"අපි මේ ක්‍ෂේත්‍රයට පිවිසුණේ බිය සහ සතුට එක්ක"
ටී.එම්.ජයරත්න
"තමන්ගෙ වැඩේ කරලා ආවම හරියි කියන තැන අද ඉන්නේ"
උදය ශ්‍රී
දක්ෂ වයලින් වාදකයෙකු වන ඔහු ගුරුවරයෙකුද වෙයි. මේ වනවිට විශ්‍රාම සුවයෙන් සිටින ඔහු ටී.එම්.ජයරත්නය. වර්තමානයේ ජනප්‍රිය ගායකයෙකු වන උදය ශ්‍රී සමග ඔහු මෙවර "එකවගේ දෙන්නෙක්" හා සම්බන්ධ වෙයි.
ගීත නිර්මාණකරණය ගැන කතා කළොත් අතීතය ඇත්තටම වර්තමානයට වඩා සොඳුරුද?
ටී.එම්.ජයරත්න
මං හිතන්නෙ ඒක කාලීන ප්‍රශ්නයක්. මට ඒ අතීතය සොඳුරු වෙන්න පුළුවන්. ඒ වගේම තවකෙනෙකුට මේ වර්තමානය සොඳුරු වෙන්න පුළුවන්.
තවත් කෙනෙකුට තව වසර 100කට පස්සෙ සොඳුරු විය හැකියි. මෙය පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. ඔහුගේ පරිකල්පනයට අනුව වෙනස් වෙනවා. අපට තිබෙන සංස්කෘතියත් සමග තමයි අප ගොඩනැගෙන්නේ. එදා පැවති සමාජ පරිසරය වෙනස්. මෙයට සංස්කෘතිය බෙහෙවින් බලපානවා.
අධ්‍යාපනය, පාසල, ගුරුවරු, දෙමව්පියෝ මේ සියල්ල බලපානවා. ඊට අනුරූපීව තමයි සියල්ල සිදුවෙන්නෙ. මම සොඳුරුයි කියලා කියන්නෙ මේ හේතුව නිසයි. මට ගායකයෙක්, වාදකයෙක් වෙනවා කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. මූලික වුණේ අධ්‍යාපනය පමණයි. අපි හැමවිටම හැකි උපරිමයෙන් අධ්‍යාපනය හොඳින් කරගෙන යන්න උත්සහ කළා. සංගීතය විෂයක් ලෙස හමුවෙනවා. ඒ මගේ පළමු පාසල ශාන්ත අන්තෝනී විද්‍යාල‘යෙන්. එහි ඉගැන්වූයේ ඉංග්‍රීසි මාධ්‍ය‘යෙන්. පියානෝව තියාගෙන සංගීත ගුරුතුමිය සංගීතය ඉගැන්වුවා. කුරුණෑගල මලියදේව විද්‍යාල‘යේදී තමයි සරිගමපදනි ඉගෙන ගත්තෙ. සංගීතය හදාරන්න යොමුවුණේ එහිදි. ඒ පදනම මේ දක්වා පැමිණියා.
චිත්‍ර, නැටුම්, සංගීතය කියන සෞන්දර්යය විෂයන්වලට ගුරුවරු ඉල්ලලා ගැසට් කරලා තියෙනවා කියලා මගේ ගුරුතුමා වරක් මට කිව්වා. මම විශ්වවිද්‍යාල ප්‍ර‘වේශය ලබලා ඉන්න කොට තමයි ඒ ගැන දැනගන්න ලැබුණෙ. එදා ගුරුවරු දෙවිවරු. ඉගෙන්වීම පමණක් ඒ ගුරුවරු මූලික කරගත්තෙ නෑ. ඒ දරුවාගේ අනාගතය ගැනත් ඔවුන් හිතුවා. අද වගේ නෙමෙයි, සංගීතය එහෙම නැත්නම් කලාව කරලා කිසිම කෙනෙකුට හිරිගියේ නෑ වගේ මතයක් තමයි සමාජය තුළ තිබුණේ.
සිකුරාදා දවසක වයලීනය පුහුණු වෙන්න කියලා මට සර් වයිලිනයක් දුන්නා. නමුත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා. මම වයලීනය ගෙදර ගෙනාවා. "මේ මොකද මේක උස්සගෙන අවේ. ඕවා කරලා හරියන්නෑ" කියලා දෙමවුපියෝ කිව්වා. මම ටිකක් පසුබෑවා. ඒ අය දැරූ මතය ඒක. අද මට ගායකයෙක් හා වාදකයෙක් වෙන්න ලැබිලා තියෙනවා. ඒ අධ්‍යාපනය විසින් අපිව සුදුසුසෝ බවට පත්කළා. සංගීත විද්‍යාලයට එන දෙවන ඉන්ටව් එකේදී හිටපු කවුරුත් මම අඳුරන්නෙ නැහැ. මම නම අහලා තියෙන කෙනෙකුට හිටියෙ වික්ටර් රත්නායක විතරයි. ඔහු ඒ වනවිට එතරම් ප්‍රසිද්ධ නැහැ. මගෙයි, වික්ටර්ගෙයි ඇසුරට දැන් අවුරුදු 57ක් වෙනවා. එහෙම කිව්වාම පුදුම වෙන්න එපා. ඒ මට අවුරුදු 16 ඉඳලා ගොඩනැගුණු හිතවත්කමක්. බලාපොරොත්තු නොවුණ වෙලාවක තමයි රැකියාවට යන්න සිදුවුණේ.
ජන සංගීත පර්ක්‍ෂණ අංශයට තමයි මම යොමුවුණේ. සීවී.එස්.ගුණතිලක මහත්තයා තමයි ගුවන්විදුලියේ සංගීත පර්යේෂණ අංශයේ සිටියේ. වයලීන වාදකයෙකු ලෙස තමයි හිටියේ. ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක වැනි අය මාව ගීත ගායනයට යොමු කළා. නිර්මාණ ගායනා කළා. සරත් දසනායක, ප්‍රේමසිරි කේමදාස, ස්ටැන්ලි පීරිස්, ක්ලැරන්ස් විජේවර්ධන, ෂෙල්ටන් ප්‍රේමරත්න, එම්.එම්. ජයවර්ධන, නිමල් මෙන්ඩිස් වැනි අයගේ නිර්මාණවලට මම දායක වුණා. පටන්ගැනීම අමාරුයි. ගුවන්විදුලියට ආවේ කේමදාස මහත්ත නිසයි. ගුවන් විදුලිය සුන්දර තැනක්, කලාකරුවෝ සියලු දෙනාම හමුවුණ එකම තැනක්. කලාකරුවන් බස් එකෙන් ඇවිත් ගුවන්විදුලි සංස්ථාව ළඟ බහිනවා. ඒ දවස්වල ගුවන් විදුලියේ අහන් ලැබුණ බොහෝ වැඩසටහන්වලින් ඥානනය වුණා, දැනුවත් වුණා. පසුකාලීනව ඒවා ගොඩක් වෙනස් වුණා.
උදය ශ්‍රී
අද වනවිට බොහෝ වෙනස්කම් සිදුවෙලා තිබෙනවා. ටී.එම් සර්ගෙ අංග සම්පූර්ණ පිළිතුරක් තියෙනවා. මං එයට බොහෝ කැමතියි.
