IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ටෙලි තිරය හැඩ කරන ‘අක්ක - නගෝ’

මේ අක්කා සහ නැගණිය ගැන අද ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනා කතා වන බව කියන්න පුළුවනි. අක්කා වත්සලා කුමාරි දියලගොඩ ගැන අද බොහෝ දෙනාට අමුතුවෙන් කිව යුතු නොවන්නේ ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා ඇය ගැන දන්නා නිසයි. ඇගේ නැගණිය වන බුවිනි චාපා කුමාරි ගැන අද නරඹන්නන් වැඩි දෙනා කතා කරන්නට හේතුව ඇය ද රඟපෑමට එක්ව සිටීම නිසයි. එලෙසින් ටෙලි තිරය හැඩ කරන මේ තරුණ ශිල්පිණියන් දෙදෙනාගේ සැබෑ ජීවිත ගෙවෙන්නෙ මෙන්න මේ විදියටයි.


වත්සලා රඟපෑම තෝරා ගත්තෙ ඇයි?
2006 කැප්රි රූ රැජිණ සහ එම වසරේදීම ඡුවි කල්‍යාණිය ලෙස තේරුණා. එයින් පසුව ලැබුණු මාධ්‍ය ප‍්‍රචාරය එක්ක සුසිල නිෂ්පාදන වෙතින් රඟපෑමට අවස්ථාව ලැබුණා.

 


බුවිනි ඔබ රඟපෑමට ආවේ අක්කා නිසා ද?
නැහැ. 2012 ස්වාධීන රසවාහිනී අවුරුදු කුමරිය ලෙස තරග කළා. ඒ නිසා ලැබුණු අවස්ථාවත් අනුව තමයි රඟපාන්න ලැබුණෙ.

 


මේ දිනවල ඔබ දෙදෙනා රඟපාන නාට්‍ය මොනව ද?
වත්සලා නාලන් මෙන්ඩිස් කළ සතුරුමිතුරු රඟපෑවා. මේ දිනවල විකාශය වන්නෙ ශාන්ත සොයිසා කළ ස්වාධීන රූපවාහිනියෙ විකාශය වන ‘‘සදා’’ නාට්‍ය මාලාවයි. බුවුනි ‘‘මිල්ලෑව වලව්ව’’ විකාශයට නියමිතයි.

 


වත්සලා ඔබ කොහොම කෙනෙක් ද?
බොහෝම විනෝදයෙන් ඉන්න කැමැති කෙනෙක්. ජීවිතේ සැහැල්ලූවෙන් දකින්න කැමැති හරිම සරල කෙනෙක්.

 


බුවිනි ඔබ?
මාත් ඉතාම විනෝදයෙන් සැහැල්ලූවෙන් ඉන්න කැමැති කෙනෙක්.

 


ගෙදර අය වැඩිපුර ආදරේ කාට ද?
වත්සලා: මම හිතන්නෙ මට
බුවිනි: නෑ.... නෑ.... මට.... මට.

 


ආදරය කියන දේ වෙතින් බලාපොරොත්තු වෙන්නෙ?
වත්සලා: මගේ ජීවිතයට ආදරයයි. මට ආදරය කරන පවුලේ අය වගේම හැමෝම මාත් එක්ක මගේ වටේ ඉන්න වග දැනෙන්න  ඕනෑ. ආදරය ප‍්‍රකාශ කරන්න  ඕනෑ.
බුවිනි: මම ආදරයට ගොඩාක් ආදරෙයි. මටත් දෙමාපියන් සහ වටපිටාවේ හැමෝගෙන්ම ආදරය අවශ්‍යයි.

 


දෙන්නගෙන් වැඩිපුර හොඳ අහන්නෙ?
වත්සලා: මම..., මම.
බුවිනි: ඔව්. එයා තමා. මම ඉතින් මොන හොඳ කළත් හොඳ අහන්නෙ අඩුවෙන්.

 


දෙන්නගෙන් වැඩිය ආදරණීය චරිතය?
අපි දෙන්නම ආදරණීයයි.


වැඩිපුර කෑමට කෑදර කවු ද?
වත්සලා: මම්.... ම්.... දෙන්නටම ඉතින් පැණි රස තියෙනවා නම් ඊට වැඩිය දෙයක් තවත් නැහැ.
බුවිනි: ඔව්, ඔව්, චොක්ලට් නැත්තං හදාගෙන හරි කනවා. අපි දෙන්නා පැණි රස මරුවෝ.

 


දෙන්නගෙන් වැඩිපුර දක්‍ෂ?
අපි දෙන්නම දක්‍ෂ ඇති.

 


ගීතවලට ප‍්‍රියතාවය මොන වගේ ද?
වත්සලා: මම විශේෂයෙන් විරහා ගීතවලට ආසයි. ඒ හැර  ඕනෑම ශාස්ත‍්‍රීය ගීතයකට ආසයි.
බුවිනි: විශේෂයක් නැහැ.  ඕනෑම ගීතයක් අහනවා. මේ දිනවල ‘‘මට ඔයා මගෙ පණ වගේ’’ කියන ගීතයට හරි ආසයි.

 


මොන වගේ වර්ණවලට ද ආස?
වත්සලා: කොෆි බ‍්‍රවුන් සහ තද නිල්.
බුවිනි: තද නිල්.

 


මොන වගේ වැඩ සටහන් නරඹන්න ද ආස?
වත්සලා: කාටුන්.
බුවිනි: ඔව්. අපි දෙන්නගෙම පි‍්‍රයතම කාටුන් එක ‘‘ගාෆීල්ඞ්’’ පූසාගේ කාටුන් කතාව නරඹන්නයි.

