(අංජුල මහික වීරරත්න)
චක්‍රලේඛන සකස් කර ඇත්තේ වැඩ කිරීම පහසු කිරීමට මිස වැඩ නොකර කකුලෙන් ඇදීමට නොවන බැවින් චක්‍රලේඛන වලට මුවා වී තමා ඇන්දීමට කටයුතු නොකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා රාජ්‍ය නිලධාරීන් හමුවේ පැවසීය.
ඇතැම් රාජ්‍ය නිලධාරීන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම ප්‍රමාද කිරීමට චක්‍රලේඛන හේතුවක් කරගන්නා බව ද අමාත්‍යවරයා කීය.
“මිනිහෙකුගේ සාධාරණ ඉල්ලීමක් ආපුවාහම නෑ, බෑ කියාගෙන එන්න එපා. ඒක නීත්‍යානුකූල විදිහට ඉටු කරන්න පුළුවන් විදිය කියන්න. ඔය නෑ, බෑ කියන එක මට දිරවන්නෙම නෑ.” යැයි ද ඇමතිවරයා කීවේය.
ඇතැම් නිලධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයින් බැණුම් අහන බවද “ටයි ගැට” ප්‍රශ්න නිසා නිලධාරීන් අතර විවිධ ගැටළු තිබෙන බවද කී අමාත්‍යවරයා ටයි ගැට” ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා යැයි ඉල්ලා සිටියේය .
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අයවැය හා ඉදිරි කටයුතු පිළිබද අමාත්‍යාංශ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටයි ගැට ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා
මොට්ටපාල Wednesday, 16 November 2022 02:30 PM
ඇමැතිවරයා කියන්නේ සහතික ඇත්ත... මොකද උසස් යැයි සිතා සිටින සමහරක් නිලධාරින් හරියට චක්‍රලේඛය කියවා ගන්න දන්නේ නැහැ.. සමහර විට චක්‍රලේඛයට සම්බන්ධ වෙනත් ප්‍රතිපාදන බලන්නේ නැහැ.. ඒ අතර වර්තමානයේ රාජ්‍ය සේවයේ පහළ නිලධාරින් සෑම දෙයක්ම ලොක්කෝ කියන ලෙසට කරනවා මිස ඒ සම්බන්ධ පූර්වාදර්ශයක් බලන්නේ නැහැ කලාතුරකින් ලොක්කෝ පූර්වාදර්ශයක් පිළිගන්න කැමැති නැහැ. එහෙම වෙන්න 1972න් පස්සේ බඳවා ගැනීම් දේශපාලුවන්ට ඕනෑ ලෙසට කිරීමත් මෙයට හේතුවක් වෙනවා...
geeth Wednesday, 16 November 2022 02:30 PM
මෙයා නං කියාවි. චක්‍රලේඛයක් හෝ නීතියකට පිටින් යන එක ඔය කියනතරම් ලේසි නෑ. එහෙම කළාට පස්සේ ඒකෙ නීතිමය ප්රශ්නවල විපාක විඳින්න වෙන්නේ නිලධාරීන් හෝ රාජ්‍ය සේවකයින්ම තමයි. දේශපාලනඥයා මාරුවෙලා යනවා. මට පේන විදියට දැන් ආණ්ඩුවේ අය රට මේ තත්වෙට වැටීම ගැන වගකීම සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවකයා මත පටවලා ඒ අය බේරෙන්න හදනවා වගේ...
Sunil Wednesday, 16 November 2022 03:07 PM
අපට ඔබතුමවත් දිරවන්නෙ නැහැ. මෙතුවක් කල් ඇමති වෙලා හිටියට ඔබතුමගෙන් කෙරුනු වැඩකුත් නැහැ, රජයෙන් කෙරුනු වැඩකුත් නැහැ, රට කාබාසිනය වුනා එරෙන්න.
මුදියන්සේ.... Wednesday, 16 November 2022 03:47 PM
ශ්‍රී ලංකාව නම් මේ දේශය විනාශ මුඛයට පත්වීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් මෙන්ම ඉහළ මට්ටමේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද එක හා සමානව වගකිවයුතුය. මෙවන් තත්ත්වයකට පත් වීමට හේතුව දුෂණය , වංචාව සහ පගාව සේම දැනුමක් නැති පුද්ගලයින් ආයතන ප්‍රධානීන් ලෙස කටයුතු කිරීමය. ජනතාවගේ බදු මුදලින් යැපෙන ඇතැම් රාජ්‍ය සේවකයින්ට ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති ආකාරයක්ද දක්නට ඇත. දූෂණය, වංචාව සහ පගාව සම්බන්ධයෙන් දැඩි දඩුවම් ලබා දීමේ ක්‍රමවේදයක් අවංකව ක්‍රියාත්මක කරන තෙක් රට හිස ඔසවන තත්ත්වයක් පෙනෙන්නට නැත.
Rohitha Wednesday, 16 November 2022 05:23 PM
මේ එතකොට අර අත්හිටවූ සිරදඬුවමට මොකද වුණේ..? දන්නේ නැති නිසා අහන්නේ...!