(රෝෂන් තුෂාර)
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (23) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඥානසාර හිමි විත්තිකරුකරමින් ගොනු කළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පසුගිය 19 දින නිකුත් කර තිබිණි .
ඥානසාර හිමියෝ අධිකරණයේ ඊයේ දින පෙනී සිටියහ .
සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතාගේ උපදෙස් පරිදි කරුණු දැක්වූ නීතිඥ ඉසුරු එදිරිසිංහ මහතා කියා සිටියේ සැකකාර හිමිනම අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටි බැවින් නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ පසුගිය 19 දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.
ස්වාමීන් වහන්සේ හෙට දිනයේ ද යළි රෝහල් ගතවන බව වැඩි දුරටත් සඳහන් කළේය.
2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව ආපසු කැඳවමින් ජනවාරි 9 වැනි දින අධිකරණය පෙනී සිටින්නේ ලෙසට සැකකරුට නියෝග කළේය.
රටේ ජනපතිගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තාට පානදුර අතිරේඛ මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා විසින් අද (23) වරෙන්තු නියෝග කර තිබේ
අප පසු කරමින් ඉදිරියට යන නව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඉතිහාසයේ ලිවීමට හැකි නම් එය මෙරට ක්‍රීඩාවේ සැබෑ ජයග්‍රහණය බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
දුම්රිය දෙපාර්තමේන්තුව උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එ
මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක ම
චීන රජයේ සහයෝගීත්වයෙන් ලාංකිකයන්ට දියුණු සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාවනොමිලේ ලබාදීම අද උ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි