IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ටියුෂන් ගුරුවරයාගෙන් ප්‍රශ්න කරන්න යයි

(තරිඳු ජයවර්ධන)

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් කළ පැමිණිල්ල ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ එම පරීක්ෂණ පැවැත්වේ.

අත්පත්‍රිකාව බෙදා හැරි බව කියන ටියුෂන් ගුරුවරයා එහි සඳහන් පරිදි සත්‍ය වශයෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක් විභාගය පෙර ලබා දී ඇත්දැයි සොයා බලන බව පොලිස් ප්‍රකාශකයෙක් කීවේය. එම ගුරුවරයාගෙන් ද මෙම සිද්ධිය ගැන ප්‍රශ්න කිරීමට නියමිතය.

ප්‍රශ්න පත්‍ර පිටවීයැයි කියන සිද්ධිය ගැන වැඩි විස්තර දන්නා ඕනෑම කෙනකුට පොලිසියට ගොස් විස්තර ලබා දිය හැකි බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

 



අදහස් (9)

ටියුෂන් ගුරුවරයාගෙන් ප්‍රශ්න කරන්න යයි

ravin Sunday, 20 August 2017 02:02 PM

අවුරුදු ගණනක් ටියුෂන් ගුරුවරු අධ්‍යාපන ඇමති හා නියෝජ්‍ය ඇමති ධුර ඉසිලීමේ ප්‍රතිඵලයකි.

:       3       140

Siri Perera Sunday, 20 August 2017 03:12 PM

විභාගයක ප්‍රශ්න අනුමාන කරන්න බැරිනම් ඒ ටියුෂන් ගුරුවරයාගෙන් ඇති වැඩේ මොකක්ද?

:       123       586

පුෂ්පාSunday, 20 August 2017 10:23 PM

හරියට හරි. මමත් කියන්න හැදුවේ ඒ ටිකම තමයි.

:       0       0

GayanSunday, 20 August 2017 11:34 PM

හරියට හරි .... නියම ගුරුවරයට ප්‍රශ්න අනුමාන කරන්න පුළුවන් කාලගුණය, ආර්ථිකය, දේශපාලනය අනුමාන කරන්ඩ පුළුවන් නම්, මේකත් මහා වැඩක්ද? අනුමාන කිරීම සහ ප්‍රශ්න පත්‍ර පැන්නීම කියන්නේ දෙකක්

:       0       148

Nuwan Sunday, 20 August 2017 04:04 PM

විභාග ප්‍රශ්නපත්‍ර හදන මහාචාර්යවරු කරන්නේ එම විෂයට අදාළ එක්තරා පොත් සෙට් එකකින් අදාළ ප්‍රශ්න කොපි කරගන්න එක... ඕක අද ඊයේ දෙයක් නොවේ. මේ ප්‍රශ්න ටික ඔවුන් නිර්මාණය කරනවා නොවේ. ඉතින් හොඳ මීටරයක් තියන ගුරුවරයෙකුට පුළුවන් එන ප්‍රශ්න අනුමාන කරන්න. හොඳට ප්‍රශ්න එන රටාව අධ්‍යයනය කරලා, අපි උසස්පෙළ කළ කාළෙත් ඔය වගේ සිද්ධි වුණා.

:       213       853

පුෂ්පකුමාර Sunday, 20 August 2017 07:12 PM

හොරට කැම්පස් යන අයව ටියුෂන් වලට විරුද්ධ නොවන හේතුව දැන් තේරෙනවා නේද?

:       0       1

Appuhami Sunday, 20 August 2017 08:14 PM

අපේ විභාග රටාවේ තියෙන දුර්වල තැන් වලට සිසුන් ගුරුවරු පලි නැහැ.

:       0       0

සරත් පින්නවල Monday, 21 August 2017 01:25 AM

පාසල් අධ්‍යාපනයට අනෙක් රටවලට සාපේක්ෂකව ඉතා සොච්චමක් රජය විසින් වෙන් කිරීමත් ගුරු සේවයට නිසි ඇගයීමක් නොකර ඉතා අවම වැටුපකට ඔවුන්ව සූරාකෑමත් නිසා අධ්‍යාපනය පිරිහිනි. වෙන කොහේවත් මේ ආකාරයට දක්නට නැති ටියුිෂන් සංස්කෘතිය බිහි වූයේ මෙම පිරිහීමේ ප්‍රථිපලයක් ලෙසයි. අධ්‍යාපන අමාත්‍යාංශයට ටියුෂන් පංති නියාමනය කිරීමේ උවමනාවක් හෝ එසේ කිරීමට ක්‍රමවේදයක් සකස්කිරීමට අපොහොසත් විය. වර්තමානයේ පාසල්තුල පරිපාලන කටයුතු පවා හිසිරවීමේ බලය පමණක් නොව විභාග දෙපාර්තමේන්තුව පවා හෑල්ලුවට පත් කළ හැකි ටියිුෂන් ගෝඩ් පාදර්ලා බිහිවන් මේ පසුබිම තුලිනි.

:       0       207

PRABASH Monday, 21 August 2017 12:21 PM

එක ලකුණකින් ළමයෙක්ගේ අනාගතය තීරණය වෙන්න පුළුවන් නිසා මේක වංචාවක් නම් විශාල අපරාධයක්... ලොකු දඬුවමක් ලැබෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 242 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 188 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 361 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 148 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site