 


දෙන්නගෙන් වඩා අවංක?
වත්සලා: දෙන්නම එක වගේ අවංකයි.
බුවිනි: ඔව්, ඔව්. සහතික ඇත්ත.

 


බොලිවුඩයේ රඟපාන්න ලැබුණොත් ප‍්‍රධාන නළු චරිතයට කවුද තෝරා ගන්නෙ?
වත්සලා: මම නම් ෂාරුක්.
බුවිනි: මම ෂාරුක්වයි රිතික්වයි දෙන්නම තෝරා ගන්නවා.

 


ජීවිතේ කියන්නෙ මොකක් ද?
බුවිනි: ජීවිතේ විඳින්න  ඕනෑ දෙයක්. මනුෂ්‍ය ජීවිතේ හරි වටින දෙයක්. කලාව නිසා අපි ජීවිතය විඳිනවා.
වත්සලා: නංගි කියන කතාව ඇත්ත. ජීවත් වන කෙටි කාලය විඳවන්න  ඕනෑ නැහැ. විඳින්න  ඕනෑ.

 

 



අදහස් (0)

ටෙලි තිරය හැඩ කරන ‘අක්ක - නගෝ’

පනාගොඩ Wednesday, 30 January 2013 05:53 PM

දගකාරයි, හැඩකාරයි, සුකුමාලයි කිවුවට අනෙක් නිළියෝ කරන කරන වැඩ නම් කරන්න යන්න එපා. (නි)

:       0       0

හිරුන Saturday, 09 November 2013 11:03 AM

දඟකාරයි හැඩකාරයි සමනලියන් වගේ (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 30 January 2013 06:28 PM

මට නම් අක්කාව ලස්සනයි. (නි)

:       0       0

පිටිගල Monday, 28 January 2013 04:11 PM

නංගි පෙන්නලා අක්ක දෙන්නද හදන්නේ (ස)

:       0       0

සුදේශ් Sunday, 27 January 2013 04:07 PM

ශාරුක්යි රිතික්වයි දෙන්නාවම තොර ගන්න (දී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 11:14 PM

අක්කා වගේ කෙළිලොල් දගකාර චරිත ඔබටත් ගැලපෙනවා කියලා හිතෙනවා.. ඔබට ජය..!(නු)

:       0       0

සමන්ත Saturday, 02 February 2013 09:11 AM

සිනමාවේ කොච්චර ඉදිරියට ගියත් අක්කයි නංගියි විදියටම තරහා නොවී ඉන්න. (නි)

:       0       0

රිස්වාන් Wednesday, 06 February 2013 05:42 PM

මම නම් ආසයි දෙන්නටම.(නදී)

:       0       0

පනාගොඩ Monday, 28 January 2013 04:54 PM

මෙම ක්ෂේත්‍රය භයානක තැනක්. (නි)

:       0       0

තෙන්නකෝන් Monday, 28 January 2013 05:03 PM

අපේ රටේ අනෙක් නලු නිළියෝ වගේ වෙන්නේ නැතුව ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබේවා! (නි)

:       0       0

ඉෂාන් උයංගන Wednesday, 30 January 2013 01:57 AM

අක්කට වැඩිය නංගි ලස්සනයි.. ඒත් මේ යන රටාවෙන් පරිස්සමින් ගියොත් හොද අනාගතයක් තියේවි..!(නු)

:       0       0

සුදේෂ් Sunday, 27 January 2013 05:41 PM

දෙන්නම නියමයි. (නි)

:       0       0

පිටිගල Wednesday, 30 January 2013 08:35 PM

ළග එන වැලන්ටයින් මාසයේ ඔබ දෙදෙනාට වාසනාව පිරී ඉතිරේවා! (නි)

:       0       0

ෆාරුක් Monday, 28 January 2013 02:48 AM

ඔබ දෙපලට සුබ පැතුම් (දී)

:       0       0

ගලබඩ Monday, 28 January 2013 03:17 AM

මට නම් නංගි තමයි වැඩිපුර ලස්සන. (නි)

:       0       0

රුක්ෂලා Sunday, 27 January 2013 06:13 PM

දෙන්නම ලස්සනයි. (නි)

:       0       0

සුදත් Tuesday, 29 January 2013 11:43 AM

ක්ෂේත්‍රෙය් ඉහළටම යන්න සුභ පැතුම්..!(නු)

:       0       0

ලියනගේ Sunday, 10 February 2013 04:56 AM

ඔය දෙන්නා අමිම තාත්තගේ සංකලනයක්. ඒ දෙන්නට සදා කාලිකවම ආදරය කරන්න.(නදී)

:       0       0

චතූ Wednesday, 30 January 2013 10:09 AM

සුභ පැතුම් අක්කියෝ! (නි)

:       0       0

සුදී Monday, 28 January 2013 09:50 AM

ඇත්තටම දෙන්නම ලස්සනයි . දෙන්නටම සුබ පැතුම් (ස)

:       0       0

සජී Tuesday, 29 January 2013 01:43 PM

බොලිවුඩයේ රඟපාන්න වරම් ලැබේවා (ස)

:       0       0

නිශාන්ත Tuesday, 05 February 2013 06:42 AM

ඔබලාගේ අදහස් වලට ගැළපෙන අයවම තෝරා කසාද බදින්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 710 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1527 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2300 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5921 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4062 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site