අභ්‍යන්තර මාර්ග සහ අධිවේගී මාර්ගවලට හානි වීම වළක්වා ගැනීම සඳහා නගර තුළ සහ නගරවලින් පිටත දී ට්‍රක් සහ ටේ්‍රලර් රථ සඳහා විශේෂ මංතීරු හඳුනා ගන්නා ලෙසට මධ්‍යම නගර සභා කවුන්සලය ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුගිය සතියේ රැස්වූ මධ්‍යම නගර සභාව මධ්‍යම වෙළෙඳපොලේ අදාළ බලධාරීන්ට සිය නිර්දේශයන් සහ අධික බර පැටවූ ට්‍රක් රථ සහ ටේ්‍රලර් නිසා මහා මාර්ගවලට සිදුවන බලපෑම් ගැන දැනුම් දී තිබේ.
පොදුවේ ගත් කල අධික බර පැටවූ ට්‍රක් රථ සහ ටේ්‍රලර් නිසා මහා මාර්ගවලට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් පසුගිය වසරේ දී අනුමත කරන ලද නිර්දේශයන් නැවත ක්‍රියාවට නංවන ලෙස ද නගර සභාව ඉල්ලීමක් කර ඇත.
මෙම නිර්දේශයන්ගේම කොටසක් ලෙසින් කර්මාන්ත පුරවරයට ඇතුළු වන සහ පිටවන ස්ථානයන්හි බර පාලම් ප්‍රමාණය ඉහළ නංවන ලෙසට වන නිර්දේශයක් ද මධ්‍යම නගර සභාව විසින් පොදු වැඩ අධිකාරියට (අෂ්ගාල්) නිකුත් කර ඇත.
අංක 1 ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරන නගර සභික ජාසෙම් අබ්දුල්ලාහ් අල් මල්කි විසින් සිදුකරන ලද යෝජනාවකට අනුව ඉහත නිර්දේශයන් සකස් කර ඇත.
“විශේෂයෙන්ම ගිම්හාන කාලයේ දී අධි බර සහ යන්ත්‍ර සූත්‍ර පැටවූ ට්‍රක් රථ සහ ටේ්‍රලර් නිසා අලුතින් සාදන ලද අභ්‍යන්තර සහ අධිවේගී මාර්ගයන්ට සිදුවන බලපෑම ගැන අනාවරණය වුණා”
“මේ ගැන නගර සභිකයන් කිහිප වරක්ම ප්‍රශ්න කළා. ඒ වගේම අදාළ බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අදාළ බලධාරීන්ට අපේ නිර්දේශයන් ලබාදුන්නා. ඒත් තාමත් මේ ප්‍රශ්නයට හරි විසඳුමක් ලැබිලා නැහැ” යැයි ඔහු පවසයි.
නීති උල්ලංඝනය කරන ට්‍රක් රථ නිරීක්ෂණය කරන ලෙසට මෝටර් රථ දෙපාර්තමේන්තුවට කරන ලද ඉල්ලීමක් මෙන්ම අධික බරක් පටවාගෙන ධාවනය කරන ට්‍රක් රථ මාර්ගයේ ඒවාට නියමිත මංතීරුවේ ධාවනය කරන බවට වගබලාගත යුතුයි යන ඉල්ලීම් ද ඉහත නිර්දේශයන්ට ඇතුළත් වෙයි.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ට්‍රක් රථ සහ ටේ්‍රලර් සඳහා විශේෂ මංතීරුවක් අවශ්‍යයි