(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 299 දෙනකු පැනමාවට පිටුවහල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පසුගියදා පියවර ගත්තේය.
එලෙස පිටුවහල් කළ සංක්‍රමණිකයන් 299 දෙනා පැනමාවේ ඩිකැපොලිස් තරු පන්තියේ හෝටලයේ රැඳවීමට එරට බලධාරීහු කටයුතු කළහ. එම හෝටලය ඉදිරිපිට හමුදා ආරක්ෂාව දැමීමට කටයුතු කර තිබෙන බවත් ඇතැම් සංක්‍රමණිකයන් අපට උදව් කරන්න ලෙස පුවරු හෝටලයේ ජනේල තුළින් ප්‍රදර්ශනය කර තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඩිකැපොලිස් හෝටලයේ රඳවා සිටි පිටුවහල් කළ පිරිස අතරින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 100 දෙනකු තම රටවල් වලට යෑමට අකැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් පැනමාවේ ඩේරියන් වනාන්තරය පෙදෙස ආසන්න කඳවුරක් වෙත යැවීමට පැනමා බලධාරීහු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉතිරි පිරිසෙන් 175 දෙනකු සිය රටට යෑමට කැමැත්ත පළ කර ඇති බවත් 13 දෙනකු මේ වනවිටත් ඔවුන්ගේ රටවල්වලට පිටුවහල් කර අවසන් බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.
තම රටට යාමට අකැමැති හෝ එම සංක්‍රමණිකයන් අයත් රටවල් ඔවුන් බාර ගැනීමට අකැමැත්ත පළකළ ආසියානු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් මධ්‍යම ඇමෙරිකානු රටවලට පිටුවහල් කිරීම ඇමෙරිකාව පසුගියදා ආරම්භ කළ අතර ඒ යටතේ මෙම සංක්‍රමණිකයන් 299 දෙනා පැනමාවට පිටුවහල් කරනු ලැබුවේය.
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී.
ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්
හිටපු හමුදා සෙබළකු වැලිකන්දේ පාසල පැන එහි නවය වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් තුළදී, කනට පහරදීමෙන් එම සිසුවා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ
මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය ’කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය.
පෙනහළු ආසාදනයක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගතවුණු පැය 24 දී නරක අතට හැරුණු
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
ට්‍රම්ප් සංක්‍රමණිකයන් ගැන ගත් තීරණය