IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ට්‍රම්ප් දිනුම්

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ කරටකර සටනක් අපේක්ෂා කළත්, ආරම්භයේ දී පටන් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවිය. 

ඇමෙරිකන් ජනාධිපති ධුරය දිනා ගැනීමට, අපේක්ෂකයකුට අවම වශයෙන් ඉලෙක්ටෝරල් ඡන්ද 270 ක් දිනා ගැනීම කළ යුතුය. ඒ අනුව, ට්‍රම්ප් මෙම 270 සීමාව පසු කළේය. ජයග්‍රහණය කළ ට්‍රම්ප්, බිරිඳ මෙලානියා, පුතු බැරන් සහ පවුලේ සාමාජිකයන් ද සමග ෆ්ලොරීඩාවේ පාම් බීච් රිපබ්ලිකන් වේදිකාවට ගොඩ වී ජයග්‍රහණය සැමරූහ. මෙලානියාට හාදුවක් දීමට ද ට්‍රම්ප් අමතක කළේ නැත.

ඇමෙරිකාව් වස්ථාවට අනුව, ජනාධිපතිවරයකුට ධුරකාල දෙකක් සේවය කළ හැකිය. ට්‍රම්ප් 45 වැනි ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙස 2017 වසරේ සිට 2021 දක්වා එම ධුරය හෙබවීය. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් මෙම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවිනි.

ලැබූ ජයග්‍රහණය තහවුරු කිරීම සිදුවන්නේ ඇමෙරිකන් කොංග්‍රසය එසේත් නැතිනම් පාර්ලිමේන්තුව රැස්වෙමිනි. ඒ අනුව, දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වී, අධිකරණය හමුවේ වරදකරුවකු ද වූ ඇමෙරිකාවේ එකම ජනාධිපති ලෙස 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්, 47 වැනි ජනාධිපති ලෙස ට්‍රම්ප් දිවුරුම් දෙනු ඇත. දිවුරුම් දීම සිදුවනු ඇත්තේ 2025 ජනවාරියේය. ට්‍රම්ප් මෙම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ අභියෝග රැසක් මැදය. ඔහුට මරණ තර්ජන පවා එල්ල විය. 

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී උප ජනාධිපතිවරුන් ද තෝරා ගැනීම සිදුවෙයි. ට්‍රම්ප් කරද්දී, ඔහු උප ජනාධිපති සගයා ලෙස තෝරාගත් 40 හැවිරිදි ජේ.ඩී. වෑන්ස්ට උප ජනාධිපති ධුරය හිමිවෙයි. ට්‍රම්ප් මෙන්ම ජේ.ඩී. වෑන්ස් ද ජාතිකවාදී අදහස් ඇත්තෙකි. තමන් ජනාධිපති වූ සැණින් පැය 24 ක් යෑමට පෙර රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී ඊශ්‍රායලයට සහාය පළ කරන බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඊට අමතරව, උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.



අදහස් (25)

ට්‍රම්ප් දිනුම්

පිටරටවැසියා Wednesday, 06 November 2024 01:47 PM

ලංකාවේ ආතට හාට් ඇටෑක්‌ හැදෙයිද මේ නිව්ස් එක අහලා...?

:       68       75

ලක්මිණිWednesday, 06 November 2024 05:01 PM

යකෝ ඔහෙගේ රටේ එකක් බලාගෙන හිටු

:       0       0

ජගත් ලියනගේ Wednesday, 06 November 2024 02:31 PM

ට්‍රමිප්ටත් ජයවේවා !!!

:       11       171

Kithsiri Wednesday, 06 November 2024 02:32 PM

ජය වේවා! හොර බොරු නැති නියම නායකයෙක්. ඒ රටේ බහුතරයක් මිනිස්සුන්ට මොලේ තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ටත් මොලේ තිබුණාට උන්ට ඡන්දෙ දෙන්න නායකයෙක් හිටියෙ නෑ. ඒකයි ඇත්තම කතාව. නැත්තන් අනුර වගේ බොරු පිඹින චරිත නායකයො වෙන්නෙ නෑ.

:       93       175

wedage Wednesday, 06 November 2024 02:38 PM

යුක්රේනය යුද්ධය නවතිනවා නම් ට්‍රම්ප් හොඳයි...

:       2       108

Don perea Wednesday, 06 November 2024 02:42 PM

සුබ පණිවිඩයක්...!

:       1       66

GAMA VARESE Wednesday, 06 November 2024 02:43 PM

ජූලි චෑං භූමිකාවේ අවසානය ට්‍රම්ප් නව ජනපතිතුමාට ජයවේවා.

:       6       83

මෝටිවේසොන් ආතාWednesday, 06 November 2024 03:17 PM

ජූලි චෑං ආතේ ඔයාට වාරික විදියට හෙන ගහනවා ලංකාවට කරපු විනාසෙට. ඒක නිසා වැඩිය එළියට යන්න එපා හොඳේ...

:       10       65

Chinthaka Wednesday, 06 November 2024 05:05 PM

මෝටිවේසන් උන්නැහේ ගැහැණු අයට ආතා කියන්නේ නැහැ. ගැහැණු කෙනෙකුට කියන්නේ ආතම්මා කියලා මොන්ටිසෝරි දරුවෝ පවා දන්නවා ලැජ්ජයි හලෝ...!

:       22       10

ChandimaWednesday, 06 November 2024 04:22 PM

හලෝ ජුහී චන් කියන්නේ වෘත්තීය විදේශ සේවා නිලධාරිනියක්. ඒ මිනිස්සු දේශපාලනය කරන්නේ නැහැ. ඒ නිසා ජනාධිපති අලුතින් පත් වුණාට තානාපති සේවය වෙනස් වෙන්නේ නෑ. ඒ ලන්කාවේ...!

:       42       25

donWednesday, 06 November 2024 06:08 PM

ඔබ හරි... සමහර විට වෙනත් රටක තානාපති කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට මේ කරගෙන යන වැඩ කොටස නිසා ලංකාවෙම ඉන්නත් පුළුවන්...

:       0       0

Pooja Guys Wednesday, 06 November 2024 02:50 PM

කමලා ඇමරිකන් ජනාධිපති වේවා කියලා පූජා පවත්වපු ඉන්දියාවේ ටික දැන් ඉණට අත්දෙක තියාගෙන...!

:       3       84

Sampath RajapakshaWednesday, 06 November 2024 05:12 PM

ලංකාවේ සමහරක් කට්ටිය (පට්ටිය නොවෙයි පට්ටියේ කට්ටිය) ඔය දේවාල වඳින්න පුදන්න යනවා නේද? කොහොමද ඒවායේ සත්‍ය තත්වය කියලා පේනවා නේද?

:       12       16

ජගත් ලියනගේ Wednesday, 06 November 2024 02:53 PM

ට්‍රම්ප්ටත් ජයවේවා...!

:       1       49

randil dunuwille Wednesday, 06 November 2024 03:04 PM

අනේ ඉතින් පින්සිදු වෙයි... ඇමෙරිකාවට යන්නකෝ... එහෙ නායකයාට හුරේ තියන්නකෝ. එතකොට කමලාට දීපු කෝටි හයකට මොලේ නැතිද... මහත්තයෝ...?

:       42       11

Nimal Wednesday, 06 November 2024 03:23 PM

කිත්සිරි... ඔබ දැන් කියන්නේ අනුරට වඩා ට්‍රම්ප් හොඳයි කියලද? ඇමෙරිකාවේ ඡන්දය තනිකරලා යන්නේ සල්ලි මත... එලෝන් වගේ සල්ලි කාරයෝ නිසයි ට්‍රම්ප් දිනුවේ....!

:       53       12

සරත්Wednesday, 06 November 2024 07:40 PM

අනුරට වඩා ට්‍රම්ප් ගොඩයයි තමයි. ට්‍රම්ප් ඇමරිකාවේ දක්ෂ ව්‍යාපාරිකයෙක්. අනුරට එහෙම පළපුරුද්දක් නෑනේ...

:       3       6

Priyath Liyanage Wednesday, 06 November 2024 03:41 PM

කමලා හැරිස්ට වඩා ඇමරිකාවේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වුණොත් ලංකාවට හොඳයි කියලා මම හිතනවා. දැන් ඔහු දිනුවා. එබැවින් අපි ඔහුට සුබ පතන්නෙමු.

:       2       47

sugath Wednesday, 06 November 2024 04:54 PM

මෙලානියා හැර මෙයා තව කී දෙනෙකුට හාදු දීලා ඇද්ද?

:       0       0

Indi Wednesday, 06 November 2024 05:10 PM

ඉන්දියානු සම්භවයක් තියන කමලා හැරිස්ට වඩා ට්‍රම්ප් දිනපු එක හොඳයි. නැතිනම් ඉන්දියන් කාරයෝ තවත් උඩයනවා...!

:       2       26

Asela Wednesday, 06 November 2024 05:40 PM

ට්‍රම්පච්චිට ජයවේවා!

:       0       0

don Wednesday, 06 November 2024 06:12 PM

දැන් මේ වෙද්දී මුළු ලෝකෙම ජනතාව පුදුමාකාර මානසික ආතතියකින් ඉන්නේ... විශේෂයෙන්ම ෆේස්බුක් සහ යූ ටියුබ් මගින් ලෝකයේ ඕනම රටක ඕනම තරාතිරමක කෙනෙක්ට ලෝකයේ තියෙන සුරසැප පේනවා. ඉතින් මිනිස්සු ඉන්නේ පුදුම මානසික ආතතියකින්.

:       0       0

මංගල Wednesday, 06 November 2024 07:46 PM

සුභම සුභ ආරංචියක් !! ජයවේවා ලොකේට සාමය ලැබීම ස්ථීර වුණා... ට්‍රම්ප් කිසිම යුද්ධයකට සහය නොදෙන බව ප්‍රකාශ කලා. ඇමරිකන් ජනතාවට ස්තුතිවේවා.

:       0       0

Savundra Wednesday, 06 November 2024 09:06 PM

ට්‍රම්ප්ගේ වයස 78යි. ලංකාවේ නම් දැන් හැටියට වයස වැඩියි. හැබැයි ජේ.ආර්.ජයවර්ධන මුලින්ම අගමැති වුණෙත් වයස 70දී. එතකොට නම් කවුරුත් ඔහුගේ වයස ගැන කිව්වේ නෑ.

:       0       0

Chandanie Thursday, 07 November 2024 06:13 AM

ලංකාවේ මේ පුවත් වාර්තා හා අදහස් කියවන පාඨකයෝ කරන ඩිස්ලයික් දැක්කාම හිතෙනවා තවත් අවුරුදු සියයක් ගියා වුණත් ලංකාව නම් කිසිදාක ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් මිස සංවර්ධනය වුණු රටක් නොවේවි කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 334 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 552 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 846 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 605 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1820 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 540 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 152 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 738 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site