සංරක්ෂණය සහ බලශක්ති කාර්යක්ෂමතාවය සඳහා මේ දිනවල ක්‍රිියාත්මක වන ටාර්ෂීඞ් ජාතික වැඩසටහන උපරිම සාර්ථිකත්වයට ළඟා වෙමින් රටේ ඒකපුද්ගල විදුලි සහ ජල පරිභෝජනය පිළිවෙළින් සියයට 14 කින් සහ 17 කින් පහළ බැස තිබේ. 2015 වසරේදී මෙම වැඩසටහන දියත් කිරීමෙන් පසුව කටාර් රියාල් මිලියන 800 ක් ඉතිරි කරගැනීමට හැකිවී ඇති අතර ඊට අමතරව ඉන් කාබන්ඩයොක්සයිඞ් විමෝචනය මෙන්ම ගෑස් පරිභෝජනයද අඩුවී ඇත.
එමීර් ෂෙයික් ටාමිම් බින් හමාඞ් අල් තානි මහතාගේ අනුග්‍රහය ඇතිව කටාර් පොදු විදුලි සහ ජල සංස්ථාව (කරාමා) තාර්ෂීඞ් වැඩසටහනේ සිවුවැනි සැමරුම පසුගිය ඉරිදා ෂෙරටන් දෝහා හෝටලයේදී පැවැත්වීය. “හෙට දිනය අද ආරම්භවෙයි” යන තේමාව යටතේ පැවැති මෙම උත්සවය අමාල් සහ දෝහා කේබල්ස් ආයතනවල සහයෝගය ඇතිව සංවිධානය කර තිබුණි.
මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් නාසර් බින් කාලීෆා අල් තානි, බලශක්ති සහ කර්මාන්ත අමාත්‍ය ආචාර්ය මොහොමඞ් බින් සලේහ් අල් සාදා, කරාමා සභාපති ඉංජිනේරු එසා බින් හිලාල් අල් කුවාරි සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ම සහභාගි විය.
එහිදී කරාමා ආයතනය සිය අනාගත උපායමාර්ග, ව්‍යාපෘති සහ මේ දිනවල ක්‍රියාත්මක වන වැඩසටහනෙන් ඉටු කරගන්නා ලද ඉලක්ක සම්බන්ධයෙන්ද අනාවරණය කළේය. ඉහත වැඩසටහනෙන් ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ ප්‍රධානම ඉලක්කය වූයේ ජල සහ විදුලි පරිභෝජනය සීමා කර කටාර් හි වැදගත් සම්පත් සංරක්ෂණය කිරීමේ සංස්කෘතියක් ඇති කරලීමයි.
මීට අමතරව, සිය බහුවිධ උපායමාර්ග ඔස්සේ සමාජයේ සියලුම අංශයන්ට ළඟා වෙමින් ඉතා වටිනා සම්පත් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් භාවයක් ආරම්භ කිරීමටද කරාමා ආයතනය බලාපොරොත්තු වෙයි.
කරාමා ආයතනයේ සංරක්ෂණ සහ බලශක්ති කාර්යක්ෂම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ විවිධ තරගවලින් ජයලැබූ පුද්ගලයන් ඇගයීමක්ද එහිදී සිදුකෙරුණි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටාර්ෂීඞ් ජාතික වැඩසටහන නිසා ජල සහ විදුලි පරිභෝජනය පහළට