යාපනය දිස්ත්‍රික්කයේ මානිප්පායි, ආනෙක්කෝඩ්ඩෙයි, කූලාවඩි ප්‍රදේශවල ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරා ගැනීමේ සුදානමක් ඇතැයි කියමින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක් ඇරැඹූහ.
විරෝධතාවයට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසූවේ කූලාවඩි ප‍්‍රදේශයේ ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් ආරක්ෂක අංශ විසින් පවරා ගැනීමට විරුද්ධව දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත පෙත්සමක් භාරදීමෙන් අනතුරුව විරෝධතා වැඩසටහන පැවැත්වු බවයි.
දිසාපතිවරයාගේ කාර්යාලයේ දොරටුව ඉදිරිපිට පැවැත්වු විරෝධතාවය හේතුවෙන් දිසාපතිවරයාට කාර්යාලයේ ඉදිරිපස දොරටුවෙන් පැමිණීමට නොහැකිවීමෙන් කාර්යාලයේ පසුපස දොරටුවෙන් දිසාපති වරයාට පිට වීමටද සිදු විය.
දිසාපති වරයාගේ දොරටුව වසා විසඳුමක් ලැබෙන තුරු ඉවත් නොවන බව පවසා එහි ඉදිරිපිට හිඳගැනීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි යාපනය පොලීසිය හා එහි සිටි දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී වරුන් අතර උණූසුම් තත්ත්වයක් හට ගත් අතර ඉන් පසුව ඉන් පිරිසකට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා හමුවීමට අවස්ථාව ලැබිණි.
අදාළ බලධාරීන් දැනුම්වත් කරන බවට දිසාපති පොරොන්දු වීමෙන් පසු විරෝධතාව අවසන් විය.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටීඑන්ඒ මන්ත්‍රීවරු දිසාපති හිර කරති
අතුල Monday, 11 April 2016 03:45 PM
යහපාලනය නියමයි නේද? හොඳ වැඩේ. හොඳ හොඳ සෙල්ලම් ළඟදීම බලාගන්න පුලුවන් (නි)
ප්‍රබෝද Monday, 11 April 2016 03:56 PM
දකුණේ දෙමළ මිනිසුන්ට සිංහල අය එක්ක ඉන්න පුළුවන් නම් ඇයි උතුරේ මිනිසුන්ට බැරි. ප්‍රභාකරන් උතුරෙන් පන්නපු සිංහල මිනිස්සු නැවත ඒ ඉඩම් වල පදිංචි කළයුතුයි. එතකොට තමයි නියම සංහිඳියාව ඇතිවෙන්නේ. (නි)
ප්‍රනාන්දු Monday, 11 April 2016 04:00 PM
මේක ශ්‍රී ලංකාවනේ. මේක සුළු දෙයක් එම පිරිසට (නි)
ටෙනිසන් Monday, 11 April 2016 04:05 PM
නැහැ මම මේ නොදන්නා නිසා අහන්නේ. දැන් ඒ පැත්ත එයාලට දීලද? මේ රටේ අනෙක් පළාත් හතේම සංවර්ධන කටයුතු සඳහා අපේ පාරම්පරික ඉඩම් රජයට පවරා ගන්නවා. බැහැ කිවුවොත් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවමකුත් කරලා ඒවා පවරා ගන්නවා. එක රටක තිබෙන්නේ එක නීතියයි. අපට වලංගු නීතයක් එයාලට වලංගු නැහැ කියන්නේ ඇයි? (නි)
සංහිඳ Monday, 11 April 2016 06:20 PM
