IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ටෙලිනාට්‍ය කලාව වෙළෙඳ භාණ්ඩයක් වෙලා

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලිනාට්‍ය නළුවා ලෙසින් සැලකෙන අමරසිරි කලංසූරිය පසුගියදා නිමාවට පත්වූ සුමති ටෙලි සම්මාන උලෙළේදී ජීවිත කාලයටම එක්වරක් හිමිවෙන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. එහෙත් ටෙලිනාට්‍ය කලාවට ඒමට ප්‍රථම 'අහස් ගව්ව', 'හන්තානේ කතාව', 'පරිත්‍යාගය','අපේක්ෂා', 'පූජා' ආදී චිත්‍රපට හරහාද අතිශයින් ජනප්‍රියත්වයට පත් සිනමා නළුවකු වන 'කලං' සමගින් කෙටි කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.

'ඇත්තටම මට මීට පෙර සරසවි, ජනාධිපති සම්මාන, රූපවාහිනී සම්මාන ලැබී තියෙනවා.  විශ්වවිද්‍යාල සම්මානත් ලැබී තියෙනවා. ඒත් මම මෙවර මට ලැබුණු සුමති සම්මානයත් අගය කරනවා. අනික මම දැනගෙන හිටියා මට මේ සම්මානය කොයි වසරකදී හෝ ලැබේවි කියලා" කලං කතාව ඇරඹුවේය.

 

20160829Kalan-1වත්මන් ටෙලිනාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම කණගාටුයි. මොකද අද අපට සිද්ධවෙලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම් අස්සේ ටෙලිනාට්‍යයේ කොටස් කීපයක් නරඹන්නයි. ඒ තරමටම ටෙලිනාට්‍ය කලාව වෙළෙඳ භාණ්ඩයක් වෙලා.

 

රඟපෑම යන්න ජයගැනීමට නම් වේදිකා නාට්‍ය කලාවෙන් රූපණය හැදෑරිය යුතු බවට මතයක් ගොඩනැගිලා?

මම නම් ඒ කාරණාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද මගේ රංගන ජීවිතයේදී නම් වේදිකා නාට්‍ය කලාව යන්න එතරම් අදාළ වුණේ නැහැ. ඒ වගේම වේදිකා නාට්‍ය කලාවෙන් පැමිණි දක්ෂ නළු නිළියන් සිනමාවේ මා සමග වැඩ කරද්දී මට සම්මාන ලැබුණු අවස්ථාත් තියෙනවා. ඒ නිසා රූපණය සඳහා වැදගත් වෙන්නේ අප ලබාගන්නා දැනුම සහ අත්දැකීම් පමණයි. උදාහරණයක් විදිහට මගතොටදී අපට කොතරම් චරිත හම්බවෙනවාද? ඒත් ඔවුන් ගැන ආධුනික රූපණ ශිල්පීන් කොතරම් අවධානයක් යොමු කරනවාද? එම චරිත ගැන සියුම්ව නිරීක්ෂණය කරනවාද? ඒවා තමයි වැදගත් වෙන්නේ. රංගනය පිළිබඳ විධිමත් පුහුණුවක් අනවශ්‍යයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපි එවැනි විධිමත් පුහුණුවක් නොමැතිව වුණත් අත්දැකීම් තුළින් රූපණය ජයගත හැකි බව පෙන්වා තිබෙනවා.

 

හැබැයි විධිමත් රංගනයක් පුහුණුවීමට හැකි ප්‍රමිතිගත ආයතනයක් හෝ පුද්ගලයන් පිළිබඳ ආධුනිකයන්ට යම් ප්‍රශ්නයක් මතුවෙලා?

