IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ටෝකියෝ ඔලිම්පික් අවලංගුවන ලකුණු

 

 

කොරෝනා අවදානම හේතුවෙන් මේ වසර මැදදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ජපන් රජයේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිවී ඇති බව එංලන්තයේ ඩේලි මේල් පුවත් පත කියයි.

 

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය වසරකින් කල්දමනු ලැබිණ.

 

මේ වසරේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බැවින් වසර 2032 දී ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමසඳහා ඉල්ලුම් කිරීමට ජපානය සූදානම් වෙයි.

 

කොරෝනා වයිරසයේ බලපෑම තිබුණ නමුත් කෙසේ හෝ ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්විය යුතු බවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ජපන් රජය දැඩි ස්ථාවරයක සිටියේය. එහෙත් වාර්තාවෙන් හෙළිදරව් වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගුකර දැමීමට ජපන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පෞද්ගලික මට්ටමින් එකඟවී ඇති බවයි. මේ වසරේ ක්‍රීඩා උළෙල සංවිධානය කළ නොහැකි බැවින් 2032 ඔලිම්පික් උළෙල සඳහා ඉල්ලුම් කිරීමටද ඔවුහු එකඟ  වී සිටිති.

 

“මේ ගැන ඉස්සරවෙලාම කියන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නෑ.. ඒත් ඒක (ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම) ඉතාම අසීරු තත්ත්වයට පත්වෙලා තියෙන්නේ..”

“පුද්ගලිකවම, මම වුණත් හිතන්නේ නෑ ඕක සිද්ධ වෙයි කියලා” යයි රජයේ ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.

 

කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බෙක් මහතා කියා සිටියේ යොදාගත් පරිදි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විමට කටයුතු යොදාගෙන යන නමුත් ඒ සඳහා විකල්පයක් නැති බවයි.

 

“දැනට, මේ මොහොත වන විට, ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ අවුරුද්දේ ජූලි 23 වැනිදා ටෝකියෝ නුවරදී ආරම්භ නොවෙන්න හේතුවක් අපට පෙනෙන්නේ නෑ. ඒ නිසා තමයි ක්‍රීඩා උළෙල වෙනුවෙන් විකල්පයක් යොදාගෙන නැත්තේ. ක්‍රීඩා උළෙල හැකි තරම් ආරක්‍ෂිතව තියන්න තමයි අපි කටයුතු යොදාගෙන යන්නේ.” යයි තෝමස් බෙක් මහතා ජපානයේ පුවත් පතකට බ්‍රහස්පතින්දා (21) පවසා තිබේ.

 



අදහස් (0)

ටෝකියෝ ඔලිම්පික් අවලංගුවන ලකුණු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 276 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 2028 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 65 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1306 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 2063 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 3333 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1403 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site