IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ටෙලි නිළිය අසම්මත වැඩක

මෑතදී මියගිය වැඩිහිටියකුගේ බැංකු ගිණුමකින් රුපියල් එක් ලක්ෂ විසි දහසක් වංචනිකව ගත්තැයි කියන ජනප්‍රිය ටෙලි නිළි මලීශා ශ්‍යාමලී ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

උසාවියේ පෙනී සිටි නිළියට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් නියම විය.

මිය ගිය අයගේ දියණිය උසාවියට කියා සිටියේ ඇය තම පියා සමග අසම්මත සම්බන්ධයක් ඇතිකරගෙන සිටින බවයි.

බ්‍රිතාන්‍යයේ පදිංචිකාරියක වන ඇය පොලීසියට පවසා ඇත්තේ ටෙලි නිළිය තම පියාගේ දේපොළ ද වංචා කළැයි ද ඇගේ පැමිණිල්ලේ සඳහන්ය.

වැඩිදුර විභාගය සැප්ත්ම්බර් 12 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

ටෙලි නිළිය අසම්මත වැඩක

සිල්වා Sunday, 12 May 2013 10:42 PM

නොම්මර එකයි. තව උත්සාහ කලොත් තව ටිකක් දියුණු කර ගන්න බැරි වෙන එකක් නැහැ (නි)

:       0       0

ජනක Sunday, 12 May 2013 10:47 PM

රංජනී නැන්දත් නිළිය වගේම කෙනෙක් වගෙයි (නි)

:       0       0

චින්තන Sunday, 12 May 2013 10:52 PM

තාත්තා මෙච්චර දවසක් ජීවත් වුණේ කොහොමද කියලා කවුද එතකොට බැලුවේ? (නි)

:       0       0

විජේ Monday, 13 May 2013 12:54 PM

රුපියල් ලක්ෂයක් දුන්න නම් ටෙලි නිළියක් සල්ලිවලටම ගන්න ලුළුවන්ලු. (ස)

:       0       0

හැරල්ඩ් Sunday, 12 May 2013 11:07 PM

ඔය නිළිය ගැන බම්බලපිටියේ ලංකා බැංකුවෙන් වැඩි විස්තර හොයාගන්න පුළුවන් (නි)

:       0       0

සිසිල් Tuesday, 21 May 2013 12:47 AM

මොකුත් හිතන්න එපා

:       0       0

ජ.හේරත් Monday, 13 May 2013 04:10 AM

අනේ දිසා , රංජනීට නන්දා කියන්න එපා එයාට දුක හිතේවි.(නදී)

:       0       0

වරුණ Monday, 13 May 2013 08:00 AM

නිලියෝ නළුවෝ ඔක්කොම එකයි.නිලියෝ ගණිකා වෘත්තියේ. නළුවෝ ගණිකා මඩම් කරගෙන යනවා. මේ අතර සමහර මහා සිංහලයන් කියාගන්නා නළුවෝ දේශපාලකයන්ට කඩේ යනවා (නි)

:       0       0

ලෙස්ලි Monday, 13 May 2013 08:26 AM

අනේ අපේ නිලියෝ ටික නරක චරිත හොදට රග පානවානේ.. (නි)

:       0       0

ශීලියා Monday, 13 May 2013 08:38 AM

මේක මේ නිළිය විතරක් නෙමෙයි මේ වගේ මිනිහෙක් එක්ක එන ඕනැම කෙනෙක් කරන දෙයක්. මෙතන තියෙන ප්‍රශ්නේ පිටරට පදිංචි දුවට තාත්තා ජීවත් වුනේ කොහොමද කියන එක කොහොම වුනත් ඒ මනුෂ්‍යයගේ දේපොළ ගැන තියෙන කරුණාව හා දුක ගැනයි. අනේ මෙහෙම දරුවෝ.(නදී)

:       0       0

හේරත් Monday, 13 May 2013 08:41 AM

අයියලා එන්ට එපා සවුත්තුව දාන්න. දන්නේ නැතිනම් කට වහ ගෙන ඉන්ඩ අයියා. ඒක ළඟ එන ටෙලි නාටකයේ එක ජවනිකාවක් විතරයි. දෙනවා නේද ලකුණු ඔක්කොම.(නදී)

:       0       0

ඩී.උපුල් Monday, 13 May 2013 03:06 PM

ඉස්සෙලම පුංචි තිරේ ඉන්පස්සේ අනාචාරේ ඊටත් පස්සේ සමහර විට දේශපාලනේ වගේ වැඩක? මේවා තමයි දැන් ලංකාවේ ලේසිම වැඩ.(ස)

:       0       0

ගාමා ගාමිණී ජයසිංහ Monday, 13 May 2013 03:19 PM

ඕක මොකක්ද? නාකි දේශපාලන නිලියෝ ආණ්ඩුවේ බැංකු වලින් ලක්ෂ 60, 70 නිවාස ණය අරගෙන පොලු තියන්න බලාගෙන ඉන්නේ (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 13 May 2013 09:30 AM

ඊළග චිත්‍රපටියට පෙර හුරුවක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

මනෝජ් Monday, 13 May 2013 10:53 PM

ඔය එක ටෙලි නාට්‍යයක පොඩි (තප්පර 5 ක )කොටසක් රගපෑවට මෙයාලා නිලියෝ නෙමෙයි. (නි)

:       0       0

ආනන්ද Monday, 13 May 2013 03:49 PM

දැන් සම්මත වැඩ කරන ටෙලිනිළියොත් ඉන්නවද ? (ස)

:       0       0

සුභසිංහ Monday, 13 May 2013 10:22 AM

සේනාව ඇමරිකාවේ ඉදන් ආවලු.(නදී)

:       0       0

රංජනි Sunday, 12 May 2013 06:22 PM

ගානක් නැහැ දුව තාත්තගේ දේපොළ බලාගෙන ලංකාවේ හිටියනම් ඔය වගේ දෙයක් නොවන්න තිබුනා. නිළිය තාත්තාව බලාගන්න ඇතිනේ. ලක්ෂ එක හමාර මොකක්ද? මෙන්න මෙහෙ එන්න ළමයෝ.(නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 06:24 PM

ටෙලි නිළියන්ගේ අසම්මත වැඩ අපිට ගොඩක් නිතර ඇසෙන දේවල්. බඩු හොරකම් කරන, ගනිකා සේවයේ සිටින, සල්ලි වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන සිද්ධීන් වාර්තාවූ අවස්ථාවන් එමට ඇත. එහෙත් මේ අය අතර බොහෝ හොඳ අයත් සිටිති.(නදී)

:       0       0

අමරේ Monday, 13 May 2013 10:42 AM

හරි වැරදී අපි දන්නේ නැහැ. ජීවත්වෙන්න කරන අරගලය තමයි පෙනෙන්නේ (නි)

:       0       0

පෙරේරා Sunday, 12 May 2013 07:21 PM

බැඳගන්න "ධනවත් ව්‍යාපාරිකයකු" නැතිවුනාම ජිවත් වෙන්න විදියක් තියෙන්නත් එපාය.(නදී)

:       0       0

නෙතුමි Sunday, 12 May 2013 08:16 PM

ටෙලි නිලියන් අද කාලයේ තම ගෞරවය ගැන හිතනවා නම් නොයෙකුත් දේවල් අපට අද අහන්න ලැබෙන්නේ නැහැනේ. අද කාලේ නළු නිළියන්ගෙන් බහුතරය ඇත්ත ජීවිතයෙත් කරන්නේ බොරුව රගදක්වන එකනේ.එයාලගේ ආත්මය නැතිකරගන්නේ එයාලමයි (නි)

:       0       0

ජයසේන Sunday, 12 May 2013 08:19 PM

මේකත් රාජ්‍ය නොවන සංවිධානයක හරි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා ප්‍රකාශයක් නොකරන්නේ ඇයි? (නි)

:       0       0

දිසානායක Sunday, 12 May 2013 09:41 PM

ඔව් දුව, රංජනී නැන්දා කියන දේ අහල ඉන්න.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 13 May 2013 11:58 AM

මාල දිවයින, සිංගප්පුරුව වගේ රටවල් වල හෝටල් වලට අපේ ටෙලි නිළියන්ව පහසුවෙන් ගෙන්වාගන්න පුළුවන්ලු ලංකාවෙ හොටල් වලට වඩා. ඉතාලියේ කට්ටිය තමයි මේවා කියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1628 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 270 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4532 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 477 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 632 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2193 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site