IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ටිල්වින් 18 වංගුවේ පයින් යයි

මහනුවර මහියංගන  දහඅට වංගු පාරට පස් හා කළු ගල් කඩා වැටීමෙන් සබරගමු මහ ඇමැති මහීපාල හේරත් හා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන්ගේ වාහනද පාරේ හිර විය.

පැය පහක් පමණ අවහිරය පැවැතියේය.

ටිල්වින් සිල්වා මහතා බාධක අතරින් පයින් පහළට බැස දුරකතන ඇමැතුමක් දී වාහනයක් ගෙන්වාගෙන මහියංගනයට ගියේය.පාරේ අවහිරය අවසන් වන තුරුම මහ ඇමැති එහි රැදී සිටියේය.

ඔහු පයින් යනු දුටු මහ ඇමැති කීවේ මේ ගල පෙරැළිමේ වරද ඔහු ආණ්ඩුවට  කියනු ඇති බවයි.

ටිල්වින් සිල්වා මහතා මහියංගනයේදී කීවේ ප්‍රමිතියකින් තොරව කඳු මාර්ග පළල් කිරීම නිසා මෙවැනි දේ සිදු වන බවයි.

 

 

 



අදහස් (0)

ටිල්වින් 18 වංගුවේ පයින් යයි

මංජු Thursday, 16 January 2014 09:16 AM

ටිල්වින් මන්ත්‍රීතුමා පයින් ගියේ ඇයි? එතුමා එනතුරු වැඩසටහනට සහභාගීවන අනෙක් පිරිස රස්තියාදු කිරීම යුතු නොවන නිසා විය හැකිය. අපේ මහ ඇමතිතුමා පයින් නොගියේ ඇයි ? එතුමා එනතුරු වැඩසටහනට සහභාගීවන අනෙක් පිරිස රස්තියාදු වූවදතමන් කර ඇති කුසල් අකුසල් ගැන හිතලා විය හැකිය. (අ)

:       0       0

කපිල Thursday, 16 January 2014 09:44 AM

කාර්යක්ෂම බව පේනවා තමාගේ ගමන කොහොම හරි යන අධිෂ්ඨානය ..(අ)

:       0       0

අජිත් Thursday, 16 January 2014 11:02 AM

එයා නම් කෝල් දීල වාහන ගෙන්නාගෙන යයි ඒත් සාමාන්‍ය මිනිස්සු කොහොමද ඒක කරන්නේ (දිල්)

:       0       0

චානක Thursday, 16 January 2014 11:23 AM

භාදක මැඩගෙන ඉදිරියට යන්න පුළුවන් අය ඉන්නේ ජේ වී පි එකේ විතරයි ! මෙන්න උදාහරණ !(දී)

:       0       0

නන්දික Wednesday, 15 January 2014 06:01 PM

වෙනස...........................(අ)

:       0       0

ධම්ම Wednesday, 15 January 2014 06:04 PM

පාරට ගල් පෙරළෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේකේ පුදුමේ නම් එක්කෙනෙකුට තමන්ගේ බර ඔසවාගෙන පයින් ඇවිදින්න පුළුවන් අනෙකාට බැහැ.(අ)

:       0       0

ගමරාල Wednesday, 15 January 2014 06:26 PM

හොරට කලින් කෙහෙල් කැන වැට පනිනවා (දිල්)

:       0       0

සත්‍යයා Wednesday, 15 January 2014 06:54 PM

එක්කෙනෙක් සත්‍යය පවසන විට අනේ එක්කෙනා සත්‍යයෙන් පැනල යන්න හදනවා. ලජ්ජා නැතිකම මහා මුදලි (ඇමති) කමටත් වඩා ලොකුයි කියල කියමනක් තියෙනවනේ. (අ)

:       0       0

සෑම් Thursday, 16 January 2014 12:28 PM

ඕස්ට්‍රේලියාවේ අගමැති පහුගිය නත්තල් නිවාඩු කාලේ පවුලත් සමග එංගලන්තෙට හොලිඩේ ගිහිල්ලා තිබුනේ ඉකොනොමි ක්ලාස් එකෙන්.. අපි ඊට වඩා කොතරම් දියුණුද? (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 15 January 2014 07:01 PM

ඇයි මැති ඇමති උනා කියල උන්ට පයන් යන්න බැරිද? ඔතන සාමාන්‍ය මිනිස්සු කොච්චර ඉන්න ඇතිද ඔයට වැඩිය ඉගෙන ගත්ත එහෙම. අනේ අනේ "ටිල්වින් 18 වංගුවේ පයින් යයි" (අ)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 January 2014 08:01 PM

ටිල්වින් සහෝදරයලාට පයින් ගමන් අලුත් දේවල් නෙමේ ඒත් මහ ඈමතිගෙ ගල් කතාවට නම් හිනා වෙනව ඈරෙන්න වෙන දෙයක් කරන්න නෑ (අ)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 15 January 2014 08:13 PM

මහා ඇමතිගේ අදහස හරි. (අ)