විධිමත් රංගන පාසලක් තිබීම වැදගත්. ඒත් එවැනි පාසලක් ලංකාවේ නැහැ. අනික ඔබ කියූ පරිදි රූපණය පිළිබඳ උගන්වන ගුරුවරුන් ගැනත් නැවත සොයා බැලිය යුතුයි. ඔවුන්ට රූපණය පිළිබඳ නිසියාකාරව උගැන්විය හැකිද යන්නත් පැහැදිලිවම සොයා බැලිය යුතුයි. මොකද අපිත් ඒ කාලේ  හුඟක් පොත්පත් කියෙව්වා. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම ආදී විශිෂ්ටයන්ගෙන් හුඟක් දේවල් සිනමාව ගැන ඉගෙන ගත්තා. ඒත් පසුගිය කාලයේ නම් අපේ වත්මන් කලාකරුවන් ඉතා කණගාටුදායක සිදුවීම්වලට මුහුණදුන්නා. අපි ඒ ගැන කණගාටු වෙනවා.

 

20160829Kalan-2ඒ කියන්නේ කලාකරුවා සිටිය යුත්තේ කලාකරුවාගේ භූමිකාවේද?

කලාකරුවාට දේශපාලනය කරන්න පුළුවන්. ඒත් ඒ සඳහා එම ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් තිබිය යුතුයි. එහෙම නැතුව හම්බ කරන්න දේශපාලනයේ යෙදෙන කලාකරුවන්ව අනුමත කරන්න මට බැහැ. ඒ නිසා සැබෑ කලාකරුවා මුදල් පසුපස යන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ.  

 

නළුවන් මත යැපෙන කලාවක් බවට සිනමාව, නාට්‍ය කලාව සහ ටෙලිනාට්‍ය කලාව පත්වෙලා නේද?

ඔව්. ඒත් කවුරු නැතිවුණත් සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය කලාව තාමත් පවතිනවා. එතකොට කෝ මෑතකාලීනව සිනමාවට මතුවුණු අලුත් චරිත වැනි ප්‍රශ්නයක් මටත් පැනනැගිලා තියෙනවා. අනික කෝ වේදිකා නාට්‍ය කලාවට මතුවුණු අලුත් චරිත? මොකද අද වේදිකා නාට්‍ය කලාවත් වෙළෙඳ භාණ්ඩයක් වෙලයි තියෙන්නේ. සිනමාවත් එහෙම තමයි.

 

ඒ කියන්නේ වත්මන් ප්‍රේක්ෂකයාගේ රසිකත්වය මොට වෙලාද?

ප්‍රේක්ෂකයා ඉතා බුද්ධිමත්. හොඳ රසිකත්වයක් තියෙනවා. මොකද ඔවුන් හොඳ නිර්මාණයක් දැනගන්න ලැබුණාම සොයාගෙන ගිහින් බලන්න තරම් උනන්දුයි. ඒ තරම් තීක්ෂණ බුද්ධියක් තියෙනවා. අවධානයෙන් ඉන්නේ. හැබැයි ඒ බුද්ධිමත් රසිකයා නිහඬයි. ඒ නිසා දේශපාලන ඇඟිලි ගැසීම් සහ ඇතැම් මාධ්‍යයන් විසින් එම ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය අවුල් කරන බවයි මගේ නම් විශ්වාසය.

 

සටහන - මාලන් විදානපතිරණ



අදහස් (1)

ටෙලිනාට්‍ය කලාව වෙළෙඳ භාණ්ඩයක් වෙලා

නිමේෂා Monday, 27 February 2023 10:00 PM

අත්ත්ටම ඔව්. අද සමාජය දෙස බලන විටි සියල්ලම මුදල මතයි යැපෙන්නෙ. ඒ අනුව ටෙලිනාට්‍ය වානිජකරණයට ලක් නොවී සිටීම පුදුමයක් විය හැකියි. මම බොහෝ අදහස් ප්‍රකාශ නොකරන්නම් මන්දයත් විකාශනය වන ටෙලිනාට්‍ය අවසානයේදී දක්වන නාමාවලිය මෙයට හොදම නිදසුනක් වන නිසාවෙනි. එය බැලු බැලිමින්ම එය වානිජකරණයට හසු වී ඇති බව පසක් වනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 166 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2359 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 883 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2585 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1554 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2830 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site