IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ටීඑන්ඒ මන්ත්‍රී වව්නියා ගෙදර කොටියා සමරයි

මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදි මියගිය කොටි සාමාජිකයන් හා   මියගිය වැසියන් සමරා  දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතාගේ වව්නියාව නිවසේ දී අද (18) පැවැත්විණි.

 ආනන්දන් මහතාගේ නිවස අසළ භද්‍රකාලි කෝවිලට ගොස් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ.

 ආනන්දන් මහතා පැවසුවේ යුද හමුදාව සමඟ යුද ජයග්‍රහණය සැමරීමට ජනාධිපතිවරයාට හැකිනම් පහනක් දල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවට සිහිකිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකියාව ඇති බවයි. පහන් දල්වා වෙල්ලමුල්ලිවයික්කාල් හි මියගිය කොටි සාමාජිකයන්ට ශාන්තිය උදාවේවා යන්න ප්‍රාර්ථනා කළ බව ද ඔහු සඳහන් කළේය.

මන්නාරම  සෙබමාලෙයි අඩිකාලෙයි   හා ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු කිතුනු පූජකවරු විශේෂ යාඥාවක් පැවැත්වූහ.

 දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්,   උතුරු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්, උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානයේ එස්.ශිවමෝහන්, පි.ඉන්ද්‍රරාජා මහත්වරු ද පැමිණ සිටියහ.



අදහස් (0)

ටීඑන්ඒ මන්ත්‍රී වව්නියා ගෙදර කොටියා සමරයි

ධරිත ප්‍රෙමා්ද් Monday, 19 May 2014 08:59 AM

ඇයි මේ වගේ රටට වින කටින අයට මහත්වරු කියන්නේ? (නදී) …

:       0       0

ලුම්බිණි Monday, 19 May 2014 09:08 AM

ආනන්දන් අහපු ප්‍රශ්නයට මොකද්ද ඇත්තටම උත්තරය? (ස)

:       0       0

නිශාන්ත Monday, 19 May 2014 09:38 AM

මොනවා හිතලා සමරන්න ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

භක්ති Monday, 19 May 2014 10:20 AM

මේ සේරම කොටි.(නදී)

:       0       0

සත්‍යපාල Monday, 19 May 2014 10:28 AM

අපි කැමති උනත් නැතත් මියගිය තමන්න්ගේ ඥාතීන් සමරන්න දෙමල ජනතාවට ඉඩදියුතුයි නේද ? සිංහල බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමම නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එහෙම නැතිනම් ජාතියන්තර ප්‍රජාව අපේ රටට අත දාන්න මේකත් හේතුවක් කර ගනියි.(නදී)

:       0       0

කමණි Monday, 19 May 2014 10:48 AM

එන පොට නම් හොඳ නැහැ. දමිල ජනයා වුණත් අද නිදහසේ ඉන්නේ අපේ හමුදාව දිනා දුන් නිදහස නිසා. එහෙම එකේ කොටි සමරනවා වෙනුවට දමිළ ජනයා සමරන්න ඕනෑ ජාතික වීර දිනය රජයත් එක්ක එකතුවෙලා. (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Monday, 19 May 2014 11:06 AM

ආගමික කටයුතු කර මිය ගිය පිරිසට පින් අනුමෝදන් කිරීම හොඳ දෙයක්. වැරදි හෝ නිවැරදි හෝ මොනවා කලත් එ්ගොල්ලනුත් මනුෂ්‍යයෝ. ඒ වගේම මේ වගේ මෝඩ කම් නැවත මතු ආත්මයේදීවත් නොකිරීමට තරම් සිත දියුණු වේවායි ප්‍රර්ථනා කළා නම් තවත් හොඳයි. (නදී)

:       0       0

දසුන් Monday, 19 May 2014 11:28 AM

කවුරු මොනවා කිව්වත් අවුරුදු කිහිපයක් තිස්සේ කළ යුද්ධයක් සමඟ මනස පහසුවෙන් වෙනස් කරන්න අමාරුයි. (නි)

:       0       0

ලලිත් Monday, 19 May 2014 12:01 PM

ත්‍රස්කවාදය පැවති සමයේ ඒ පළාතකට නොගිය අයට ගිය කල! (නි)

:       0       0

විමල් Sunday, 18 May 2014 07:47 PM

මේ අය මන්ත්‍රී වෙලා ඉන්නේ කොටින් නිසා සමරුවට කමක් නෑ (නදී)