පුද්ගලයාගෙන් පුද්ගලයාට සමාජය වෙනස් වෙනවා. ඒක ගොඩක් අපි තේරුම් ගන්නෙ නැහැ. මේ ලෝකෙ කිසිම දෙයක් එදා තිබ්බ විදියට අද තියෙන්නෙ නෑනෙ. දැනට අවුරුදු පණහකට විතර මතු පරම්පරාව මීට වඩා වෙනස්.තරගකාරීත්වය එකක එදා තිබ්බ නිස්කලංක බව අද වෙද්දි නැතිවෙලා. ටී.එම්. සර්ගෙ කාලේ තරගකාරීත්වය ගොඩක් අඩුයි. ඒ තරගකාරිත්වය වගේම මුදල් පසුපසම හඹාගෙන යන්න ඕන කියලා දෙයක් ඒ කාලෙ නැහැ. ඒ කාලෙ නිර්මාණකරණයට සුදුසු පරිසරය තිබුණා. සීමිත පිරිසක් තමයි කලාවේ නියැළුණේ. අද වෙනකොට ඕඩියන්ස් එකට වඩා ඉන්නවා ආටිස්ලා. ඒ වගේ තත්ත්වයක් අද තියෙන්නෙ. ඒ කාලේ එහෙමම නැහැ. සුන්දර මිනිස්සු තමයි ටී.එම් සර්ලාට කතාකරන්න ලැබිලා තියෙන්නෙ. අද වනවිට මෙය ව්‍යාපාරයක් බවට පත්වෙලා. විදේශ රටවල්වල හොඳයි, නරකයි දෙකම අපි අරගෙන තියෙනවා. මේ දේවල් එක්ක තමයි දැන් මේ පවතින නැනට පැමිණ තිබෙන්නේ. මට පස්සෙ පරම්පරාවේ පවා දක්ෂතා තිබෙන පිරිසක් ඉන්නවා.
බොහොම අමාරුවෙන් තරගාකාරීත්වයෙන් මිදිලා තමයි ඒ අයට එන්න වෙලා තියෙන්නෙ. එය ලංකාවට පමණක් අවේණික දෙයක් නෙමෙයි. විවේකය මාත් ඇතුළු අනික් හැමෝටම අඩුවෙලා. හොඳ නිර්මාණ බිහිවෙන්න විවේකය අත්‍යඅවශ්‍යවෙලා තියෙනවා. සමාජීය දේවල් එක්ක තමන්ගෙ මාර්ගය බලෙන් හොයන් වැඩකරන්න වෙලා තියෙන්නෙ. දැන් මිනිස්සු අනුන්ගෙ දේවල්, ඒ කියන්නෙ ගොසිප් හොයන්න ගොඩක් කැමතියි. වක්‍රාකාරව බැලුවාම නිර්මාණකරණය ඇති වෙනවා. ගොඩක් නිර්මාණවල ගොසිප් එකක් හදාගන්න තමයි උත්සාහ කරන්නේ. නිර්මාණය නැතිවෙලා යන අවස්ථාත් තියෙනවා. අද කාලේ දෙගොල්ලොම ඉන්නවා, ඒකයි වෙනස. අද නිර්මාණ කරන පිරිසට වඩා ව්‍යාපාර කරන පිරිස වැඩිවෙලා තියෙනවා.
මේ පරම්පාරාවට සිදුව තෙබෙන්නේ එයද?
ටී.එම්.ජයරත්න
කිව්ව කතාවේ සාධාරණ බවක් තියෙනවා. අපි ආරම්භය ගත්ත ගුවන්විදුලිය විශ්වවිද්‍යාලයක් වගේ කියලා මම කිව්වෙ. සංගීත දැනුම ලබාගන්න ශාස්ත්‍රීය පසුබිමක් තිබුණා. අපි මේ ක්‍ෂේත්‍රයට එන්නෙ බලාපොරොත්තු නැතුව. තරගයකුත් නැතුව. තරගයක් තිබ්බෙ නෑ. කිව්ව කතාව ඇත්ත. හොඳ යමක් ඉදිරිපත් කරන්න ඕන කියල සතුට සහ බය අපිට තිබුණා. අපි එක පැත්තකින් අපි එන්නෙ සෙල්ලම් ක්ෂේත්‍රයකට නෙමෙයි.
