IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ට්‍රැෆික් ඩීඅයිජීගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය  රථවාහන නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නගෙන් ප්‍රශ්න කිරීම අද උදේ ඇරැඹූ බව පොලිස් ආරංචි කියයි.

සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කරනුයේ ඔහු තාජුදීන් ඝාතනයේ සැකකරුවකු ලෙස නොව රථවාහන අනතුරකදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්නත්, තාජුදින් සිද්ධියේදී එම පියවර ගෙන තිබේද යන්න සොයා බැලීම සඳහා බව දැනගන්නට ඇත.

තාජුදීන් සිද්ධිය රිය අනතුරක් සේ සලකා පරීක්ෂණ ලිපිගොනුව බහා තැබීමට උපදෙස් දී ඇත්ද, එසේ උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න ද එම පරීක්ෂණයේ දී සොයා ගැනීමට හැකිවෙතියි කියති.

මොහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසියේ තවත් උසස් නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද, දේශපාලනඥයකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය.



අදහස් (0)

ට්‍රැෆික් ඩීඅයිජීගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

අනිල් Wednesday, 04 May 2016 11:16 PM

භද්‍රානි, දැක්කේ නැද්ද පහුගිය දවස්වල පාරේ නිකන්ම වාහන ගිනිගන්නවා? එහෙවු එකේ හැපිලා ගිනිගන්න බැරි මොකද? අන්තර්ජාලේ බලන්න ඕනෑතරම් වීඩියෝ තියනවා එහෙම වන. අපිටත් ඕනෑ සත්‍ය දැනගන්න. එ්ත් නිකන් දේශපාලන මඩ වලට අහුවෙන්න එපා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 04 May 2016 09:06 AM

නළුවන් මදිද? (බ)

:       0       0

උපාලි Wednesday, 04 May 2016 09:15 AM

නව පොලිස්පතිතුමාට අපේ ආචාරය! ඔබට පොලිසිය වෙනස් කළ හැකි බව අපට විශ්වාසයි.(බ)

:       0       0

බණ්ඩාර Wednesday, 04 May 2016 10:04 AM

තවත් පරීක්ෂණය කර කර මොකට කාලය කා දමනවද මන්දා?(හේ)

:       0       0

පාඨලී Thursday, 05 May 2016 02:34 AM

දැන් වැට් එක වැඩිවීම කාටවත් මතක නැහැ (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 04 May 2016 10:26 AM

පොඩි පොඩි අයගෙන් දැන් ප්‍රශ්න කළා කියලා වැඩක් තියෙනවද?(හේ)

:       0       0

කුමාර් Wednesday, 04 May 2016 10:28 AM

නිකන් පොලිස් නිලධාරින් මොනවා කරන්නද, ඉහලින් එන එන අන පිලිපැද්දේ නැතිනම් රස්සාවත් නෑ, ජීවිතයත් අනතුරේ. (හේ)

:       0       0

නුවන් Wednesday, 04 May 2016 10:47 AM

අන්න හරි , නිවැරදි තර්කනුකුලව මේ නඩුව විද්‍යාත්මක සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි . මේ පලිගැනීමක් නොවන බව ඔප්පුකළ හැකි විය යුතුයි.(හේ)

:       0       0

රන්දික Wednesday, 04 May 2016 10:58 AM

තවත් බැරි වුනාද මිනීමරුවා අල්ල ගන්න.(හේ)

:       0       0

ප්‍රේමලාල් Wednesday, 04 May 2016 11:10 AM

මේ දේවල් වලට සම්බන්ධ කවුද කියලා මුළු රටම දැන් දන්නවනේ.(හේ)

:       0       0

ධම්ම Wednesday, 04 May 2016 11:22 AM

ප්‍රශ්න කිරීමේන් වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකියාව ඇත.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 04 May 2016 11:45 AM

මේ තමයි පටන් ගැන්ම.දැන් කාටවත් බොරු කරන්න බැහැ. (බ)