:       0       0

සුනිල් රියාද් නුවර සිට Sunday, 18 May 2014 07:50 PM

ප්‍රජාතන්ත්‍රවාදී වල්බුරු නිදහස නිසා තමයි මේ නටන්නේ. මේවට නීතිය ක්‍රියාත්මක කරන්නම බැරිද? (නදී)

:       0       0

ඇන්ටන් Sunday, 18 May 2014 08:09 PM

ආයෙත් පටන්ගන්නද දන්නේ නැහැ නේද ...අපේ බුද්දි අංශය සීරුවෙන් නේද ඉන්නේ .......අනේ අප්පේ ..වැඩ නැතිවට වැඩ ...(අ)

:       0       0

මංජුල Sunday, 18 May 2014 08:29 PM

ඒත් එක්කම හිතල බලන්න පල්ලිය ඉන්නෙ කාත් එක්කද කියල.(අ)

:       0       0

ගයන් Sunday, 18 May 2014 08:34 PM

දක්ෂිණ අදිවේගී මාර්ගය හදන්න ආව දමිල තරුණයන් අත් අඩංගුවට ගත්තනම් සැකපිට මෙහෙම ප්‍රසිද්දියේ නටන අය වෙනුවෙන් නීතිය ක්‍රියා නොකිරීම ගැන මගේ කලකිරීමක් ඇත .කෙසේ නමුත් සිංහල, දමිල,මුස්ලිම්,සියලුම දෙනා සමගියෙන් සිටිනවා දැකීම මාගේ එකම සතුට,කෙසේ නමුත් රටේ බෝම්බ පත්තුකරන්න හදන මිනි මරණ ,රටේ ජනතාවට නිදහසේ ඉන්න නොදෙන ලොකු ලොක්කෝ ඔක්කොම නැතිකරලම දානවනම් මන් කැමතී (අ)

:       0       0

කල්ප Sunday, 18 May 2014 08:46 PM

සැමරුවට කමක් නෑ...ඔය සමරන දේවල් ක්‍රියාවෙන් කරන්න අවොත් ඉතින් වැඩ වරදී මහත්තයෝ .........ප්‍රභා ගිය තැන ඉඩක් වෙන් කර ගන්න වේවි. එහෙමනම්. අහිංසක දෙමළ මිනිස්සුන්ට දැන් වත් වැඩක් කරා නම් නරකද? වසර 30 ක්ම මස් රාත්තල ඉල්ලුව ලැබුනද ? තව නැටුවත් ඔය ටික ම තමා.....සමහර විට ඔය ටිකත් නැති වේවි.(ස)

:       0       0

චමල් Sunday, 18 May 2014 08:54 PM

මුන්ට බයයි නේද? අපිට තමයි ඔක්කොම. (ස)

:       0       0

මනෝජ්-සාජා Sunday, 18 May 2014 08:57 PM

ගෙදර ඇතුලෙ ඕන සැමරුමක්. එළියේ සමරන්න හදල වැඩ වරද්දා ගන්න එපා. (ස)

:       0       0

අරුණ ශාන්ති Sunday, 18 May 2014 08:59 PM

මිය පරළොව ගිය අය සැමරීම මානව අයිතියකි.(ස)

:       0       0

පිටිගල Sunday, 18 May 2014 09:03 PM

ප්‍රජාතන්ත්‍රවාදී වල් බූරු නිදහස නෙවෙයි පාලන අධිකාරියේ තියෙන කොන්ද පණ නැති කම. මන්ත්‍රීවරු විදිහට මේ ගොල්ල අමු අමුවේම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. හෙට කොටි කොඩියත් දමයි. (ස)

:       0       0

සතිස් Sunday, 18 May 2014 09:08 PM

මෙය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද? නැද්ද? දන්නේ නැති නිසයි අහන්නේ. (ස)

:       0       0

ගිරිෙගා්රිස් දමාමිවල සිට Sunday, 18 May 2014 09:21 PM

සුනිල්කට තමයි නියම පුජාතන්තූවාදය කියන්නේ (අ)

:       0       0

අනුර Sunday, 18 May 2014 09:53 PM

මේවට හිත හිතා ඉන්නේ නැතුව සුදුවෑන් සංස්කෘතයෙන් වැඩ පෙන්නලා. නියපොතෙන් කපන්න තියන දේ. පෝරාවට බාර නොකර ඉන්න (අ)

:       0       0

සඳුනි Sunday, 18 May 2014 10:09 PM

ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් සැමරීම නීති විරෝධියි.වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුයි. (අ)