මොහොදින් බේග් මහත්තයා ඉන්නවා. කේමදාස මහත්තයාට වගෙ ඔහුටත් සහතිකපත් තිබෙනවාද දන්නෙ නැහැ. ඒ වුණාට ඔවුන් ඉහළම තලයක හිටියා. එම්.එස්.ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවආරච්චි, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ඇන්ජලීන් වගේ මහා යෝදයන් පිරිසක් අතරට තමයි වික්ටර් රත්නායක මහත්තයාත් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්තයත් එන්නෙ, එත් එක්කම මමත් එන්නවා. අපි හරි බයකින් මේ ක්‍ෂේත්‍රයට ආවේ. එක බස් එකේ ප්‍රසංගයක් සඳහා යන කොට, එක ශාලාවක ප්‍රසංගයක් සඳහා කතා කරන කොට අපි ප්‍රවීණයන් දිහා බලන්නෙ හොරෙන්. ඒකාකාරී ගීත රාටාව ඒ කාලෙත් තිබුණා. එය වෙනස් කළේ වික්ටර් රත්නායකගෙ %සිහිල් සුළං රුල්ලෙ^ වගේ ගීත. ඒ තුළින් ලොකු පිබිදීමක් ඇතිවුණා. ශ්‍රාවකයා වෙනසක් ඇති කළා. අපට පූර්වාදර්ශයක් වුණේ ගුවන්විදුලිය. ආචාර්ය පණ්ඩිත් අමරදේවගෙ, සුනිල් ශාන්තයන්ගෙ ගීත අපි ඇහුවා. මිල මුදලක් ගැන කිසිසේත්ම කවදාවත් හිතුවෙ නෑ. ගේය පද රචකයා උපරිම ශක්තිය යොදවලා හොඳ ගීතයක් ලියනවා. සංගීත නිර්මාණය කරන සංගීතඥයා හොඳ වචනයක් ලැබෙනකම් පිපාසාවකින් ඉන්නවා. ගායකයත් එහෙමයි. ඒ වෙනකොට ගායකයා පුදුම සතුටකින් ඉන්නෙ. අර්ධ පූර්ණ ගීයක් ගැයුවා කියන එක සතුටක්. එදාට නින්ද යන්නෙත් නැහැ.
අපි එදා ගීත ගැයුවෙ ඔය විදියට. ඒ ලැබුණ තනුවට වචන ගායනා කරලා ගෙදර ආවා. නමුත් අද කාලය වෙනස් වෙලා. එදා තිබුණ කාර්එක නෙමෙයි අද තියෙන්නෙ. බොහෝ සුඛෝපභෝගි ලෙස සියුම් ලෙස එය නිර්මාණය වී තිබෙනවා. ඒ ගැන සතුටුයි. ආකර්ෂණීයයි. නමුත් නඩත්තුව ටිකක් අපහසුයි. නඩත්තුවට හරියට වියදම් යනවා. ඒ වගේ තමයි හැකියා තිබෙන තරුණ තරුණියන් ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ අපි අගය කරනවා. කවදාවත් නිර්ධය ලෙස විවේචනය කරන්න නරකයි. වටිනා දේ අගයන්න ඕන. සමහරු විවේවෙචනය කරනවා. කවදත් එහෙම නේ.
උදය ශ්‍රී
ඔව්. එය සාපේක්‍ෂයි. සමාජීය, ආර්ථික, දේශපාලන ලෙස වෙනස්. තමන් දැන ගන්න ඕන ඒක. පැවැත්මක් තියාගන්න ඕන විදයක් තිබෙනවා. නිර්මාණශීලීව තනුවකට දෙන දායකත්වය ලබාදිය යුතුයි. මේක වෙනස් කරන්න බෑ. මෙම රාමුවෙන් වෙනතකට පැන්නොත් හරි අමාරුයි. තමන්ගෙ ප්‍රතිපත්ති නැති කර ගන්නෙ නැතුව ඉදිරියට යන්න ඕන. සමහර ප්‍රවීණ ශිල්පීන් විවේචනය කරනවා. මම හිතන්නෙ ඔවුන් විවේචනය කරමින් සිටි පමණින් මෙය වෙසන් කරන්න බැහැ. මේ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දැක්වි හැකි නම්, මෙයට බලපෑමක් කළ හැකියි. සමාජ වෙබ් අඩවි ගන්න. අප කතාකරන දේවල් බලන්න. සමාජය පිරිහිලා තියෙන්නෙ. ඔවුන් නිවැරදි මාර්ගයට ගන්න එක තමයි හොඳ.
