අනවශ්‍ය කතා ඕන නැහැ. ඔය ඥානසාර හාමුදුරුවෝ, ඔය ඇඳගෙන ඉන්න සිවුර ගලවලා සාමාන්‍ය මනුෂයෙක් විදිහට ඡන්දෙ ඉල්ලුවා නම්, ලාංකික දේශපාලන බිමට හොඳින් ගැලපෙන නිසා බෞද්ධයෙක් විදිහට මගේ ඡන්දෙත් දෙනවා. ඒ ගැන ගැටළුවක් නැහැ. සිවුරකුත් ඇඳගෙන සංඝ පරපුරටත්, බෞද්ධ සමාජයටත්, සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් කරන අපහාසය හා අාදර්ශය නම්, මෙතන ලියන්න වචන නැහැ. (බ)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 28 January 2016 12:09 PM

සැබෑ භික්ෂුවකට ජාතියක් එක් කුලයක් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී ඉන්න බැහැ. එහෙම වුනානම් බුදුදහම ඉන්දියාවට හා ශාක්‍ය වංශයට පමණක් සිමාවෙනවා...හාමුදුරුවනේ කවුරු කළත් වැරැද්ද වැරද්දමයි..සුද හුණු ගාන්න යන්න එපා...භික්ෂුවගේ ගරුත්වය පාර්ලිමේන්තුවට යෑමෙන් තවත් හෑල්ලු වුණා...ඔබ වහන්සේලාත් මේවට වග කියන්න ඕනි....(බ)

:       0       0

කැප්පෙටිපොළ Thursday, 28 January 2016 12:28 PM

මෙතන සිංහල නම් වලින් වෙනත් ආගමික අන්තවාදීන් පිරිසක් සංඝයාවහන්සේලට මඩ ගසනවා. මේ පව්කාරයින්ට වෙනම අපායක් ඇත. (බ)

:       0       0

පෙරුමාල් Thursday, 28 January 2016 12:22 PM

ගලගොඩ අත්තෙ හාමුදුරුවෝ බුද්ධාගමේද? (බ)

:       0       0

සමන්ත Thursday, 28 January 2016 12:30 PM

භද්‍රානි, ඔබ හරියට හරි. නොර්වේ කොන්ත්‍රාත්තුව ගැන දන්නෝ දනිති. මේ ඥානසාර විතරක් නෙමෙයි එ්කට සම්බන්ධ, තවත් අය ඉන්නවා. එ්ක බෞද්ධ ආගම ව්නාශ කිරීමට කළ විශාල කුමන්ත්‍රණයක්.ඥානසාරලා තමයි එ්කේ දේශීය නියෝජිතයෝ. (බ)

:       0       0

චන්දන ගමගේ - මාතර Thursday, 28 January 2016 12:33 PM

හරි හැටි ඇත්ත නොදැන ඥාණසාර හිමියන්ට දොස් නගන ඇත්තො උන් වහස්සේගේ මෑත අතීතයේ ක්‍රියා කලාපය ගැන දැන ගත්තොත් උන් වහන්සෙ ජාතික වීරයෙක් ලෙස සළකාවි. (බ)

:       0       0

ලලිත් Thursday, 28 January 2016 12:36 PM

බුද්ධරක්ඛිතල සෝමාරාමල මැරුවේ මිසිස්සුන්ව, මෙයා මරන්නේ බුදු දහම. ඒක නිසා මෙයා දේවදත්ත පරපුරේ කෙනෙක් වෙන්න ඕන. අනික දෑ හිතකාමී බව තිබුනට බුදුදහමට සහ සාසනයට හිතකාමී බවක් නැති එකයි වරද? (බ)

:       0       0

නාමල් Thursday, 28 January 2016 12:41 PM

මාධ්‍යවේදියෙකු මරාදැමූ හමුදාවේ අය වෙනුවෙන් කතාකිරීම සිංහල ජාතිය වෙනුවෙන් කතාකිරීමක් වෙන්නේ කොහොමද? (බ)

:       0       0

සදුන් Thursday, 28 January 2016 12:46 PM

ලෝකයේ දියුණු රටවල නීතිය සැමටම එකයි..උසාවියට අපහාස කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.හෙට දිනයෙදි සියලුම බෞද්ධ ජනතාව සිවුරක් පොරවගෙන නීතිය අතට ගත්තොත් රටට වෙන්නේ කුමක්ද? අඩුම තරමේ මේ මිනිස්සු සිවුරේ තියන වටිනකමවත් දන්නවද මන්දා...(බ)

:       0       0

ඇසළ Thursday, 28 January 2016 12:49 PM

ඥානසාර හිමි කරපු දේ වැරදියි (හේ)

:       0       0

බණ්ඩාර Thursday, 28 January 2016 12:56 PM

අපේ උන්ට අපිව අමතක උන කාලයක් හාමුදුරුවනේ. මේක තමා අපේ උන්ගේ හැටි මෙහම උන් අතීතයේත් හිටියනේ දුක අපේ අනාගත පරපුර ගෙනයි(කෞ)

:       0       0

නයන Thursday, 28 January 2016 01:03 PM

සිවුරු පොරෝගෙන ඉන්න හැම කෙනාම ධර්මයෙන් ජිවත් වන අය නොවෙයි (කෞ)

:       0       0

චන්දා Thursday, 28 January 2016 01:21 PM

ඔබ වහන්සේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)

:       0       0

රාධා Friday, 29 January 2016 01:12 AM

ෆොන්සේකා හිරේට දාන්න යනකොට මේ අය සද්ද නැතුව හිටියේ ඇයි? (නි)

:       0       0

රංජිත් Thursday, 28 January 2016 01:22 PM

ඥාණසාර හිමියන් ගේ දේශප්‍රේමිත්වය අගය කළ හැකි වූනත් ශාසන දේශප්‍රේමිත්වයක් නොමැති එක ගැන දුකයි මෙවැනි හැසිරීමි වලින් සසුනට සිදුවන හානිය ගැන කිසිවෙක් නොසිතන්නේ ඇයි? (බ)

:       0       0

කරුණාපාල Thursday, 28 January 2016 02:09 PM

අනාගත් පරපුර ගැන බණ්ඩාරගේ දුක ගැන අපිටත් දුකයි. ධර්මය පිරිහුණු තැන තමයි දුක හට ගන්නේ.(හේ)

:       0       0

නවින් Thursday, 28 January 2016 02:27 PM

සරත් ෆොන්සේකා හිරේ දානකොට ඥාණසාර හාමුදුරුවෝ හිටියේ දිවියලෝකෙට වැඩලා වෙන්න ඇති (බ)

:       0       0

නිල්මිණි Thursday, 28 January 2016 09:15 AM

සෝමාරාම ඝාතනය කළේ අගමැති වරයෙක් පමණයි. ඥානසාර හිමි මේ ඝාතනය කරන්නේ මුළු මහත් බෞද්ධ භික්ෂු පරම්පරාවයි. ඒ අතින් ගත්තම නම් අහසට පොලව වගේ වෙනසක්. (බ)

:       0       0

මනෝජ් Thursday, 28 January 2016 09:26 AM

මේ සිංහල දේශය අතීතයේ සිට බේරාගෙන රජවරුන්ට අනුශාශන කරමින් සිටියේ අපේ සග රුවන. එහෙව් රටේ අපේ සගරුවනට හිමි වෙන තැන ගැන හරිම කණගාටු දායකයි. ශ්‍රී ලංකාවේ හැමෝටම ඉතිහාසය පාඩම නැවත වරක් මතක් කරලා දෙන්න කාලය දැන් එළඹිලා (බ)

:       0       0

සුදත් මිලානෝ Thursday, 28 January 2016 09:28 AM

අපේ හාමුදුරුවනේ ,කොහොමටත් එයා සේරම පටලවාගෙන ඉන්නේ (බ)

:       0       0

සෙනරත් Thursday, 28 January 2016 09:32 AM

හාමුදුරුවනේ දේශ ද්‍රෝහීන්ට එලෙස පෙනීම පුදුමයක් නොවේ. (බ)

:       0       0

රොහාන් Thursday, 28 January 2016 09:45 AM

රටේ නීතියට අබියෝග කරමින් අධිකරණයට අපහස කරමින් අයිආර්සී කාරයෙක් වගේ හැසුරුණු එ් හිමියන් දෑ හිතකාමී වෙන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ. එ් නිසා අගමැති තුමා කියපු කාරණා වලංගු වෙනව නේද. (බ)

:       0       0

චතුර Thursday, 28 January 2016 03:22 PM

ඥානසාර හාමුදුරුවෝ කෑ ගැහුවේ රණවිරුවන් වෙනුවෙන්. යහපාලනේට කඩේ යන කට්ටිය එ්ක පොඩ්ඩක් මතක තියා ගන්න (බ)

:       0       0

සංජීව Thursday, 28 January 2016 09:59 AM

මෙයා සෝමාරාමට දෙවැනි නැහැ (බ)

:       0       0

කුමුදු ගුණසේකර Thursday, 28 January 2016 10:02 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ ශීර්ෂ ප්‍රණාමය. යුක්තිය උදෙසා කෑමොර දෙන්නට මෙය කාලයයි. (බ)

:       0       0

භද්‍රානි Thursday, 28 January 2016 10:03 AM

සෝමාරාම නම් ඝාතනය කළේ මේ රටේ එක පුද්ගලයෙකු පමණයි. නොර්වේ, කොන්ත්‍රාත්තුවක් භාරගෙන සිටීම ගැන ශ්‍රද්ධාව වැඩිකමට ද මන්දා සමහර උපාසක අප්පුලාට අවබෝධ නොවීම ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. අර පරණ කතාවකුත් තියනවනේ "දී කිරට බළල්ලුත් සාක්කි කියලා" (බ)

:       0       0

සුසන්ත Thursday, 28 January 2016 09:57 AM

රනිල් කියන්නේ කොහොමත් බුද්ධාගමට රටට ජාතියට විරුද්ධ කෙනෙක්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2345 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1538 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 557 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3224 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site