IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ට්‍රාන්ස්ෆෝමර් විනාශය සොයන්න පොලිසිය ගෙන්වයි

බියගම ට්‍රාන්ස්ෆෝමරය අසාමාන්‍ය ලෙස විනාශ වීමට බලපාන්නට ඇති වෙනත්  හේතු සාධක දැඩිව සොයා බලන්නට  රජය තිරණය කළ බවත්  ඒ අනුව පොලිසිය හා රජයේ රස පරික්ෂක පරික්ෂණයට  කැඳවු බවත් විදුලි  බල ඇමැති  රංජිත් සියඹලාපිටිය කියයි. ඉරිදා (13)  සිදු වු  විදුලිය බිඳ වැටිම සම්බන්ධයෙන් කමිටු කිහිපයක්ම පත් කර ඇති  අතර  අවශ්‍ය වුවහොත් එතෙර  විශේෂඥයන්ගේ සහාය ලබා ගන්නා බවත්  ලබන 21 වැනි දා ට  පෙර  එම වාර්තා ලබා ගැනිමට නියමිත බවත් ඔහු කියයි. මෙම බිඳ වැටිමත්  සමඟ නොරොච්චෝලේ යළි අක්‍රීය වී යැයි  ද ඒ අනුව දින තුන හතරක්  යන තුරු මෙගාවොට් 900 ක විදුලිය අහිමි වන හෙයින් අරපිරිමැස්මෙන් විදුලිය පාචිච්චි කරන්නැයි ද එසේ නොමැති වුවහොත්  විදුලිය විසන්ධි කිරිමට  සිදු වන්නේ යැයි ද ඇමැති  පවසයි.



අදහස් (0)

ට්‍රාන්ස්ෆෝමර් විනාශය සොයන්න පොලිසිය ගෙන්වයි

රත්න Tuesday, 15 March 2016 02:49 AM

මේක පිටුපස ඉන්දියාවේ මෙහෙයවීමක් තිබීමට බොහෝ ඉඩ තිබේ. මොකද ඉන්දියාවෙන් විදුලිය ලංකාවට ගැනීම ගැන පහුගියේ කාලේ අදහස් තිබුනා. අපේ අවාසනාවට ඉන්දියාවෙන් යෝජනා කරන ඕනෑම දෙයකට ආණ්ඩුවත් කැමති වෙනවනේ. (නි)

:       0       0

රත්න Tuesday, 15 March 2016 03:13 AM

ඉන්ධන මිල අඩුවීමේ වාසිය ලංකාවේ ආණ්ඩුවටත් නැහැ ජනතාවත් නැහැ. සුළු කොටසක් තෙල් සංස්ථාවට, ඉතිරිය අයිඕසී එකට. මේ යන විදියට විදුලියත් ඉන්දියාවෙන් ගන්නවෙන විදියට කපටි උපක්‍රම කරලා, එම අංශයත් ඉන්දියාවට සුපිරි විදියට ගසාකන්න දෙයිද? ආණ්ඩුව කපටි ඉන්දියානුවන්ට අහුනොවී රට ගැන හිතලා කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

කවින්ද Tuesday, 15 March 2016 03:32 AM

අපි හිතුවේ රනිල්,හර්ෂ,එරාන් මහා ආර්ථික කෙරුමෝ කියලා.මේගොල්ලෝ ආවම බටහිර අය එලවා එලවා ආධාර දේවි කියලා ,දැන් බැලුවාම නිකන්ම නිකන් කබ්බෝ ටිකක් ,අර හිගන ඉන්දීයාව ලංකරගෙන ඇන ගත්තා.දැන් ඉතින් ආයෙත් චීනය පස්සෙය් හිගමනේ යනවා .(බ)

:       0       0

සුදේශ් Tuesday, 15 March 2016 03:49 AM

විදුලිය කපන්න වෙන නිසා ආණ්ඩුව බොරු මවා පෑමක් කරලා දැන් විදුලිය කපනවා. අපි රැවටෙයි ඕවට (බ)