මේ අදහස් දාපු කට්ටිය පොඩ්ඩකට හිතලා බලන්න තමන්ගේ ඉඩම් මෙයාකාරයෙන් හමුදාවෙන් බලෙන් අත්පත් කරගත්තා කියලා. එහෙම වුණොත් අනේ කමක් නැහැ ගන්න කියලා කරබාගෙන ඉඳීවිද? පොඩ්ඩක් සානුකම්පිතව හිතලා බලන්න හැමදේටම කොටි අවතාර යැයි කියන්නේ නැතුව (නි)
පෙරේරා Monday, 11 April 2016 06:42 PM
අපේ ඉඩම් ආරක්ෂක අංශ වලට පවරාගන්නවා කිව්වොත් අපි ඉතින් එක හිතින් ඒවා ගන්න කියනවනේ නේද? (නි)
සෑම් Monday, 11 April 2016 08:16 PM
මේක පුදුමාකාර සංහිඳියාවක්නේ! (නි)
පී. ඉලංගරත්න Monday, 11 April 2016 10:33 PM
යාපනයේ සිංහල මිනිසුන්ගේ ඉඩම් දෙන්නේ කොයිකාලෙද? ඒ අයටත් තියෙන්නේ මොනවාහරි කරන්න (නි)
ලෙස්ලි Monday, 11 April 2016 10:34 PM
අනේ ඉතින් අපි මොනවා කියලා කියන්නද මේවට. (නි)
රත්නසිරි Tuesday, 12 April 2016 12:07 AM
මොවුන්ගේ ඡන්දෙන් පත්වූ අය මේවා නොදැක්කා වගේ ඉන්නේ ඇයි? (නි)
සඳරුවන් Tuesday, 12 April 2016 01:44 AM
හා හා ඉල්ලන දෙයක් දෙන්න, සංහිඳියාව බිඳෙයි නැත්තම් (නි)
යසපාල Tuesday, 12 April 2016 03:07 AM
කාගෙ උවමනාවටද මේ වගේ වැඩ කරන්නෙ? (නි)
ඇසළ Monday, 11 April 2016 11:11 AM
ටී.එන්.ඒ = කොටි අවතාර.(අ)
එරංග Tuesday, 12 April 2016 04:39 AM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
සිසිර Monday, 11 April 2016 11:55 AM
ඔහෝම යන් ඔය පට්ටන් ගත්ත විතරයි (අ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 11 April 2016 11:59 AM
ඉඩම් බලතල.පොලිස් බලතල .නැතුව ඔහොම නම් ?ඉදිරිය ගැන හිතාගන්න මොලේ තියන .අයට බාරයි.වැඩිය දේවල් දාන්න බෑ ජාති අලෙ නිසා පලවෙන්නේ නෑ (අ)
මනෝ Monday, 11 April 2016 12:21 PM
තව සෙල්ලන් ඉස්සරහට බලාගන්න පුළුවන්.ඔය පටන් ගන්නේ ටික ටික . අනිවාර්යෙන් හමුදාව හෝ පොලිසිය මුන්ගෙන් ගුටිකන දිනය වැඩි ඈතක නෙවෙයි. (අ)
දහම් Monday, 11 April 2016 12:52 PM
අය්යෝ, අහෝ, කියනවා මිසක් වෙන මොනවා කියන්න ද දැන් ඉතින්.(අ)
දුමින්ද Monday, 11 April 2016 12:55 PM
සහින්දියාව සිහිනයක් නොවේවා (අ)
උමේෂ් Monday, 11 April 2016 01:29 PM
මෙම ප්‍රදේශවල සිංභල ඡනතාව පදිචි කරන්න..දමිල ඡනතාව කොළඹ ඉනනේ ලසසනට. (අ)
නිහාල් Monday, 11 April 2016 01:41 PM
එන් ජි ඔ මධ්‍යස්ථානයකට නම් පළාතම දෙයි.(අ)
රොෂාන් Monday, 11 April 2016 03:26 PM
මුන්ගේ ඔලු පලන්න බැරිද පොලිසියට කියල නීති දෙකක් එකම රටේ සිංහල උන් කළා නම් පැණි හැලෙන්න ගහල රටට වෙන්න යන දෙය ටැමිල් අයට දෙන්න වෙයි මම හිතන විදියට ගියොත් (බ)