මතුගම බස් නැවතුම්පොළේදී ටිපර් රියකට යටවී වයස අවුරුදු 14ක සිසුවෙක් මරුමුවට පත් විය.
ඔහු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ සිසුවෙකි.
අනතුරින් පසු පළා ගිය බව කියන ටිපර් රිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටිපරය සිසුවා බිලි ගනී
දිල්හානි Monday, 29 July 2013 05:16 PM
ලංකාවේ නීතිය බිඳ වැටි ඇති බව නම් සහතිකයි. (නි)
ජනක Tuesday, 30 July 2013 08:07 AM
පදිකයින් තමන්ට ඕනෑ ඕනෑ විදිහට පාර මාරු වෙනවා. කහ ඉරේ යන්නෙත් තමන්ට ඕනෑ විදිහට. මේවා තමයි නවත්වන්න ඕනෑ. (නි)
පියල් Monday, 29 July 2013 11:45 PM
මේ ටිපර් වලින් දැන් අනතුරු කිහිපයක්ම සිදුවුණා. ටිපර් වලට රාත්‍රී ධාවනයට පමණක් නීතියක් ගෙන එන්න (නි)
පේමතිලක පෙරමුණ Monday, 29 July 2013 11:47 PM
නගරය මැද පාසැල් ඇරුනු වෙලාවේ ප්‍රවේශමෙන් ධාවනය කළ යුතුමයි. පාසැල් ළමයින්ට මාර්ග නීති ගැන තව තවත් අවබෝධයක්ද ලබා දිය යුතුයි. එක පැත්තකට විතරක් වැරදි කියන්නත් බැහැ (නි)
පිටබැද්දර ජයා Monday, 29 July 2013 02:52 PM
90% රියදුරාගේ වරද. මෙවන් අනතුරු වළක්වා ගන්න පුළුවන් (නි)
නිමල් Tuesday, 30 July 2013 10:52 AM
මග මරුවන් ගැන අදහස් දක්වලා එපා වෙලා. මේ වගේ අයට රැකියාව කරන කාලයේ දුන් දඬුවම් ගැන සිතමින් සතුටු වීම මෙහි අදහස් දක්වනාවට වඩා වටිනවා. (නි)
පාලිත කුමාර Monday, 29 July 2013 02:58 PM
මේ ප්‍රශ්නය දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා (දී)
උපාලි Monday, 29 July 2013 03:21 PM
අනතුරක් වුනාම වාහනය වටකරගන්න පුද්ගලයෝ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව රියදුරාට ගහල වාහනෙත් ගිනිතියන එක සිරිතක් කරගෙන. නීතියෙන් කියන්නේ නම් වහනය නවත්වා තුවාල කරු වහාම රෝහලට ගෙනියන්න කියලයි. ඒත් කවුද වාහනේ නවත්තල ගුටි කන්න සුදනම්වෙන්නේ? මිනිස්සු හැමතැනම හැම සුළුදේකටම නීතිය අතට ගන්නා බව දැන් දැන් පේනවා. ඒක සාධාරණීකරණය කරන පිරිසකුත් ඉන්නවා. පොලිසියටයි ආණ්ඩුවටයි බැණ බැණ අපේ පරිහානිය අපිම ඉක්මන් කරගන්න බව නම් පැහැදිලියි. (දී)
ගීත් Monday, 29 July 2013 03:55 PM
බොහෝ ටිපර් රථ රියදුරන් නොසැලකිලිමත් ලෙස තමා වාහනය ධාවනය කරන්නේ. ඔවුන්ගේ වාහනය විශාල නිසා පාරේ යන අනෙක් අය කාණුවට බහින්න ඕන කියල තම හිතන්නේ. (දී)
සත්‍යා Monday, 29 July 2013 04:36 PM
ගීත් ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත. මීගමුව කිඹුලාපිටියේ මම ඉන්නේ, බොරළු අදින ටිපර් රියදුරන් අමුනුශ්ෂයෝ වෙලා. මාවත් කීප විටක් මොවුන් හින්ද මැරෙන්න ගියා. පොලිසියට මෙයාලා පගාව දීලා අපි ගැන කිසිම තැකීමක් නෑ.(ස)
චින්තක Monday, 29 July 2013 08:33 PM
මෙහෙම අනතුරු වෙන්නේ රියදුරාගේම වරදින්ම නොවේ මග තොට යන පදිකයින් මෙයිට වඩා සැලකිලිමත් විය යුතුයි බොහෝ විට කහ ඉර හරහා පාර මාරු වෙන විටදී පදිකයින් හිතන්නේ ඒක එයාලගේ කියලයි කොහොම කොතනින් පාර මාරු වුනත් පාරේ ගියත් එම මාවත ඔබ කිසිවෙකුට අයිති නෑ අවශ්තාවය සදහා ඉක්මනින් පාර මාරු වෙන්න එක හැමටම හොදයි අනතුරු අවම කරගත හැක (අ)