ටී.එම්. ජයරත්න මහතා ප්‍රකාශ කළා වික්ටර් රත්නායක මහතා සමග වසර 56ක සුහදත්වක් තිබුණා කියලා. එහෙත් අද ඒ සුහදත්වයට මොකද වෙලා තියෙන්නේ?
උදය ශ්‍රී
ඒක එහෙම තියෙනවා. මත භේද ඇතිකර ගත්තෙ නැහැ. (ටී.එම්.ජයරත්නගේ කාලේ වගේ) අද වනවිට වෙලාව කියන එක මදිවෙලා තියෙනවා. සුහදත්වයක් නැහැ. මම අහලා තියන විදියට ඉස්සර එක දවසේ ෂෝ දහයකට ගිය අය ඉන්නවා. අද තියෙන මානසිකත්වය එක්ක ඒක වෙනස් වෙලා. තමන්ගෙ වැඩේ කරලා ආවම හරි කියන තැන අද අය ඉන්නෙ. සමහර අය ඉන්නවා ආත්මාර්ථකාමී විදියට සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරද්දි, ඉස්සෙල්ලා යන්න අවශයි කියලා ප්‍රශ්න ඇති වෙනවා. අද සමාජයේ තරගකාරිත්වය එක්ක සුහදත්වය නැතිවෙලා.
ටී.එම්.ජයරත්න
ගීත ගායනා කළාම ඉල්ලුමක් ඇතිවෙනවා. විවෘත වේදිකාවක ප්‍රසංගවලට මම ගිහින් තියෙනවා. විවිධ රසගුණ කියන පිරිසක් ඉන්නේ. ඒ කාලෙත් ප්‍රසංගයක විවිධත්වයක් තිබුණා. පසුකාලීනව අර්බුධකාරී තත්වයක් පැන නැගිලා තියෙනවා.
එය දරාගන්න අපහසුයි. මුදලක් ලැබුණා, වාහනයක් ගත්තා. මුදලත් එක්ක තමයි මේ තරගය පටන් ගත්තෙ. මුදල නැති කලේ හොඳ දෙයක් දෙන්න උත්සහ කළේ. පසුකාලීනව මට කිසිම බයක් නෑ. සතුටක් නෑ. මම විවේචනයට හරි අකමැතියි. විවේචනය කරන්න ඕන නෑ. ඒ අය ඒක කරගෙන යයි. මම මගේ දේ කරනවා. මිනිසුන් මධ්‍යයේ නිර්ධය ලෙස විවේචනය කරන එක නෙමෙයි හරි, ළං වෙලා ආලයෙන් කියා දීම තමයි හරි.
උදය ශ්‍රී
මම ටී.එම්. සර් දුන්න පිළිතුරුවලට මම ගොඩක් කැමති. එවැනි ප්‍රවීණයන් ඇසුරු කරන්න කැමති. මියුසික් ඉන්ඩස්ටී එක ගැන ප්‍රශ්නයක් ඇහුවා. මේ යන විදිය ගුණාත්මකව වෙනස් කරන්න යෝජනා කිහිපයක් මගේ තිබෙනවා. මේවා ස්ථාපිත විය යුතුයි. කර්තෘ භාග ගෙවීම මුලින්ම සිදුවිය යුතුයි. පවතින ආණ්ඩුවට තමයි මෙහි අධිකාරී බලය තියෙන්නෙ. CD මාකට් එක ගැනත් එහෙමයි. විදේශ රටවල රසිකයන් සල්ලි දීලා තමයි ගීත ඇල්බම් ගන්නෙ. අපේ රටේ ගූගල්වල සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරන්න. රසඥතාවය ගැන ප්‍රශ්නයක් වගේම, ගුණාත්මක නිර්මාණයක් අහන්නත් බැරිවෙනවා. මේ ගැටලුව විසඳෙන තාක් මේ ක්ෂේත්‍රයෙ ගැටලු මතුවෙනවා.
සටහන නිදුක් මදුෂික/ඡායාරූප - මිහිර බණ්ඩාර
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටී.එම්.ජයරත්න - උදය ශ්‍රී : එක වගේ දෙන්නෙක්