(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනපති ට්‍රම්ප් ෆොක්ස් පුවත්සේවය සමග සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙරේදා(22) ධවල මන්දිරයේදී සහභාගී වී ඇති බවත් එහිදී හිටපු ජනපති ජෝ බයිඩන් සිය ධුරයේ අවසන් දිනයේදී ඔහුගේ පවුලේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් විවේචනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිය පළමු ධුර කාලය අවසන් වීමට මත්තෙන් තමාටද මෙම අවස්ථාව ලැබුණු බවත් නමුත් එහිදී කිසිවෙකුට ජනපති සමාව ලබාදීමට අවශ්‍ය නැති බව තමන් ප්‍රකාශ කළ බවත් ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත. කිසිවෙකු වරදක් කර නොතිබූ බැවින් එලෙස ජනපති සමාව ලබාදීමේ අවශ්‍යතාවයක්ද පැන නොනැගුණු බවද ට්‍රම්ප් එහිදී පැවැසුවේය.
තමාට රිදවීම සඳහා ප්‍රතිවාදීන් තම පවුලේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර තිබෙන බව පවසමින් බයිඩන්ගේ සහෝදරයන් ඇතුළුව පවුලේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීපදෙනෙකුට පූර්ව ජනපති සමාව ලබාදුන්නේය.
" මේ මනුස්සයා හැමෝටම ජනපති සමාව දිදී ගියා නමුත් විහිළුවට කරුණනම් ඒක කණගාටුදායක දෙයක් වෙන්නත් පුළුවන් මේ මනුස්සයාට අමතක උනා එයාට ජනපති සමාවක් දී ගන්න" ජනපති ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවේදී පැවැසුවේය.
යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා
ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි ව
තීරූ බදු රහිත බලපත්‍ර වලට විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසමින් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින නිර්වින්දන වෛ
පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින්
ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්
නිෂ්කාශනය නොකළ බහාලුම් 2,458 ක් කොළඹ වරාය තුළ ඇති බවත් නැවතත් බහලුම් තදබදය නිර්මාණය වෙමින් පවතින බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි