IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ටේලර් /- විලියම්සන් නවසීලන්තය ගොඩගනිති

කේන් විලියම්සන් සහ රොස් ටේලර් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 209 ක අඛණ්ඩ සම්බන්ධතාව නිසා ශී‍්‍ර ලංකාවට එරෙහිව කොළඹ පී. සරා  ඕවල් පිටියේදී ඊයේ (25 වැනිදා) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුල් දිනය අවසන වර්ෂාව නිසා තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් නුවන් කුලසේකර සහ ශමින්ද එරංගගේ පන්දු යැවීම හමුවේ ලකුණු 14 කට  කඩුලූ දෙකක් අහිමි කරගත් නවසීලන්ත පිල තරගයේ පළමු අඩ හෝරා අඩ තුළ දැඩි අසීරුතාවකට මුහුණ දී සිටියේය. මෙම තත්ත්වය හමුවේ සිය හිස් බිමට නමාගත් නායක රොස් ටේලර් සහ අංක 3 පිතිකරු කේන් විලියම්සන් දෙදෙනා, පැය පහකට වැඩි කාලයක් පුරා  ඕවර 76 කට වැඩි සංඛ්‍යාවට මුහුණ දෙමින් නවසීලන්ත පිල වැටී සිටි අගාධයෙන් ගොඩගත්හ. දිගු කලකට පසුව තමාගේ සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණ වූ රොස් ටේලර්, අලංකාර ‘ෆිලික්’ සහ ‘ඩ‍්‍රයිව්’ පහර ගසමින් විනාඩි 301 ක් පුරා පිටියේ රැඳෙමින්, හතරේ පහර 10 කින් සිය ඉනිම සැරසීය. ටේලර්ට පෙර පිටියට පිවිසි නමුත් පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාව සිය නායකයාට පවරමින් පසෙකට වී සිය කඩුල්ල රැකගත් විලියම්සන්ගේ පන්දු 229 ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය. තරගයේ පළමු  ඕවරයේදීම මාටින් ගප්ටිල් දවාගැනීමට නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ අතර එයින් පන්දු 17 කට පසුව බ්‍රෙන්ඩන් මැකලම්, කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව, ලකුණු 4 කට දැවී ගිය බවට විනිසුරු මාරියස් එරැස්මස් මහතා විසින් තීරණය කරන ලදි. බලාපොරොත්තු කඩවූ මැකලම්, කී‍්‍රඩාගාරයට යාමට පෙර, ඉ`ගිකළේ පන්දුව පා ආවරණයේ වැදීමට පොරතුව සිය පිත්තේද ගැටුණු බවයි. මැකලම්ගේ නිගමනය රූපවාහිනී ප‍්‍රතිදර්ශන මගින්ද මනාව තහවුරු කරන ලදි. කෙසේ වෙතත් ඉනිමේ 10 වැනි  ඕවරයේදී ලකුණු 14 ක් ලබා සිටි රොස් ටේලර් දුන් අසීරු උඩපන්දුවක් රැුකගැනීමට ස්ලිප්හි සිටි ඇන්ජලෝ මැතිව්ස් සමත් වූයේ නම් නවසීලන්ත ලකුණු පුවරුව කඩුලූ 3 ක් දැවී ලකුණු 36 ක් සේ දිස්විය හැකිව තිබිණ. මෙම තරගය සඳහා නැවතත් තිලකරත්න ඩිල්ෂාන් කැඳවීම නිසා ගාල්ල ටෙස්ට් තරගයේදී අලංකාර ලකුණු 60 ක් ලබාගත් දිමුත් කරුණාරත්නට ස්ථානය අහිමි විය. තරගය අද (26 වැනිදා) පෙරවරු 9.45 ට ආරම්භ වන අතර මෙම තරගයේදී ප‍්‍රවේශපත් අළෙවි නොකෙරෙන අතර තරගය නොමිළයේ නැරඹිය හැකිය. ලකුණු පුවරුව නවසීලන්තය - පළමු ඉනිම මාටින් ගප්ටිල් - ඇ.මැතිව්ස් ප.කුලසේකර    4 බ්‍රෙන්ඩන් මැකලම් - ක.මු.කළා ප.එරංග    4 කේන් විලියම්සන් - නොදැවී    95 රොස් ටේලර් - නොදැවී     119 අතිරේක    1 එකතුව  ඕවර 80.5 කදී කඩුලූ 2 ක් දැවී     223 කඩුලූ වැටීම: 1-04(ගප්ටිල්), 2-14(මැකලම්), පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ: ටොඞ් ඇස්ට්ල්, කෲගර් වැන් වික්, ඩැනියෙල් ෆ්ලින්, ටිම් සවුතී, ඩග් බ්‍රේස්වෙල්, ටෙ‍්‍රන්ට් බෞල්ට් සහ ජීටන් පතෙල් පන්දු යැවීම: නුවන් කුලසේකර : 13.5-2-42-1, ශමින්ද එරංග : 14-0-70-1, ඇන්ජලෝ මැතිව්ස් : 5-1-14-0, රංගන හේරත් : 21-2-45-0, සුරාජ් රන්දිව් : 23-3-47-0, තිලකරත්න ඩිල්ෂාන් : 4-0-05-0



අදහස් (0)

ටේලර් /- විලියම්සන් නවසීලන්තය ගොඩගනිති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 0 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 577 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1211 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2792 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3164 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site