:       0       0

සලීත් Wednesday, 04 May 2016 11:46 AM

කොහොම හරි වරද කරපු අයට උපරිම දඩුවම් දෙන්න. ආය මේවගේ අපරාධ නොකරන්න (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 04 May 2016 12:05 PM

මෙම ම්ලේඡ ඝාතනය කළවුන්ව හැකි ඉක්මනින් නීතිය හමුවට ඉදිරිපත් කරන්න තරාතිරම නොබලා. (බ)

:       0       0

ගාල්ලගේ Wednesday, 04 May 2016 12:12 PM

දැන්වත් මේ මියගිය පුද්ගලයට නිදහසේ ඉන්න දියල්ල. බොරු පෙන්වමින් දේශපාලන වාසී ලබා නොගෙන. (බ)

:       0       0

නිමල් Wednesday, 04 May 2016 12:24 PM

ට්‍රැෆික් ඩී අයි ජි වත් දණ ගස්සයිද. (බ)

:       0       0

චතුරි Wednesday, 04 May 2016 12:52 PM

අපේ මිනිසුන්ට ඉවසීම කියනදේ බින්දුවයි මෙම. මිනීමැරුමක්. නොවෙන විදියට රගපාපු ප්‍රභූ පැලැන්තියේ. කතාවක් දැන්. රටේ තියෙන තත්වය අනුව. මෙයට ටික කලක් ගතවෙනවා ඇත්ත කියන්න මහින්ද නඩු අහපු විදියට මේ නඩුව ඉවරයි නමුත් ඇත්ත කතාව එලිවුනේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 May 2016 01:04 PM

කල් ගත්තට කමක් නැහැ අධිකරණයට සැකයක් නැතුව ඔප්පු කළ හැකි අයුරින් මේ පරීක්ෂණ කරලා වැරදි කරුවන්ට දඬුවම් දීම අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා (බ)

:       0       0

අමායා Thursday, 05 May 2016 04:00 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට (හේ)

:       0       0

භද්‍රානි Wednesday, 04 May 2016 03:36 PM

දුමින්ද දන්නවද දන්නේ නැහැ ලංකාවේ දේශප්‍රේමී නළු බට්ටන්ට දඬුවම් කරන්න ටිකක් අමාරුයි කියලා? පුදුමේ කියන්නේ තාජුඩීන් අනතුර වෙන්න කලින් පර්ස් එක එලියට විසි කරලානේ. අනිත් කාරණය තමයි තාප්පෙක හැප්පිලා මුළු කාරෙකම ගිනි අරගෙන නේ. ඒ උනාට ලංකාවේ සම හරක් හිතන විදිහට එ්ක ස්වභාවික අනතුරක්ලු අනේ? (බ)

:       0       0

කේ. පෙරේරා Wednesday, 04 May 2016 05:02 PM

අනිවාර්යයෙන්ම අපරාධකරුවන් හොයලා උපරිම දඬුවම් දෙන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 04 May 2016 05:25 PM

මට නම් ඉවසුමක් නැහැ මිනීමරුවන් පෝරකේට දක්කනවා දකින්න. එ්ත් මගේ සිතුවිල්ල සිහිනයක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 04 May 2016 06:09 PM

කල්ගත වෙනවා කියන්නේ ඝාතකයා හොඳින් ස්ථාපිත වෙනවා කියන එකයි. දැනට සිද්ධවෙන්නෙත් එ්කමයි. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 04 May 2016 06:25 PM

කලබල නොකර, කරදර නොකර හිටියොත් නිවැරදි විස්තර හොයලා කළයුතු දේවල් කරන්න හැකිවේවි. ගොඩක් අයට රිදේවි. නමුත් ඇත්ත එළිවීම ඉතාමත් වැදගත් වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 218 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 160 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 141 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1070 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 58 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 81 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38432 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25317 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 894 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site