ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ට්‍රම්ප් සිය ව්‍යාපාර අධිරාජ්‍යය පිහිටුවා ඇත්තේ දේපොළ වෙළෙඳාම් හරහාය. ට්‍රම්ප්ගේ පුතුන් දෙදෙනා ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ඨ) සහ එරික් ට්‍රම්ප් ද එම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටිති.
ට්‍රම්ප් ට පමණක් නොව, පුතුන් දෙදෙනාට ද චෝදනා එල්ල වී ඇත්තේ, එම ව්‍යාපාර අධිරාජ්‍යය ගොඩනැගීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ බවටත්, එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් වංචනික ලෙස උපයා ඇති බවටත්ය.
නීතිපතිවරිය ලෙටිටීයා ජේම්ස් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක දඩයක් පැනවිය යුතු බවය. ට්‍රම්ප් සමඟ ඔහුගේ ව්‍යාපාරවලට එක් වී සිටින පුතුන් දෙදෙනාට නිව්යෝක් ප්‍රාන්තයේ ව්‍යාපාර කටයුතු තහනම් කළ යුතු බව ද නීතිපතිවරිය ලෙටිටීයා ජේම්ස් වැඩිදුරටත් පැහැදිලි කළාය. ඊට අමතරව, ට්‍රම්ප්ට සහ ඔහුගේ සමාගමට එරෙහිව දේපොළ වෙළෙඳාම් කටයුතුවල යෙදීම වසර 5 ක් තහනම් කළ යුතු බව ද නීතිපතිවරිය යෝජනා කළාය.
තමන්ට එල්ල වන සියලු චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප් තරයේ පවසන්නේ තම ප්‍රතිවාදීන් තමන්ගේ නම කැත කිරීමට උත්සාහ ගන්නා බවය. 2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඉදිරිපත් වීමට නියමිතය. ට්‍රම්ප්ට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වෙයි. ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට එය බාධාවක් වනු ඇතැයි ද පැවැසෙයි.
(සී.එන්.එන්.)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප් අධිකරණය හමුවට