උණ්ඩ හයක් ස්වයංක්‍රීව නිකුත් කළ හැකි ගල් කටස් අවියක් හංවැල්ලේ ගමක වැලිගොඩක් අස්සෙන් සොයා ගත් පොලිසිය ටයිල් බාස් කෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
බිරියත්, නැන්දම්මාත්, තව කෙනකුත් මරා දැමීම සඳහා ඔහු තුවක්කු බාස්ලා තිදෙනකුගේ සහායෙන් මේ තුවක්කුව හදවාගෙන ඇතැයි ද, ඒ සඳහා රුපියල් 1500ක් පමණ ඔහුට වැය වී ඇතැයි ද කියති.
මෙවැනි අවියක් තමන් දුටු පළමු වැනි අවස්ථාව මෙය බව ද පොලිසිය කියයි.
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්
ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටයිල් බාස්ගෙ මාරක නිෂ්පාදනය වැලි ගොඩ අස්සේ
බමුණු Thursday, 03 October 2013 05:32 PM
රුපියල් 1500 ක්? ඉතුරු ටික ලියලා වැඩක් නැත (නි)
සදුනි Thursday, 03 October 2013 05:51 PM
මොහු මෙය වැරදි දෙයකට යොදා ගත්තේ නම් දඩුවම් දිය යුතුයි.නමුත් මේ තාක්ෂණික ඥානය රටේ ආරක්ෂක අංශ සදහා යොදා ගන්න උත්සාහ ගන්නවා නම් කොතරම් අගෙයිද..? (නි)
ටිරෝන් Thursday, 03 October 2013 01:04 PM
අපරාදේ මේ මනුස්සයා යුද්දෙ කාලෙ අහුනූනේ (නි)
අමිල කටුනායක Thursday, 03 October 2013 01:06 PM
ඒක වැලිකටස් එකක් (නි)
මඩු Thursday, 03 October 2013 06:05 PM
සදුනි මේ පළවෙනියා නෙමෙයි.මේ වගේ නිෂ්පාදන කරපු තව කී දෙනෙක් හිටියද? එයාලා ජීවතුන් අතර ඉන්නවද දන්නෙත් නැහැ.අනේ මන්දා ඒකයි අපේ රටේ වෙනස. (නි)
වන් ෂොට් Thursday, 03 October 2013 01:10 PM
රුපියල් 1500 කට මෙවැනි අවියක් සැපයූ කෙනා හොයලා උදවු කරලා තාක්ෂණය සපයලා හොඳ වැටුපක් ලබාදී, අඩුමුදලට පොලිසියට සහ හමුදාවට අවශ්‍ය අවි නිපදවීමේ කර්මාන්ත ශාලාවක් දමන්න (නි)
දුමින්ද Thursday, 03 October 2013 01:12 PM
මෙය නිර්මාණය කළ තැනැත්තාගේ හැකියාව යොදාගමු රටේ දියුණුවට. (නි)
කුමාරි Thursday, 03 October 2013 01:13 PM
ඕක නිර්මාණය කළ කෙනාට ලක්ෂ 10ක විතර තෑග්ගක් දෙමු (නි)
ද සිල්වා බෙර්ලින් Saturday, 05 October 2013 12:09 AM
යකඩ බට ටිකක් එක මිටියට පාස්සලා මිටකුත් පාස්සලා ඒකට වයර් ටිකක් අමුණලා බැටරි කෑල්ලක් සවිකළාට මේක පිස්තෝලයක් වෙන්නේ නැහැ. කවුරුහරි ගිනිඅවි පිළිබඳ දැනුමක් තිබෙන කෙනෙකුට කියලා පරික්ෂා කරලා බැලුවා නම් හොදයි නේද? (නි)
නීල් රණා Thursday, 03 October 2013 01:22 PM
අපි නම් දැනගෙන හිටියේ බැරල් දෙකේ තුවක්කු ගැන විතරයි. නමුත් දැන් බලනකොට බැරල් හයේ ඒවත් මෙහෙම හදනවනෙ. චීනෙට ආවඩමින් චීන්නුන්ගේ සපත්තු ලෙවකන්න බලාගෙනම ඉන්නේ නැතුව ලංකාවේ නිර්මාණශීලී දක්ෂ මිනිසුන්ගෙන් ප්‍රයෝජනයක් ගතයුතුයි. (නි)
රන්ජා Thursday, 03 October 2013 01:36 PM
රුපියල් 1500 තුවක්කුවක්... ඒකත් බට 6 එකක්... වහාම ඔහුව රජයේ අවි නිෂ්පාදක ලෙස පත් කරන්න (නි)
නලින් Thursday, 03 October 2013 02:07 PM
මේ වගේ මිනිස්සුන්ගෙන් මීට වඩා හොද නිෂ්පාදන හදාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. හිරේට දානවට වඩා වැදගත් (නි)