:       0       0

සඳුනි Wednesday, 15 January 2014 09:24 PM

එජාප ආණ්ඩු කලේ කවදාවත් ගල් පෙරලුනේ නැහැ (අ)

:       0       0

අමිල Wednesday, 15 January 2014 09:28 PM

මම ඉස්සෙලා කිව්වා වගේ ලඟකදී ඉඳලා ඔය දහ අට වංගුව ප්‍රදේශය වැස්ස කාලෙට හරිම භයානකයි. ඒ කාලෙට ඕක වහල තිබ්බා නම් හරි.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 15 January 2014 09:34 PM

ටිල්වින් මහතාගේ කතාව හරියටම හරි.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 January 2014 09:36 PM

දැන් ඉතින් ගල් පෙරලෙන කතා කියයි.(නදී)

:       0       0

සත්‍යා Thursday, 16 January 2014 03:27 PM

දේශපාලන වෙනස පැත්තක තියමුකෝ.දෙන්නා දිහා බලන කොට කතා නොකළත් ඔය ගමන පයින් යන්න පුළුවන් දෙන්නගෙන් කාටද කියල ඕනෙම කෙනෙක් දන්නවා.(දිල්)

:       0       0

සඳුනි Wednesday, 15 January 2014 09:55 PM

ටිල්වින්ලා කරපු දෙයකුත් නෑ.කරන්න පුළුවන් දෙයක් ඇත්තෙත් නෑ. (අ)

:       0       0

උපාලි Wednesday, 15 January 2014 09:59 PM

ඉස්සර පාරවල්වලට ගල් පෙරලන්කොට ඔය ප්‍රමිතිය ගැන මතක් උනේම නැතිද ටිල්වින් සහෝදරයට? (අ)

:       0       0

කුමාර Wednesday, 15 January 2014 10:06 PM

මතකයිනේ හමබන්තොට වාරයේ තිබුණ ගලට එක්කෙනෙක් අර පැත්තේ ඉද්දි කියපු කතාව සහ අනිත් පැත්තට ආපුවම කියපු කතාව. ලංකාදීප පඨකයිනි හොදදේ හොදින් බලන්න . නරක දේ නරක විදියට බලන්න! (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 15 January 2014 10:11 PM

ඉස්සර නම් කථාව දෝලාවෙන් ගමන පයින් , දැන් කතාව කාර් එකෙන් ගමන් පයින් , අනේ මෙහෙමත් ලජ්ජා නැති සමාජවාදියෝ , මෙයාලගේ දහමට අනුව මේ රථවාහන වලට වය කරන නාස්ති මුදල් රටේ දුප්පත් ජනතාගේ සුබසෙත සඳහා වෙන් කරලා බස් එකේ ගමන් බිමන් යන්න ඕන (අ)

:       0       0

මිනිපෙ Wednesday, 15 January 2014 10:14 PM

හැම තැනකම දේවදත්තලා.(අ)

:       0       0

බුද්ධික Wednesday, 15 January 2014 10:31 PM

ජෙප්පෝ කවදත් බාදක පරදා ඉදිරියට යනවා.... (අ)

:       0       0

පෙරේරා Thursday, 16 January 2014 01:42 AM

ලංකාවේ කිසිම දෙයක් ප්‍රමිතියකට කෙරෙනවද?(අ)

:       0       0

ශාලිත Thursday, 16 January 2014 06:25 AM

අද පාරවල් වලට කියලා විශාල වශයෙන් නය ගන්නවා. මේ මුදල් ඇත්තටම ගන්නේ පාරවල් හදන්නද කියන දේ අයෙත් හිතන්න වෙනවා මේ සිද්දි දැක්කම (අ)

:       0       0

කුසුම් Thursday, 16 January 2014 06:30 AM

අනේ ඇමතිතුමෝ වෙන කෙනෙක් වැරැද්ද පෙන්නන්න කලින් එහෙම පෙන්නයි කියල කලින්ම කියල ඇග බේර ගන්නවා නේද?. අපි ඉතින් බත් නෙමෙයිනේ කන්නේ (අ)

:       0       0

අසාද් Thursday, 16 January 2014 06:49 AM

මහ ඇමතිට කකුල් නැද්ද ආබාධිතයො ඇමතිකම්වලට ගියාම ඔහොම තමයි (අ)

:       0       0

ප්‍රසාද් පෙරේරා Thursday, 16 January 2014 07:20 AM

මෙයින් පෙන්නේන්නේ ජවිපෙයට කුමන බාධක ආවත් ඉදිරියට යාමට ඇති උවමනාව සහ හැකියාව! (අ)

:       0       0

ආනන්ද ආර් Thursday, 16 January 2014 07:23 AM

වැඩ කරන කෙනෙකුට නම් ඔය පැය පහ බොහොම වටිනවා. (නදී)

:       0       0

යසවතී Thursday, 16 January 2014 08:50 AM

වංගුව මැව් වෙනසක අරුමේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 860 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2322 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 428 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 188 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1555 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 36 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site