IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ට්‍රම්ප් බදු ගැහිල්ලට නාමල්ගේ හිත උණුවෙයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන  බැවින්  පක්ෂ පාට බේද නොසලකා මේ  අවස්ථාවේදී එකම අරමුණක්  වෙනුවෙන්  සියලු දෙනා එක් වන්නැයි   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

මෙම තීරුබදු ඇඟලුම් වැනි ප්‍රධාන අංශවලට දැඩි බලපෑමක් ඇතිවී විරැකියාව වැඩිවීමට එය හේතුවක් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය

ශ්‍රී ලංකාව තවමත් 2022 ආර්ථික අර්බුදයෙන් යථා තත්වයට පත්වෙමින් සිටින බැවින්  රජයේ අපනයන ඉලක්ක අවදානමට ලක්වීමෙන් ආර්ථික ප්‍රකෘතිය තවත්  දුෂ්කර වන බවද  නාමල් රාජපක්ෂ මහතා   අවධාරණය කළේය.

තවද, ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා සාර්ථක නොවන්නේ නම්, අයවැය යෝජනා නැවත සකස් කර අපනයන ආදායම් පවත්වා ගැනීම සඳහා විකල්ප විසඳුම් සොයන ලෙසට  ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

“අපි මෙම දැවැන්ත බාධකයට මුහුණ දෙන බැවින්, සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කර බලපෑමට ලක් වූ අංශවලට සහාය වීමට කාලයයි” යැයි නාමල් රාජපක්ෂ පැවසුවේය.

 



අදහස් (13)

ට්‍රම්ප් බදු ගැහිල්ලට නාමල්ගේ හිත උණුවෙයි

amal Friday, 04 April 2025 05:33 PM

Tsunami ෆන්ඩ් එක හොරා කෑවම දුක නැද්ද

:       0       1

කපුරු හාමි Friday, 04 April 2025 05:44 PM

දූෂිත පවුල් පාලනේ උන් ජනතාව රවට්ටලා බලයට ඇවිත්,අන්තිමට ජනතාවගේ රීර්‍ර් මාන්ස හූරගෙන කාලා මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා..සුදනා වගේ කතා කළාට වැඩක් නැහැ. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිතයෝ?

:       0       1

Chathuri Friday, 04 April 2025 06:40 PM

අනේ දන්න දෙකුත් නැහැ. බොරුවට හැම ප්‍රශ්නෙකටම පිළිතුරු දෙන්න එන්නේ... හිතන් ඇති මහ ජනතාව මෙයයි, මයිනයි වගේ මෝඩයි කියලා කවදාවත්... ජනාධිපති වෙන්න බැහැ ලන්කාවේ. අර මිනීමරුවෙක්... කෑගහන්නේ. මගෙ බිරිඳට අත තිබ්බොත් බලාගෙනයි. නාමල්ට රට දෙන්න කියලා දන්නවනේ මෝඩයෙක්. ඕන තරම් වගේ අයට හොරාකන්න මිනීමරන්න පුළුවන් කියලා. මෙයාවත් එක්ක ළඟදීම... ඔය වගේ අය එකතු කරලා හිරේ දාන්න ඕනෑ. මේ රට මොඩයින්ගෙන් බේරාගත්තා ඉදිරියටත් එහෙමයි. ජනතාවට දුන්නු ගින්දර. දැන් ඔවුන්ට පත්තු වෙනවා.... හැමදාම නඩු.

:       7       18

Rata Perata Friday, 04 April 2025 06:49 PM

ඒ වගේම මේ පවුල් ගහපු ගැහිලි වලට විරුද්ධව, පක්ෂ, පාට භේදයකින් තොරව රටේ සියලුම ජනතාව එකතු විය යුතුයි.

:       10       32

Nandalal de Silva - France Friday, 04 April 2025 06:51 PM

අනේ... පව්... අනේ... මෙහෙම හිත උණුවෙන කොල්ලෙක් කලින් හිටියා නම්, අපේ රටට හොඳ කාලයක් උදාවෙන්න තිබුණා. අපේ රටේ මුදල් මළු ගණන්, රටේම රඳවාගෙන රට හදන්න ගන්න තිබුණා නේද? බැසිල් බාප්පා ට්‍රම්ප් හමුවෙන්න ධවල මන්දිරයට යවා, එයා අපේ රටට පනවා තිබෙන මේ දරදඬු බදු නීතිය, ගොඨාභය බාප්පා කරා වගේ " රිවස්" කරවා ගන්න බලන්න. අපි ඔබ ලබන පාර ජනාධිපති කරන්නම්...!!!

:       9       21

MDSaturday, 05 April 2025 08:31 AM

රටේ අභාග්‍යය ඵන්න ඵන්නම වැඩිවෙනවා. ගොබ්බ මිනීමරු කල්ලියක් මිනිස්සු රටවලා බොරුවෙන් වෛරයෙන් ද්වේශයෙන් දුෂ්ට කමෙන් සිත් පුරවලා ඡන්ද අරගත්තා. අවස්ථාවාදීව මිනිස්සුන්ගේ වේදනාවෙන් ප්‍රයෝජන ගත්තා. අනිවාර්යෙන්ම මාලිමාවට රට පාලනය කරගන්න බෝහෝ දුක් බාධක කම්පාවන් ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවනවා නොඅනුමානයි. එහෙම නොවන්නට නම් අඩුම ගානේ බෞද්ධ දර්ශනයට අනුවවත් රාජ්‍යය පාලනය කරගන්න.

:       5       0

බේරේ ගඳ නෑරේ Friday, 04 April 2025 07:57 PM

මෙයත් දැන් දඬුලේන්නු එළවන්න අරගෙන මලවදේ...

:       6       31

පොඩිඑකා Friday, 04 April 2025 08:11 PM

ඔයාට ඇහුණාද ටොමියෝ…?

:       2       24

Pradeep Kumara Friday, 04 April 2025 09:46 PM

ආර්ථික අර්බුධයට හේතුව ඔබගේ පියා ඇතුළු මෙතුවක් කලක් රට පාලනය කරපු නඩය බව ඔබට අමතක ඇති. කෙසේ වෙතත් මෙවන් අවස්ථාවකදී රජයට සහාය පල කිරීම අගය කරන්න ඕනෑ.

:       8       17

Perera Saturday, 05 April 2025 04:35 AM

ඔහොම තව ටික දවසයි උඩු බුරන්න පුළුවන්...!

:       0       6

Malika Saturday, 05 April 2025 10:32 AM

මෙයා මේ දඟලන්නේ ඇමරිකාව කරපු දේට නොවේ. ඔක්කෝටම මෙයාගේ පැත්තට ගන්න හදන්නේ මෙයා හීරේ ගියාම එළියට ගන්න උප්පරවැට්ටි කරන්න. උද්ඝෝෂණ කරවන්න. හොරාකාපුවා අහුවෙයි කියලා බයේ...!

:       0       2

ගමේ එකාලා Saturday, 05 April 2025 03:29 PM

මුලුමහත් ජනතාවම ගොනාට අන්දලා බලයට ඇවිත්, ජනතාවගේ රීර්‍ර් මාංශ හූරාගෙන කාපු අය, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා.. දැනුයි දන්නේ හදවතක් තියෙනවා කියලා...?

:       0       0

nisantha Saturday, 05 April 2025 03:44 PM

අනේ නාමලයෝ... අන්න හොර සහතිකේ ගැන හොයනවලු... ඒක ගැන බලන්න. මේවා ගැන හොයන්න ඔයා තාම පොඩි වැඩියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 57 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 263 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 399 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 129 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 800 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 337 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 312 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site