IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ටියුනීසියා ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේදී අනූෂාට රන් පදක්කමක්

ටියුනීසියාවේදී පැවැති අන්තර්ජාතික කාන්තා බොක්සිං ශූරතාවලියේ කිලෝග්‍රෑම් කි.ග්‍රෑ. 48 ලයිට් ෆ්ලයි බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත්වුවාය. අනුෂා අවසන් තරගයේදී පින්ලන්තයේ ක්‍රීඩිකා ලොයිකනින් ලොට්ටා සමග තරග කළාය. තරගයේ පළමු වටයේදීම අනුෂාගේ පහරවල් පින්ලන්ත ක්‍රීඩිකාවට දරාගැනීමට නොහැකි බව තේරුම්ගත් තීරකවරයා තරගය නතර කිරීමට පියවර ගත්තේය. අවසන් පුර්ව තරගයේදී ටියුනීසියානු ක්‍රීඩිකා මාලෙක් විතානි ලකුණු 14/4 කින් පරදවා අනුෂා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය. බොක්සිං ක්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන පින්ලන්තයේ මෙම ක්‍රීඩිකාව ලෝක ශූරතාවලිවලට සහභාගිවෙමින් දස්කම් දැක්වු ක්‍රීඩිකාවක් ද වේ. තරගාවලියට සහභාගි වු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනා වන සිතාරි සඳරේඛා සහ ශිරෝමාලි වීරරත්න ද ලෝකඩ පදක්කම් දිනාගත්හ. තරගාවලියට ඊජිප්තුව, හංගේරියාව, පෝලන්තය, පින්ලන්තය, සර්බියාව, ඇල්ජීරියාව යන රටවලින් ක්‍රීඩිකාවෝ සහභාගිවුහ.  



අදහස් (0)

ටියුනීසියා ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේදී අනූෂාට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 0 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 7 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 263 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 360 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 314 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 812 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39461 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site