IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘ටිරාන් කොටියාට සල්ලි දීලා : සාක්කි ප්‍රබලයි‘

ත්‍රස්තවාදී නායකයකු වන එමිල් කාන්තන් සමග කටයුතු කරමින් ඔහුට මුදල් ලබාදී රජයේ මුදල් අපහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රාඩා ආයතනයේ හිටපු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් ප්‍රබල කරුණු විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇති බව නීතිපති  වෙනුවෙන් පෙනිසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව වරෙන්තුවකින් තොරව අලස්  අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිඛෙන බව යසන්ත කෝදාගොඩ මහතා  කීය.

තමන්  අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්  ගොනු කළ පෙත්සම අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ හෙතෙම මේ බව කීවේය.

 මෙම විමර්ශන අවස්ථා හා දිවුරුම් ප්‍රකාශ ඇතුළත් වාර්තාවක් ලබන ජුනි මස හතර වැනිදා හෝ ඊට පෙර ගොනු කරන බව කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

 එම වාර්තා අධ්‍යයනය කිරීමෙන්  අලස්ගේ ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් වඩා හොඳ තීන්දුවක් ලබාදිය හැකි වනු ඇති බව අගවිනිසුරු කේ. › පවන් මහතා මෙහිදි කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්  කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඉකුත් අප්‍රේල් නව වැනිදා තහවුරු කරගෙන තිබූ බවයි. ‘එම අත්අඩංගුවට ගැනීම දැනටමත් පමා වී තිබෙනවා.‘

ජුනි 11 වැනි දා වන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

තමා අත්අඩංගුවට ගැනීමට වැලැක්වීමේ නියෝගයක් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට නිකුත් කරන්නැයි මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කැර ඇත.

සුනාමි අවතැන්වූවහනට උතුරු නැගෙනහිර නිවාස ඉදි කිරීමට පිහිටවූ රාඩා ආයතනයේ මුදල් වංචාවක් ගැන එහි හිටපු සභාපති අලස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබිණි.

 පරීක්ෂණවලට සහභාගිවීමට ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඉදිරියේ  පෙනී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එකඟතාවය  පල කරන බව  ඔහු ගේ නීතිඥ වරයා  අද(27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය .

ඒ අනුව බ්‍රහස්පතින්දා (28)  ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවේ  පෙනී සිටින බව ටිරාන් අලස් මහතා වෙනුවෙන්  පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පැවසීය.

නීතිමය පදනමක් නොමැතිව තමා  අත්අඩංගුවට සූදාමක් පවතින බවත් ,එලෙස අත්අඩංගුවට  ගැනීමෙන් වළක්වන අතුරු නියෝග නිකුත්  කරන ලෙසත් ඉල්ලා  අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම අද (27) කැඳැවිණි.

පෙත්සම සලකා බැලීම   ජූනි 11 ට කල් දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය , එතෙක්   දැනට පවතින තත්ත්වය එලෙසම පවත්වා ගැනීමටත් , ටිරාන්  අලස් මහතා අත්අඩංගුවට  නොගැනීමට වග බලා ගැනීමත් නීතිපතිවරයා  මෙහිදි  එකඟතාවය  පළ කළේය.

පොලිස්පති,පොලිස් විශේෂ විමර්ශන  ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි  මෙවන් සිල්වා,එහි පොලිස් ස්ථානාධිපති,පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

හිටපු ජනාධිපතිවරයා ගේ සමීපතමයෙකු වන තමාට එරෙහිව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වන බවත්.අමාත්‍ය පාඨලි චම්පික රණවක ගේ උපදෙස් මත තමා  පොලිසිය අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවද පෙත්සමේ සදහන්වේ.හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල ඉවත්වීම පදනම් කර ගෙන එම අමාත්‍යවරයා තමන්ට එරෙහිව කටයුතු  කරන බවත්.,2005 දි රාඩා ආයතනයේ විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කල තමන් ඉන් කිසිදු ලාභ ප්‍රයොජන නොගත් බවද පෙත්සම්කරු කියා සිටි.

IMG_0825---Copy IMG_0830---Copy IMG_0848 IMG_0855

වීඩියෝ හා ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (0)

‘ටිරාන් කොටියාට සල්ලි දීලා : සාක්කි ප්‍රබලයි‘

ජස්ටින් Saturday, 30 May 2015 10:10 AM

කොතන බැලුවත් ගම්මන්පිල ඉන්නේ හොරෙක් එක්ක (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 27 May 2015 08:51 AM

ඇත්ත තමයි චානක, මේවට කියන්නේ හතර බිහිරි කතා කියලා.(ම)

:       0       0

නිෂාන් Tuesday, 09 June 2015 09:40 AM

හොරු කොතනද ගෙම්බන්පිල එතන ඇත . (ම)

:       0       0

සෙනරත් Wednesday, 27 May 2015 02:07 PM

චානක, එහෙමනම් ඔබේ ළඟ ගෙදරක කවුරු හෝ කෙසෙල් කැනක් හොරකම් කළ විට පොලීසියෙන් සැකපිට ඔබව අත් අඩංගුවට ගන්න ආවොත් ඔබ නිශ්ශබ්දව කුඩුවට යනවද? (හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 May 2015 07:44 AM

එතකොට මේ අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නීතිය ..කෙසෙල් කැනක් කැපු වරදට හිරේ යන පුද්ගලයාටත් පොදුද ?(හේ)

:       0       0

චන්න බුවනක Wednesday, 27 May 2015 03:16 PM

අපොයි? අවතැන් වූවන්ගේ සල්ලිත් වංචා කරලද? (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 16 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 19 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 184 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 588 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2918 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1513 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37528 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site