IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ටොකු ඇන්නැයි ලක්ෂයක ශරීර ඇප

ගාල්ල මා ගාල්ල අනුලාදේවි බාලිකා විදුහලේ හතර වැනි ශ්‍රේණියේ දැරියකට ශිෂ්‍යාවන් තුන් දෙනකු ලවා ටොකු ඇන්න වූ බව කියන ගලප්පත්තිගේ නිදූෂි මධුෂිකා ගුරුවරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කෙළේය.

දැරියගේ මා පියන් හමුවී මෙම සිද්ධියෙන් ඇයට යම් පීඩාවක් වී ඇත්දැයි සොයා බලන ලෙස මහේස්ත්‍රාත්වරයා ළමාරක්ෂක අධිකාරියට නියෝග කළේය. දැරිය පසුගිය පෙබරවාරි මසයේ  මෙම සිදුවීමට මුහුණ දී තිබේ.



අදහස් (0)

ටොකු ඇන්නැයි ලක්ෂයක ශරීර ඇප

ෆසීර් Thursday, 26 May 2016 02:29 PM

මම හිතන්නේ, මේ ගුරුතුමියව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුයි. නැවත පන්තියක් භාර දීමට පෙර එය කළ යුතුය. එයට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පෙර එය කළ යුතුයි (බ)

:       0       0

සුනිල් Thursday, 26 May 2016 04:05 PM

මේ තැනැත්තිය පුහුණු වන ගුරුවරියක් බව ආරංචියි. එසේනම්, පුහුණුව අත් හිටුවා, පුනරුත්ථාපනය ට යොමුකරන්න. (බ)

:       0       0

සමන් Thursday, 26 May 2016 04:09 PM

තවත් ඉන්නවා මේ ලිස්ට් එකට පරිස්සම් වෙන්න ටීචර් (බ)

:       0       0

අමීරා Thursday, 26 May 2016 04:46 PM

මෙහෙම අයට සෞදි නීතිය අනුව දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සේනක Thursday, 26 May 2016 05:49 PM

මේ ගුරුවරියගේ වරදක් මම නොදකිමි. මොවුන්ට නියමිත පුහුණු පාඨමාලා පවත්වා පරිසරයට ගැළපෙන ආකාරයට ඔවුන්ගේ මානසිකත්වය සකස් නොකිරීමේ වරදයි මේ තියෙන්නේ. මේකට බලධාරීන් වගකිවයුතුයි. පරණ ගුරු විද්‍යාල ටික වසා දැමීමේ කරුමය තමා මේ අත්විඳින්නේ. (නි)

:       0       0

පද්මිණි Thursday, 26 May 2016 06:27 PM

වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කියනවනේ. (නි)

:       0       0

වජිර Thursday, 26 May 2016 07:07 PM

මම හිතනවා මීට වඩා ඉතා සංකීර්ණ කෝණයකින් මේ දෙස බැලිය යුතුයි කියලා. මගේ යෝජනාව නම් සියලු ගුරුවරුන්ට අධ්‍යාපන පරිපාලන උපාධියක් අනිවාර්ය කළයුතුය. මම ඉතා ඉහළින් සෑම විභාගයක්ම සමත් වුණත්, ඉංජිනේරුවෙකු වුණත් මම රටට ආදරෙයි (නි)

:       0       0

විකුම් රංගන Thursday, 26 May 2016 07:12 PM

ටොකු අන්නන්න විතරක් නොමයි, කන් පලන්න ඕනෑ මහා අය ඕනෑතරම් මේ සමාජයේ ඉඳිද්දි මේ ටීචර් ටොකු අන්නලා තියෙන්නේ පොඩි දරුවෙකුටනේ? (නි)

:       0       0

ගයාන් Friday, 27 May 2016 12:13 AM

හදන්න බැරි ළමුන් හදන්න පුළුවන් වුණත් හදන්න දෙන්නේ නැත්නම්, ඒ ළමුන් අතහැරලා දාලා, පාඩුවේ රැකියාව කරන්න. නිකන් ලෙඩ දාගන්න එපා. (නි)

:       0       0

සරසි Friday, 27 May 2016 03:11 AM

අනුන්ගේ පානෙන් එළිය බලා තමන් ඉංජිනේරුවෙක්, විභාගය ඉහළින් සමත් කියලා පම්පෝරි ගහන අයද මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවොත් හොඳයි (නි)

:       0       0

ප්‍රභාෂ් Friday, 27 May 2016 03:24 AM

ගුරුවරුන්ට අඩුම තරමේ ' හරි පුදුම ඉස්කෝලේ' වගේ පොත්වත් කියවලා එන්න කියන්න (නි)

