IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාව‍ට තර්ජනයක්‍

රංජන් කස්තුරි 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ ශ්‍රී ලංකා ටෙලිකොම්   ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිබඳව කවර හෝ තීරණයක් ගැනීමට මත්තෙන් ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම ආදිය ගැන විමසිලිමත් විය යුතු බව ද එම වාර්තාවේ සඳහන් වේ.

විදුලි සංදේශ පද්ධතියට එල්ල වන සාර්ථක සයිබර් ප්‍රහාරයකට ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට ලක් කළ  හැකි  බව ද දුරකථන භාවිතා කරන්නන් දහස් ගණනකගේ සේවා අඩාළ   කිරීම ගනුදෙනුකරුවන් දස ලක්ෂ ගණනකට අන්තර්ජාල පහසුකම් අහිමි කිරීම ව්‍යාපාර අකර්මණ්‍ය කිරීම මෙන්ම රජයේ  මෙහෙයුම් වසා දැමීම කළ හැකි බව ද එම වාර්තාවේ සඳහන් වේ.

රජයේ සහ ආරක්ෂක අංශවල සියලු වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා වන අතර ඒ හේතුවෙන් රජයට පෞද්ගලික සමාගමකින් එම සේවාවන් ලබා ගැනීමේදී දැරිය යුතු වියදමට සාපේක්ෂව ඉහළ යනු ඇතැයි ද වාර්තාවේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් යනු රටේ පැරැණිතම විදුලි සංදේශ සේවා සපයන්නා වන හෙයින් ඊට දශක ගණනාවක් පුරා විහිදුණු දත්ත පද්ධතියක් තිබෙන අතර එය පෞද්ගලිකරණය කළහොත් එම සියලු දත්ත පෞද්ගලික සමාගම්වලට විවෘත වන බව ද වාර්තාවේ සඳහන් කර ඇත.



අදහස් (9)

ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාව‍ට තර්ජනයක්‍

ජගත් ලියනගේ Tuesday, 02 July 2024 11:00 PM

දැන් ඉන්නේ අතට අහු වෙන දේ විකුණන එක්කෙනෙක් .

:       1       1

Kumar Tuesday, 02 July 2024 11:51 PM

ඇමරිකා එක්සත් ජනපදයේ සියලුම ටෙලිකොම් සේවා සපයන්නන් පුද්ගලික අංශ සතු වන අතර එම ටික් ටොක් එක චීන සමාගමකට අයත් වේ. ඇගයීම් කරන අය මොලේ උඩ ඉඳගෙන ඉන්න ඇති. ටෙලිකොම් පුද්ගලීකරණය කළහොත් දේශපාලන පත්වීම්ලාභීන්ට එම රුපියල් මිලියන 2 ක මාසික වැටුප ලැබෙන්නේ නැත.

:       0       3

Prase Wednesday, 03 July 2024 02:45 AM

පිස්සු,ලෝකේ හැම රටකම ටෙලිකොම් ප්‍රයිවට් .අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා .රජයට තිබිලා නේද 2 පන්තියේ කොල්ලෝ පවා ජනපතිවරුන්ගේ අමාත්‍යංශ හැක් කරේ.ලංකාවේ ඉන්න රාජ්‍ය සේවකයෝ මොංගල් මිනිස්සු

:       0       3

Ruwan De Silva Wednesday, 03 July 2024 06:50 AM

ඔන්න ඔහේ විකුණලා දාන්න තවත් අපිට ඕවා පවත්වාගෙන යන්න බෑ... තවත් බදු නම් එපා. මොකද ලංකාවේ ජාතික ආරාක්ෂාව කොහොමත් නෑනේ, මතකනේ පාස්කු ප්‍රහාර, තාම වැරැදිකාරයෙක් හොයාගන්න බැරි වුණා. ඕක ඩොලර් බිලියන ගාණට විකුණලා ණය ටිකක් හරි ගෙවන්න, අනිත් එක සුදු අලියා ශ්‍රී ලංකා එයාර්ලයින් එක...

:       0       1

ජගත් ලියනගේ Wednesday, 03 July 2024 07:35 AM

තව ටික දවසකින් මාවත් කාට හරි විකුණලා දාවිද?

:       1       2

Lalla Wednesday, 03 July 2024 08:02 AM

ලෝකය පවත්වාගෙන යන්නේ පෞද්ගලික අංශය. රාජ්‍ය අංශය රට ගෙනගිය කොමියුනිස්ට් ලෝකය කඩාවැටීමට හේතුව හොයලා බලන්න. ඔය රාජ්‍ය සංවිධාන තමයි තම රහස් වැඩිපුරම මුදලට සතුරන් අතට දෙන්නේ. හොරු, දූෂකයෝ පිරුණු ස්ථාන...

:       3       2

sam Wednesday, 03 July 2024 08:17 AM

හා හා ජාතික ආරක්ෂාව වැඩක් නැහැ... මේ ඉන්න නාකි දේශපාලුවන්ට දැනටමත් පස්සෙන්මනේ ඉන්නේ. ඔවුන්ට ඕනේ සල්ලි විතරයි. පාර්ලිමේන්තුවේදී නිකන් ජෝකර්ලා වගේ හැසිරිලා රටේම කෑලි අතයටින් විකුණන් කන්න තමයි ඕනෑ...

:       1       3

Chandima Madusanka Wednesday, 03 July 2024 09:49 AM

මාතලේ ටෙලිකොම් එකෙන් නම් වෙලාවට වැඩක් කරගන්න අමාරුයි.!

:       0       6

නංගිWednesday, 03 July 2024 03:10 PM

ඩයලොග් එකට කතා කලේ නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2117 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1366 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2190 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3102 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site