ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ද හැරිස් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.
ජනාධිපතිවරණයේ අවසන් ජන රැළිවලට ට්‍රම්ප් සහ හැරිස් අද දිනයේ සහභාගී වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පූර්ව ජනමත සමීක්ෂණ අනුව දෙදෙනා අතරේ කරටකර තියුණු සටනක් පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.
සමීපක්ෂණ අනුව, කමලා හැරිස්ට සියයට 48 ක ඡන්ද ප්‍රතිශතයක් ද ට්‍රම්ප්ට සියයට 47 ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමිවනු ඇතැයි පෙනී ගොස් තිබේ. කිසිදු අපේක්ෂකයකු සියයට 50 සීමාව පසුකරන බවක් පෙන්නුම් නොකරයි.
ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, එරට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, සිවු වසරකට වරක්, නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේය. මෙවර ජනාධිපතිවරණය හෙට (5) දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවය.
ඇමෙරිකානුවන්ට ඡන්දය දිනට පෙර, වේලාසනින් ජනදය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වුණු බැවින්, ජනපද රැසක වැසියෝ මේ වනවිටත් ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කර අවසන් බව ද පැවැසෙයි. ඒ අතරේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද සිටී. බයිඩන් සිය ඡන්දය ප්‍රකාශ කළේ පසුගිය සතියේය. ඒ මිනිත්තු 40 ක් පමණ ඡන්ද පෝලිමක සිටිමිනි.
පූර්ව අනාවැකි පළ කළ නොහැකි, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීන්දු කරන ජනපද කීපයකි. මෙය සෑම ජනාධිපතිවරණයකදීම දකින්න ලැබෙන සිදුවීමකි. එම ජනපදවල වැසියන් කුමන අපේක්ෂකයාට ඡන්දය දෙනවාදැයි කල් තියා ප්‍රකාශ කළ නොහැකිය. එසේ වුවත් අනුමාන කරන ආකාරයට, නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් වාසිදායක මට්ටමක් පෙන්නුම් කරන අතර. මිචිගන්, විස්කොන්සින් වැනි ජනපද කමලා හැරිස්ට වාසි දායක තත්ත්වයක් පෙන්නුම් කරයි.
අනුමාන කරන පරිදිම නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද තමන් සතු කර ගැනීමට ට්‍රම්ප්ට හැකි වුවහොත් ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරයට පත්වීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.
දැනට කමලා හැරිස් සතුව පවතින මිචිගන් ජනපදය ඩැහැ ගැනීමට ද ට්‍රම්ප් මේ වනවිට විශාල සටනක යෙදී සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් මාතෘකා කීපයක් යටතේ තම ඡන්ද සටන පවත්වයි. එයින් ප්‍රධාන මාතෘකාවක් වන්නේ ඇමෙරිකන් ආර්ථිකයයි. ගෝලීය ස්ථාවරභාවය සහ ඇමෙරිකාවේ භූමිකාව ද වැදගත් මාතෘකාවකි. සංක්‍රමණික ගැටලුව ද ට්‍රම්ප් සහ හැරිස්ගේ අවධානයට යොමු වී ඇත.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප් හැරිස් කරටකර සටනක්