සජී Thursday, 03 October 2013 08:13 PM
අනේ මන්දා මෙතන ප්‍රතිචාර දමන අය ඔහේ කියවල බලන් නැතුව අදහස් දමනවා.. අවිය කොහොමද කියලා දැකලවත් නැතුව.. උණ්ඩ 6ක් ස්වයන්ක්‍රීයව කියලා තිබුනාට එකවර නිකුත්කරනවා කියලා නැහැ, T 56 අවියටත් උණ්ඩ 30ක් ස්වයන්ක්‍රීයව නිකුත්කරන්න පුළුවන් එත් ඒ එකවර නෙමේ. මමනම් හිතන් නැහැ මේක ඒ වගේ දියුණු අවියක් කියලා, රුපියල් 1500කට අපි හිතන තරම් දියුණු අවියක් නිපදවන්න බැහැ, මෙම අවිය ප්‍රථමික තාක්ෂණයෙන් යුතු අවියක් වියයුතුයි නිසැකවම.(අ)
චූටි පුතා Friday, 04 October 2013 10:13 AM
ඔබට අවශ්‍යය ඕනෑම ප්‍රමාණයක ගිනි අවි පහසු මිලට. භාවිතය සඳහා උපදෙස් නොමිලේ (නි)
අසෝක Thursday, 03 October 2013 02:26 PM
මේවා හදන්න මොළය තියෙන මිනිසුන්ට ඒ මොළය යොදවලා යහපත් වැඩක් කරන්න සිත් දේවා! (නි)
චාන් Thursday, 03 October 2013 02:34 PM
වියදම රු,1500යි, මෙවන් අයව අභාවයට යානොදී රැකගෙන රටට සේවය ලබාගත යුතුය. (නි)
නිල් රනා Thursday, 03 October 2013 10:03 PM
සජී, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා. ස්වයංක්‍රීය තුවක්කුවක් හැදුවනම් බැරල් හයක් ඕනෙ වෙන්නේ නැහැ, එක බැරල් එකයි අවශ්ය. අනික එක සැරේට උන්ඩ හයක් යවන්නේ මොන මෝඩයද. නමුත් අවශ්යනම් මෙය හැදූ කෙනාට එවැන්නක් වුවත් කළ හැකියි. රුසියානු ඒ. කේ. 47 මැෂීන් ගන් එක නිර්මාණය කලෙත් යුද්දෙදි තුවාලවී රෝහල් ගතවූ සාමාන්ය සෙබලෙක්. හංවැල්ලට ඉස්සර කිව්වේ ගුරු බැවිල කියල. සීතාවක රාජසිංහ රජු වෙනුවෙන් කොඩිතුවක්කු, කාලතුවක්කු හදපු දක්ෂ කාර්මිකයන්ගෙන් පැවත එන පරම්පරාවල් තවමත් මෙහි සිටිනවා. ඒවිතරක් නෙමෙයි, මායාදුන්නේ රජු තැනූ ආරක්ෂක දිය අගල් සහිත කොටුව හෙවත් කෝට්ටේත් තවමත් හංවැල්ලේ තිබෙනවා. එහි ඉංග්‍රීසි හත්වන එඩ්වර්ඩ් රජු සිටවූ කොස් ගසත් සෙල්මුවා ආසන දෙකත් අදත් ජීවමානයි.
නිල් රනා Thursday, 03 October 2013 10:03 PM
සජී, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා. ස්වයංක්‍රීය තුවක්කුවක් හැදුවනම් බැරල් හයක් ඕනෙ වෙන්නේ නැහැ, එක බැරල් එකයි අවශ්ය . අනික එක සැරේට උන්ඩ හයක් යවන්නේ මොන මෝඩයද. නමුත් අවශ්‍ය නම් මෙය හැදූ කෙනාට එවැන්නක් වුවත් කළ හැකියි. රුසියානු ඒ. කේ. 47 මැෂීන් ගන් එක නිර්මාණය කලෙත් යුද්දෙදි තුවාලවී රෝහල් ගතවූ සාමාන්ය සෙබලෙක්. හංවැල්ලට ඉස්සර කිව්වේ ගුරු බැවිල කියල. සීතාවක රාජසිංහ රජු වෙනුවෙන් කොඩිතුවක්කු, කාලතුවක්කු හදපු දක්ෂ කාර්මිකයන්ගෙන් පැවත එන පරම්පරාවල් තවමත් මෙහි සිටිනවා. ඒවිතරක් නෙමෙයි, මායාදුන්නේ රජු තැනූ ආරක්ෂක දිය අගල් සහිත කොටුව හෙවත් කෝට්ටේත් තවමත් හංවැල්ලේ තිබෙනවා. එහි ඉංග්‍රීසි හත්වන එඩ්වර්ඩ් රජු සිටවූ කොස් ගසත් සෙල්මුවා ආසන දෙකත් අදත් ජීවමානයි. (දී)
ගජබා Thursday, 03 October 2013 03:51 PM
ටයිල් බාස්ලා ටයිල් වල හිල් විදින්න පාවිච්චි කරක යන්ත්‍රයක්ද කොහෙද... (ස)