පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් යාපනය දිස්ත‍්‍රීක්කයෙන් මකුළුවා ලකුණින් ස්වාධීනව තරග කරති.
මෙවර මැතිවරණයේදී පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් දෙමළ ජාතික සන්ධානයෙන් තරග වැදීමට ඉල්ලා සිටියද එය ප‍්‍රතික්‍ෂෙප විය.
මකුළුවා ලාංඡනයෙන් යාපනය දිස්ත‍්‍රීක්කයට තරග වදින හිටපු කොටි සාමාජිකයින්ගේ කණ්ඩායම් නායකයා වූ නඩේසපිල්ලෙයි විද්‍යාධරන් උදයන් හා සුඩර්ඕලි පත්‍රවල හිටපු කර්තෘවරයෙකි. ඔහු කියා සිටින්නේ උතුරු නැගෙනහිර මුල් බැසගත් දේශපාලනයට තම පක්‍ෂයේ ආගමනයෙන් බලපෑමක් එල්ලකොට ජනතාවාදී යුගයක් බිහි කිරීමට අවස්ථාවක් උදා වන බවයි.
රටේ එකමුතුකම හා සංවර්ධනයට උතුරත් දකුණත් අත්වැල් බැඳගත යුතු බවත් උතුරේ තරුණයින් පිරිසක් හම්බන්තොට පැමිණ ශ්‍රමදානයක් කිරීමට කැමති බවත් විද්‍යාධරන් කියයි.
දෙමළ තරුණ ආකල්ප ගැන දෙමළ ජාතික සංධාන නායකයන්ගේ ආකල්පද කාලීනව වෙනස්විය යුතු බව ඔහු පවසයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ටී.එන්.ඒ.ආකල්ප වෙනස්විය යුතුයි‘
ඉසුරන්දි Tuesday, 14 July 2015 05:36 AM
විය යුත්තේ ඕක තමයි. ජාති ආගම් බේදයෙන් තොරව එකාමෙන් අත්වැල් බැඳ ගත යුතුයි හැමෝම. මොකද අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ නිසා. (ර)
රසල් හේමන්ත Tuesday, 14 July 2015 05:57 AM
අපි හැමදාමත් බලාපොරොත්තු වුනේ මෙි දේ තමයි දැන්වත් තේරෙන එක ලොකු සතුටක්. (ර)
දුමින්ද Tuesday, 14 July 2015 05:59 AM
මකුළුවා මස් කන සතෙකි (අ)
ජූඩ් ප්‍රසන්න Tuesday, 14 July 2015 06:08 AM
අද යාපනයේ 80% තරුණ පිරිස ඉන්නේ ඔබගේ ඔය මතය පසුපසයි. අලුත් දේශපාලන සංස්කෘතියක ආරම්භයක් සුභ පැතුම් (නදී)
එච්.ඒ.ප්‍රියන්ත Tuesday, 14 July 2015 08:07 AM
මම ඔබේ සිතුවිලි අනුමත කරනවා. අපි මිනිසුන් ලෙස සිතිය යුතුයි (බ)
සුරනිමල Tuesday, 14 July 2015 08:39 AM
අපි ජිවත් වෙන ඉතා සුළු කාලය සතුටින් සහෝදරත්වයෙන් ජිවත් වීමට අපි සියලු දෙනාටම සිත් සතන් පහල වේවා . (ම)
සංජීව Tuesday, 14 July 2015 08:49 AM
සුභවාදීව සිතා මොවුන්ගේ ව්‍යායාමයට අපිත් උපකාර කරමු. කොච්චර ලස්සන රටක්ද මේක දේශපාලුවෝ නෙවෙයි නම්. (ස)
නාමල් Tuesday, 14 July 2015 09:05 AM
දකුනේ සිංහල අන්තවාදීන්ගේ ආකල්පත් වෙනස්වුනානම් තමා හොද (බ)
බණ්ඩාර Tuesday, 14 July 2015 09:19 AM
ටී එන් එල් එකෙත් එහෙම වෙන්න ඕනේ , ටී එන් ඒ එකේ විතරක් නෙවෙයි. (ස)