IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ටොප් මොඩ්ල් කෙනෙක් වන හිනයක් තියෙනවා

2016-12-06-ent-96

නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රය පිවිස චිත්‍රපටයක් සඳහාද දායක වී තමන්ගේ ගමන පිළිබඳව දැඩි අවබෝධයකින් සිටින ඇය දිලිනි අත්තනායක වේ. ඇගේ ඉදිරි කටයුතු සහ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-12-06-ent-92මම දිලිනි අත්තනායක. මම ඉන්නේ මහරගම

 

නිරූපණයට එකතු වුණේ කොයි කාලේද?

මම නිරූපණයට ඇවිල්ලා වැඩිකාලයක් නැහැ.

 

මේ දවස් වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. ෂූට්වලට ගොඩක් අය කතා කරනවා. ළඟදී ෂූට් වගයක් කළා. දැන් ඒ ටික හිට් වේගෙන යනවා වගේ. ඊට අමතරව මියුසික් වීඩියෝ ටිකකට කතාකරලා තියෙනවා. ඒ ටිකත් බාර අරගෙන තියෙනවා. මම දායක වුණු වීඩියෝවක් මේ දිනවල එළිදක්වලා තියෙනවා.

 

කරපු වැඩ ගැන කිව්වොත්?

මම එරංග සේනාරත්නගේ ‘නෝනා හරි වසයි’ හාස්‍ය චිත්‍රපටය සඳහා අප්‍රේල් මාසේ දායක වුණා. මම ඉස්සෙල්ලාම කළේ පරාක්‍රම ඒකනායක සර්ගේ ‘සයිබර් ක්‍රයිම්’ එකේ චරිතයක් සඳහා දායක වෙන්න අවස්ථාවක් හම්බවුණා. ඒක මට අරන් දුන්නේ අරුණ ජයවර්ධන. ඊට පස්සෙ චතුර අයියගේ මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබුණා.

 

දායක වුණු පැජන්ට් එක ගැන කිව්වොත්?

පැජන්ට් එකේ ටොප් 10 වලින් 7 තමයි මගේ ස්ථානය ලැබුණේ. පසුතැවෙන්නේ නැහැ. මොකද ඒ මගේ ජාත්‍යන්තර පළමු පැජන්ට් එක. ලබන අවුරුද්දේ පැජන්ට් එකට යන්න ලෑස්ති වෙනවා. ඒ සඳහා හොඳටම දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. දෙසැම්බර්වල ඉමායාගේ ෂෝ එකක් තියෙනවා. ඒක කරන්නේ ආධාර පිණිසයි. ඒ සඳහා දායක වෙලා ඉන්නවා.

 

පළමු ජාත්‍යන්තර තරගයේ අත්දැකීම ගැන කතා කළොත්?

ජාත්‍යන්තර තරගයක් සඳහා මුහුණ දෙන්නේ කොහොමද? ඒ අයත් එක්ක හැසිරෙන්නේ කොහොමද? මේ පිළිබඳව ගොඩක් අත්දැකීමක් ලැබුණා. මොකද අපි හැම රටක් එක්කම එකට ඉන්න ඕනා. මායි පියුමි අක්කි ලංකාවෙන් ගියා කියලා අපි දෙන්නටවත් එකට ඉන්න හම්බුණේ නැහැ. කෑම කද්දී, කාමරයේ ඉද්දී හැමදේම බෙදා හදාගෙන කටයුතු කරන්න තිබුණා. එවැනි දේවල වලට ලකුණුත් ලබා දුන්නා.

 

අප රටට සාපේක්ෂ්ව එහිදී නිරූපණයට තිබෙන තැන?

අපේ රටට වඩා එයලා Body Maintain වගේ දේවල පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනවා. පිටරට අය පුදුම ලස්සනක් තියෙන්නේ. මම දකින විදිහට ලංකාවේ නිරූපිකාවන්ගේ ලොකු සැලකිල්ලක් නැහැ කියලා තමයි හිතෙන්නේ.

 

නිරූපණයට ලොකු පිළිගැනීමක් නැහැ නේද?

ඒ පැජන්ට් එකේදී මගේ බිකිනි ෆොටෝස් වගයක් එළියට ආවා. ගොඩක් අය ඒ දේ විවේචනය කළා. නමුත් ඒ ජාත්‍යන්තර තරගයක් එවැනි දේවල් තියෙනවා. අපිට බිකිනි එකකින් තරගයක් තියෙනවා නම් ඒ සඳහා වෙනම ඇඳුමකින් දායක වෙන්න බැහැනෙ. අපි ඇඳුමක් ඇන්දොත් කතාවක් කියනවා. නිරූපිකාවක් වුණාම අපිට ලැබෙන ඇඳුම් අඳින්න ඕනානේ. නිරූපිකාවක් සඳහා නිරූපණය කියන්නෙත් ක්ෂේත්‍රයක් මේ දේ පිළිබඳව හැමදෙනාම හොඳට තේරුම් ගන්න ඕනා කියලයි මගේ අදහස.

ඉස්සර ඉන්දියාවේ චිත්‍රපට සම්ප්‍රදායිකව නිර්මාණය වුණු ඒවා. නමුත් දැන් ඉන්දියානු චිත්‍රපට ගත්තත් ඒ අය ජාත්‍යන්තර මට්ටම ඇවිල්ලා ඉවරයි. ලංකාවේ ඒ වගේ චිත්‍රපටයක් කළොත් ලංකාවේ නිළිය පාරේ ගිහිල්ලත් හමාරයි.

 

ඉදිරි බලාපොරොත්තු?

 

මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ලංකාවේ ටොප් මොඩල් කෙනෙක් වෙන එක. මම හිතනවා මගේ සිහිනය ගොඩක් ඈත නැහැ කියලා.

 

වෘත්තීමය නිරූපිකාවක් වෙන්නද බලාපොරොත්තුව?

ඔව් අනිවාර්යයෙන්ම.

 

එවැනි වාතාවරණයක් උදාවෙලාද තියෙන්නේ?

ඔව් මම හිතනවා. මං ඒ සඳහා අවශ්‍ය දේවල් ටිකෙන් ටික හදා ගනිමින් තමයි ඉන්නේ.

 

රංගනයට අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා. මම රංගන සඳහා මහේන්ද්‍ර අයියාගේ ක්ලාස් එකට පවා ගියා සහ කාල වේලාව ලැබුණාම යනවා. මම ඉගෙන ගෙන දෙයක් කරන්න කැමතියි. මම වෙනස් දෙයක් කරන්න කැමතියි. ඉදිරියේදී බලමු.

 

මතක් කරන්න පිරිසක්?

මට උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි කියනවා. මම පළවෙනි මියුසික් වීඩියෝව කළේ චතුර අයියගේ. ඒක මේ දවස්වල ප්‍රචාරය වෙනවා. මට හිතෙනවා දැන් ටික පිරිසක් හරි මාව දන්නවා කියලා. ඉතිං මට මේ තැනට එන්න උදවු කරපු හැමෝටම ස්තූති කරනවා. මාව පැජන්ට් එකට එක්කන් ගියේ විශ්ව පෙරේරා. එයටත් ස්තූති කරනවා. අම්මලා මට ගොඩක් උදව් කළා මේ තැනට එන්න. එයාලටත් ගොඩක් ස්තූති කරනවා. හැමෝටම ස්තූති කරන්න කැමතියි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පසන් සෙනවිරත්න, දිලිනිගේ ෆේස්බුක් ගිණුම

 

2016-12-06-ent-95
2016-12-06-ent-94
2016-12-06-ent-93
2016-12-06-ent-91
2016-12-06-ent-90
2016-12-06-ent-89
2016-12-06-ent-97
2016-12-06-ent-98
 



අදහස් (0)

ටොප් මොඩ්ල් කෙනෙක් වන හිනයක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2890 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 503 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 753 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2733 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3565 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1935 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site