:       0       0

දිනසිරි Monday, 14 March 2016 05:18 PM

දැන් පෙනේද මහින්ද හදපු නොරොච්චෝලෙ බලාගාරයේ අගය? ඒක නැති උනාම රටටම විදුලිය නෑ. ඔන්න ඕකයි රට ගැන දුර දිග හිතලා වැඩක් කරනවා කියන්නෙ. මහින්ද ඒක හැදුවෙ නැත්තන් දැන් ලංකාවෙන් 60% අඳුරෙ. හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල ගැනත් කියන්න තියෙන්නෙ ඕකයි. ඉදිරියේදී අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. (ර)

:       0       0

ලාල් Monday, 14 March 2016 08:15 PM

මෙන්න මේකත් මතක තියාගන්න. දැන් ටික දවසක ඉඳලා ඉන්දියාව සෑහෙන වලිකනවා ලංකාවට විදුලිය විකුණන්න. (නි)

:       0       0

ජස්ටින් Tuesday, 15 March 2016 06:26 AM

මෙය කඩාකප්පල්කාරී වැඩක් බව හොඳටම තේරෙනවා. බල තණ්හාව මිසක වෙන අපි වගේ දුක් විඳින ජනතාවට ආදරයකින් නම් නෙවෙයි. (බ)

:       0       0

නිශාන්ත Monday, 14 March 2016 10:35 PM

මොනවා වෙනවද කියලා හිතාගන්න අමාරුයි. අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

ලලිත් Monday, 14 March 2016 10:43 PM

ඡන්දය ළඟ නිසා රට හැමතැනම කලබල ඇතිකරලා, විදුලිය බිඳවට්ටලා මිනිසුන්ව නොමඟ යවලා හරි පරණ කට්ටිය බලයට එන්න දඟලනවා වගෙයි. වහාම මේ ගැන ගැඹුරින් සොයා බලන්න. රටම එකවර අඳුරු වෙනවා කියන්නෙ ලේසියිනේ. මේවා කඩාකප්පකාරි වැඩක් කියලා හසුවුණොත් දැඩි දඬුවම් දෙන්න (නි)

:       0       0

නිම්සර Monday, 14 March 2016 10:51 PM

"මහින්ද හදපු නොරොච්චෝලේ බලාගාරයේ" කියන්නේ එතුමා පුද්ගලික ධනයෙන් හදපු එකක්ද? දන්නෙ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

සම්පත් Monday, 14 March 2016 10:44 PM

ජයරත්න බයයි වගේ වැඩේ අහුවෙයි කියලා. අද තාක්ෂණය දියුණුයි. බලමු මොකද වෙලා තිබුනේ කියලා (නි)

:       0       0

ජයරත්න Monday, 14 March 2016 01:12 PM

කමිටු තුන හතරක් පත් කර එතෙර විශේෂඥයන්ගේද සහාය ලබාගනිමින් කාගේ හෝ පිට වරද පැටවීමට උත්සාහ කරන බවයි පෙනෙන්නේ. තව දුරටත් කාලය සහ ජනතා මුදල් නාස්ති නොකර විදුලි බලාගාර වල නඩත්තු කටයුතු නිසි ආකාරව සිදුකොට අඛන්ඩව විදුලිය ලබා දෙන වැඩ පිලිවෙලක් සකස් කරන්න.(අ)

:       0       0

නුවන් Tuesday, 15 March 2016 11:37 AM

ත්‍රස්තවාදී ක්‍රියාවක් නම් මෙය ඉතා බරපතලයි. ජාතික ආරක්ෂාව දරුණු ලෙස බිද ඇති බවට ලකුණක් නොවේද? මේ සියලු ප්‍රශ්න සදහා පිළිතුරු ලැබෙන තුරු අදුර පමණක් නොව අවිනිශ්චිත භාවයද රජ කරනු ඇත. (ර)

:       0       0

ජයරත්න Monday, 14 March 2016 01:52 PM

ඒ දවස් වල අපි හිතුවෙ මේගොල්ලොත් හොද වැඩ කාරයො කියල. ස්වාධීනව වැඩ කරන්න දුන්නෙ නැහැ කියලනේ චෝදනා කළේ. පේනවනෙ තනියෙන් වැඩ කරන්න ගිහින් අනාගන්න හැටි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1069 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 736 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1141 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 831 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 502 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 910 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site