IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය.

ට්‍රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරැසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්‍රීන් බේ නුවර, ඔස්ටි්‍රන් ස්ට්‍රවුබල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවය. ට්‍රම්ප්, විස්කොන්සින් පැමිණියේ ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් ජන රැලියක් ඇමතීම සඳහාය.

ගුවන් යානයෙන් පිටතට පැමිණි ට්‍රම්ප් කුණු ලොරියට ගොඩවූයේ ට්‍රම්ප් දැක ගැනීමට ගුවන්තොටුපොළට රැස්ව සිටි මාධ්‍යවේදීන් බලා සිටිද්දීය. කුණු ලොරියේ, ට්‍රම්ප්ට ඡන්දය දෙන්නැයි පෙන්වන ප්‍රචාරක ස්ටිකර් අලවා හැඩ ගන්වා තිබුණි.

කුණු ලොරිය රවුම් කිපයක් ධාවනය කර, මාධ්‍යවේදීන් අසලට පැමිණ ට්‍රම්ප්, රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් දුන්නේය.  ප්‍රතිවාදී ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට සහ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ට්‍රම්ප් අපහාස කළේ එම අවස්ථාවේදීය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 5 වැනිදා පැවැත්වෙයි. මේ වනවිට ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් ද ඔවුන්ගේ අවසන් මැතිවරණ රැලිවල නියැලෙමින් සිටින බව පැවැසෙයි. එවැනි එක් රැලියකදී කමලාට සහාය දක්වමින් ඊට එක් වුණු වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වැඩකට නැති ‘කසල’ යැයි හඳුන්වා දුන්නේය. ට්‍රම්ප්ගේ කෝපයට මෙය හේතුවක් විය.

‘ඔව්, අපි කසල තමයි, මම මේ කුණු ලොරිය පදවන්නේ ඒ නිසයි’ යැයි ට්‍රම්ප් කුණු ලොරියේ රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය. ඉන්පසු ට්‍රම්ප්, විස්කොන්සින් ජන රැලියකට සහභාගී වූ අතර, එහිදී ද ඔහු සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවෙන් සැරැසී සිටියේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි

පිටරටවැසියා Thursday, 31 October 2024 10:23 AM

පුතාණෝගේ බස් එලවිල්ල මතක් වුණා. ඊට පස්සේ පුංචි ළමයින්ට රැස්වීමේදී මිත්‍රවරුණි කියලා ආමන්ත්‍රණය කරන එකත් මතක් වුණා. සිඟිති ආතල්.

:       55       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියාව - ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්
2024 ඔක්තෝබර් මස 31 91 0

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ .


රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ ඇනහිටලා
2024 ඔක්තෝබර් මස 31 289 0

ශ්‍රී ලංකා රේගුවේ විවිධ අංශ මගින් සිදුකරන රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


රට සේවයට යැවූ ඇමැති ඥාති හිතවතුන්ගේ වාර්තාව එළියට
2024 ඔක්තෝබර් මස 31 1210 0

පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇතැයි විදේ


ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි
2024 ඔක්තෝබර් මස 31 1400 1

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්


අම්බර් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 31 442 2

රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් ( තල්මස් වමනය) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


ගල් වළකට මොටර් රිය පෙරැළී සිව්දරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 31 1593 0

අඩි හැටක් ගැඹුරැති ගල් වලකට මෝටර් රථයක් පෙරළි යාමේන් අද (31) අලුයම සිව් දරු පියකු එම ස්ථානයෙදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 630 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site