IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


'ටෝනිගේ සහෝදරකමට කිට්ටුවෙන්න කාටවත්ම බෑ'

2017-01-06-ent-12

චණ්ඩියා, පරසතුමල්, සොඳුරු යුවළ, දෙමෝදර පාලම, අඹ යහළුවෝ වැනි පේ‍්‍රක්‍ෂක හදවත් තුළ ලැගුම්ගත් චිත‍්‍රපටය හා ටෙලිනාට්‍ය රාශියකට සම්බන්ධ වී පේ‍්‍රක්‍ෂක ආකර්ෂණය බෙහෙවින් දිනාගත් ප‍්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි අනුලා කරුණාතිලක. 1962 දී සිනමාවට සම්බන්ධ වී ගම්පෙරළියේ ලැයිසාට පණදුන් ඇය රූප සුන්දරී තරඟයකදී සුරූපීම තරුණිය සේ අභිෂේක ගැන්වීම ඇයගේ රංගනයට පිවිසීමට මූලික අඩිතාලම විය.

කලා ක්‍ෂේත‍්‍රයේ ඇය පෙම් බැඳි තරු ගැන කතා කරන්නට මෙවර ‘‘තරු පෙම් කළ තරු’’ විශේෂාංගය වෙන්වෙයි.

 

2017-01-06-ent-14ඔබ කුඩා කළ පෙම් බැඳි රංගන ශිල්පියා කවුද?

හර්බට් එම්. සෙනවිරත්න.

 

ඔහුට පෙම්බැඳි හේතුව කිව්වොත්?

ඔහු රඟපෑ චිත‍්‍රපටවලට මම ගොඩක් කැමතියි. පොඩි කාලෙ ඉඳන්ම ඒ චිත‍්‍රපට මගේ මනසෙ තිබුණා. ඒ වගේම මම ඔහුගෙ කතා විලාසයට ගොඩක් කැමතියි. දැන් ඉන්න අයට වඩා ඔහු කතා කරන විදිය ගොඩක් වෙනස්. හරිම පි‍්‍රයමනාපයි. ඒ නිසාම පොඩි කාලේ ඉඳන්ම ඔහුට තමයි පෙම් බැන්දෙ.

 

එතකොට ඉන්දියාවෙ නළුවන්ගෙන් පෙම් බැන්දෙ කාටද?

මම ගොඩක් කැමති රාජේන්ද්‍ර කුමාර්ට, ඔහුගෙ රඟපෑම හරි විශිෂ්ටයි. ඒ වගේම ඒ රඟපාන විදියටත් මම ගොඩක් කැමතියි. හරි ආකර්ශණීයයි.

 

ඔබ නිළියක් වුණාට පසුව පි‍්‍රය කළ රංගන ශිල්පියා කව්ද?

මම වඩාත්ම කැමති ගාමිණී ෆොන්සේකාට තමයි.

 

ඇයි ඒ ?

මුල් දවස්වල මම කැමති හර්බට් එම්. සෙනවිරත්නට විතරයි. ඊට පස්සෙ ගාමිණී ෆොන්සේකා මගෙත් එක්ක රඟපෑවා. ‘‘චණ්ඩියා’’ චිත‍්‍රපටයෙ. ඊට කලින් ගම්පෙරළිය චිත‍්‍රපටයට තෝරාගද්දී මුලින්ම ඔහු තමයි මට කතා කළේ දෙබස් කියන්න. ඒකත් මගේ ඔළුවෙ තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඔහු තමයි මම කැමතිම නළුවා.

 

ඔහු එක්ක කොයිතරම් චිත‍්‍රපට සංඛ්‍යාවක රඟපාලා තියෙනවද?

මම වැඩිපුර චිත‍්‍රපට ප‍්‍රමාණයක රඟපාලා තියෙන්නෙ ඔහුත් එක්ක තමයි. ඉස්සෙල්ලම චණ්ඩියා, පරසතුමල්, සීතල වතුර, පරා වළළු, මී මැස්සෝ, යකඩයා වගේ චිත‍්‍රපට ගණනාවකම මම ඔහු එක්ක රඟපෑවා.

 

ඔබ දකින විදියට ඔහුගෙ තිබුණු හොඳම ගතිගුණය මොකද්ද?

අපි රඟපෑම්වල නියැළෙද්දී කොයිතරම් වැරදි වුණත් ඔහුට කවදාවත් තරහ යන්නෙ නෑ.

හරියට දෙබස් කියන්න. ඒවා උච්චාරණය කරන්න. ඒ හැමදේටම පුළුවන් තරම් උදව් කරනවා. ඇත්තටම මගේ රංගන පාසල සහ මගේ ගුරුතුමා වුණේ ඔහු තමයි.

 

ගාමිණී ෆොන්සේකා පුද්ගලයෙක් විදියට කොහොම කෙනෙක්ද?

ඇත්තටම පුද්ගලයෙක් විදියට හොඳ ගුණ ගරුක මනුෂ්‍යයෙක්. මට හරි ආදරෙයි. සහෝදරියකට වගේ මට සැලකුවෙ සහ ආශ‍්‍රය කළේ. බොහොම විහිළුවෙන් තහළුවෙන් හිටියා. මම පොඩි නිසා එගොල්ලො මාත් එක්ක නොමනා විදියට විහිළු තහළු කරන්නෙත් නෑ. ඇත්තටම හොඳ සහෝදරයෙක්. ඔහුගෙ ගතිගුණවලට තමයි හැම කෙනෙක්ම ආදරේ කළේ.

 

සිනමාවේ වැඩිපුරම ඔබේ ආදරවන්තයා වුණේ කවුද?

ඒත් ගාමිණි ෆොන්සේකා මහත්මයා තමයි. ඔහු තමයි වැඩිපුර මගේ ආදරවන්තයා වුණේ.

 

ඒ කරපු චිත‍්‍රපටයක ගීත ජවනිකාවක් එහෙම මතක නැද්ද?

ඔහුත් එක්ක මම චිත‍්‍රපටවල සින්දු කියලා නෑ. එක තැනක් තියෙනවා ඔහු මට සින්දුවක් කියන. ඇත්තටම කිව්වොත් මම රඟපාපු චිත‍්‍රපටවල මල් ගස් වටේ දුවන සින්දු තිබුණෙ නෑ.

 

2017-01-06-ent-13

පුංචි තිරයෙ ඔබ කැමති රංගන ශිල්පියා ගැන කිව්වොත්?

මම කැමතියි ටෝනි රණසිංහට. මම ඔහුත් එක්ක රඟපාලත් තියෙනවා. ඒ අලූත් ගෙදර ටෙලිනාට්‍යයේ. මම ඔහුගෙ රඟපෑමට ගොඩක් කැමතියි. ඒ වගේම හරි විනෝදකාමී ආදරණීය නළුවෙක්. ඔහු මැරෙන්න සතියකට කළිනුත් මට කතා කළා. නිතරම හොයලා බලන කතා බහ කරන කෙනෙක් තමයි ටෝනි රණසිංහ, ඒ සහෝදරකමට කිට්ටු වෙන්න කිසි කෙනෙකුට බෑ.

 

ඔබ කැමතිම ගායකාය කවුද?

ඉස්සර මම කැමතියි සුසිල් පේ‍්‍රමරත්නට. ඔහු රුක්මනී දේවි එක්ක සින්දු කියනවා. අහන්න මම හරිම ආසයි. ඔහුගෙ කැමතිම ගීතයක් වුණේ ‘‘මනහර ගීත ගයලා සනසනු මා පෙම්පාලා’’ ගීතය. මේ ගීතය කියන්නෙත් රුක්මනී එක්ක. තවත් ඔහුගෙ කැමති ගීත ගොඩක් තියෙනවා.

 

තරුණ පරපුරේ ඉන්න පිරිසගෙන් කැමතිම ගායකයා ගැන කිව්වොත්?

මම කැමතියි කසුන් කල්හාරට. ඔහුගෙ,

කව්ලූ පියන්පත් වහන්න

සදළු තලාවේ...

ඔබ දුරයි නෙතට මා සිටිනා

ළවැලි තලාවේ...

ගීතයට ගොඩක්ම කැමතියි.

 

ධනු විජේරත්න

 

2017-01-06-ent-11
2017-01-06-ent-10



අදහස් (0)

'ටෝනිගේ සහෝදරකමට කිට්ටුවෙන්න කාටවත්ම බෑ'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1318 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2342 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1026 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9561 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3590 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site