(විමුක්ති එස් රුද්‍රිගු)
ඒඩන් බොක්කේදී හූති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයට ලක්වූ ටෲ කන්ෆිඩන්ස් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙක් එම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය.
එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ටෲ කන්ෆිඩන්ස් නෞකාවේ ආරක්ෂකයින් ලෙස සේවය කර ඇත. ටෲ කන්ෆිඩන්ස් නෞකාව කාර්ය මණ්ඩල සාමාජිකයන් විසි දෙනෙකුගෙන් සහ ආරක්ෂකයින් තිදෙනෙකුගෙන් සමන්විත විය.
මිසයිල ප්‍රහාරය හේතුවෙන් ටෲ කන්ෆිඩන්ස් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු මිය ගියේය.එලෙස මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු පිලිපීන ජාතිකයන් වූ අතර ඉතිරි සාමාජිකයා වියට්නාම ජාතිකයෙකු විය.එසේම ප්‍රහාරය හේතුවෙන් තවත් සාමාජිකයන් සිව් දෙනකු තුවාල ලබා ඇත.
මිසයිල ප්‍රහාරයට ලක්වීමත් සමඟ නැවේ ගින්නක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් නැව අත්හැර දැමීමට සිදුව ඇත.
නෞකාවේ කාර්ය මණ්ඩලය ඉන්දියානු යුද නෞකාවක් වූ අයි.එන්.එස් කල්කටා නෞකාව විසින් ඊයේ (06)හෙලිකොප්ටර් සහ ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් බේරාගනු ලැබීය.බේරාගැනීමෙන් අනතුරුව තුවාල ලැබූවන් රෝහල් වලට යොමු කළ බව නෞකාවේ මෙහෙයුම් බාර සමාගම ප්‍රකාශ කළේය.තුවාල ලැබූවන් අතර අසාධ්‍ය තත්ත්වයේ සිටින තුවාල කරුවන් සිටින බවද එම සමාගම පැවැසුවේය.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ටෲ කන්ෆිඩන්ස්‘ නෞකාවේ සිටි ලාංකිකයෙක්ට තුවාල