:       0       0

පූර්ණ Sunday, 18 May 2014 10:09 PM

මේ අය මේ ප්‍රදර්ශනය කරන්නේ මේ අයගෙම නිරුවත​.ඒක කලුවරේ සමරන විට නොපෙනෙන නිසා තමයි පහන් දල්වා ප්‍රදර්ශනය කරන්නෙ.ඒකට කලබල විය යුතු නැහැ,කොටියා කව්දැයි හඳුනාගෙන විමසිල්ලෙන් සිටීම වඩාත් යෝග්‍යයි. (අ)

:       0       0

සුනිල් මිලානෝ Sunday, 18 May 2014 11:00 PM

අරුණ ශාන්ති.. යම් රටක නීතියෙන් තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් සමරන්න එම රටේ පුරවැසියන්ට නීතියෙන් ඉඩක් නෑ. ඔය මියගිය අය බණ අහන්න ගිහින් මැරුණේ නැහැනේ. එයාලා කී දෙනෙකුගේ අයිතිවාසිකම් නැති කළාද. අඩු තරමින් ඔබට පුලුවන්නම් ඔබ සිටින රටේ ඇමරිකානු තානාපති කර්යාලයක් ළග බිල් ලාඩන්ගේ පොටෝ එකක් තියල පහනක් දල්වන්න්කෝ ඔය කියන මානව අයිතිවාසිකම් වලට මොකද වෙන්නේ කියා ඔබටම බලා ගන්න පුලුවන්.(ස)

:       0       0

සිරිල් Sunday, 18 May 2014 11:54 PM

ඉහළ තනතුරු දරන අය මොකද කියන්නේ. (ස)

:       0       0

කමල් Monday, 19 May 2014 12:39 AM

පිටරට ඉන්න සමහර දෙමළ ජාතිකයින් හැකි සෑම විටම ලංකාවට විරුද්ධව, විශේෂයෙන් සිංහල ජනතාවට විරුද්ධව වැඩ කරන්න සතුටුයි. ලංකාව ඇතුලේදී සම අයිතිය සහ ජාතික සමගිය හොයනවා, මේ ගැන අධ්‍යයනයක් කර බලන්න. රටින් පිට සිටින කොටි නොවන සමහර දෙමළ ජාතිකයින් හැසිරෙන්නේත් කුහක විදිහට. එවිට ජාතිවාදීන් නොවන සිංහල ජාතිකයින්ටත් ජාතිවාදී නොවීම ගැන කලකිරීමක් ඇතිවෙනවා.(ස)

:       0       0

නඩරාජා Monday, 19 May 2014 01:06 AM

තවමත් කොටි රූකඩ හොල්මන් කරනවා. (ස)

:       0       0

වීරසිංහ Monday, 19 May 2014 01:22 AM

අපේ ආණ්ඩුවේ හිටපු කොටි උප සභාපති වෙලා ඉන්න එක හොදයි. මැරුණු අය සමරන එක වැරදියි. (ස)

:       0       0

ගජමන් Monday, 19 May 2014 02:17 AM

අපිට ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, ඒකාධිපතිවාදය වගේ වෙන රටවල පුස්කාපු ක්‍රම නැතුව වෙන අලුත් ක්‍රමයක් හොයා ගන්ඩ බැරිද? (අ)

:       0       0

සින්ඝපිටිය Monday, 19 May 2014 02:18 AM

උතුරේ සිංහල මිනිස්සු පදින්චිකලනම් හොද නැද්ද ? නැත්නම් හැමදාම ඉතින් මේ ගොන්වදම තම දකින්න වෙන්නේ.(අ)

:       0       0

චන්දන Monday, 19 May 2014 03:47 PM

ජනදිපතිතුමාට කරන්න තියෙන්නේ මියගිය සේරම අය, දෙමල අහිංසක වැසියෝ, නොමග ගිය අහිංසක තරුණයෝ ඇතුළු සැමම සිහි කරලා සමරුව කරන්න.(නදී)

:       0       0

කුමාර Monday, 19 May 2014 10:13 PM

අහිංසක කොල්ලන්න්ට ඇස් එලියට පන්නින්න ගහන පොලීසියේ අය යවන්න යාපනයට (ස)

:       0       0

හිරාන් Monday, 19 May 2014 08:39 AM

මොකක්ද තිබ්බ විශේෂ පුජාව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3848 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2809 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3580 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3270 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 733 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1417 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36126 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site