IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි මාර්කෝ රූබියෝ තෝරාගෙන ඇත. රූබියෝ, 2010 වසරේ සිට සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

මාර්කෝ රූබියෝ ද ට්‍රම්ප්ගේ සමීපතම හිතවතෙකි. මෙම 2024 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපති සගයා වීමට පැවැති තරගයට ද රූබියෝ ඉදිරිපත් විය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපතිවරයා තේරී පත් වීමට සමත් වූයේ ජේ.ඩී. වෑන්ස්ය.

මාර්කෝ රූබියෝ, ලතින් සම්භවයක් ඇති අයකු බැවින්, ඔහුට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරය හිමිවුවහොත් එම ධුරය හිමිවන පළමු ලතින් සම්භවයක් ඇති තැනැත්තා ඔහු වනු ඇත.

ට්‍රම්ප් රජයේ ඉහළ තනතුරුවලට පත් කරන සියලු දෙනාට කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය යුතුය. ඔවුන්ට එම ධුර හිමිවන්නේ ඒ අනුවය. පසුගිය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලයත්, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බලයත් ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. එහෙයින්, ට්‍රම්ප්ගේ තීන්දු තීරණවලට කිසිදු විරෝධයක් එල්ල වනනේ නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 04 468 1

කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


එතෙර සෞඛ්‍ය ව්‍යාපෘති මෙතෙරට ගේන විට නිසි ඇගයීමක්
2024 දෙසැම්බර් මස 04 113 0

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය


තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට
2024 දෙසැම්බර් මස 04 303 0

නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ ‍පොලිසිය කියයි .


IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ
2024 දෙසැම්බර් මස 04 436 2

අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනු


බාල බෙහෙත් 500ක්: රෝගී ජීවිත අවදානමේ
2024 දෙසැම්බර් මස 04 347 0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානම


රෝගී සහෝදරයා බලා ගෙදර එද්දී ටිපරයක ගැටී මරුට
2024 දෙසැම්බර් මස 04 589 0

රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව දැල්කඩ හන්දිය අසලදී ටිපර් රථයක ගැටී ඊ


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 70 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 667 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 842 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site