:       0       0

අරුණ Friday, 27 May 2016 03:42 AM

අනේ ගයාන්, ඔය මොනවා දන්නවද ළමුන් ගැන. ගුරුවරයා ටොකු අනිනවා වගේ නොවෙයි ළමයි ටොකු අනිද්දී. ගුරුවරය ටොක්කේ සැර ගැන දැනගෙනයි අනින්නේ. එ්ත් ළමයි අනිනකොට රිද්දන්න අනින්නේ. ඕකෙන් වෙන්නේ ළමයි අතරේ වෛරය ඇතිකරන එක. (නි)

:       0       0

ජයම්පති Thursday, 26 May 2016 10:19 AM

ඒ වගේම දඬුවමක් දෙන්න ඕන මතක හිටින්න (බ)

:       0       0

බන්දුල Thursday, 26 May 2016 10:22 AM

මෙයාට ගුරු පදවිය ගැලපෙන්නේ නැහැ. හොඳයි බන්දනාගාරයට. (බ)

:       0       0

විජේ Friday, 27 May 2016 04:52 AM

අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා (නි)

:       0       0

කමනි Thursday, 26 May 2016 10:25 AM

මෙවන් මානසික රෝග ඇති අයට ගුරුවරුන් ලෙස සිටිමට ඉඩ නොදෙන්න. (බ)

:       0       0

අසෝකා Thursday, 26 May 2016 10:23 AM

පෙබරවාරි මාසේ වෙච්ච මේ වගේ සිද්ධියකටත් තවම හරියට දඩුවම් කරන්න බැරි තරම් හොද මොලය තමයි ලංකාවේ තියෙන්නේ. අවුරුදු 10ක 12ක ළමයෙකුට අනිත් ළමයි ලවා ටොකු ඇන්නම දෙමව්පියන් විතරක් නෙමෙයි අහල පහළ අයටත් ආපදාවක්නේ. මේ අයට ශරීර ඇප විතරක් දුන්නම ඇද්ද? (බ)

:       0       0

අසුන්තා Thursday, 26 May 2016 10:24 AM

ගුරුවරියක් වෙලත් මෙයාට පුංචි දරුවෙකුට මෙහෙම දෙයක් කළයි කියන්නේ මෙයාලා ඉගෙනගෙන තියෙන්නේ මොනවද? (බ)

:       0       0

සමන්ජය Friday, 27 May 2016 04:57 AM

ළමයින්ව හදන්න යන්න එපා. ඉගෙනගන්න එකා ඉගෙනගනී. නැති එකා නෑමයි. ඉස්සර අපි ගුටි කාලා හැදුනට දැන් ළමයින්ගෙ දෙමාපියෝ පිට මිනිස්සු තමන්ගෙ ළමයි හදනවට කැමති නැහැ. ගන්න වැටුපට සාධාරණයක් වෙන්න වැඩ කරලා පැත්තකට වෙලා ඉන්න. හැබැයි තමන්ගෙ ළමයි නම් දඬුවම් කරලා හරි හොඳට හදන්න ඕනෑ. (නි)

:       0       0

මහින්ද Thursday, 26 May 2016 11:43 AM

ඇය ගුරු වෘත්තියට සුදුසු නැත . සදහටම ගෙදර යැවිය යුතුය (බ)

:       0       0

පිටිගල Friday, 27 May 2016 07:17 AM

මෙහෙම අයට ගුරු පත්වීම් දුන්නේ කවුද? (නි)

:       0       0

සුජීව Friday, 27 May 2016 07:43 AM

සරසි, නියමයිනේ ඔයාගේ අදහස් (නි)

:       0       0

වංශනායක Thursday, 26 May 2016 12:42 PM

නියම දඩුවම , ඔක්කොටම කලින් ළමයින්ට උගන්වන්න පුරුදු වෙලා එන්න කියන්න ඕනේ .(බ)

:       0       0

සුමේධ Thursday, 26 May 2016 12:54 PM

මේ අයට ඇප දීලා මදි.(හේ)

:       0       0

අයිරා Thursday, 26 May 2016 12:52 PM

මේ වගේ ගුරුවරුන් මොකක් හරි මානසික රෝගයකින් පෙලනවා වෙන්න පූලුවන්.(හේ)

:       0       0

මගලි ප්‍රනාන්දු Thursday, 26 May 2016 12:59 PM

ඔය මදි හය මාසයක් වත් ඇතුලට දාන්න තිබුනේ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 449 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 50 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 371 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 468 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 684 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site