IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි)


වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග  අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල් ලක්ෂ දෙකකට විකුණූ තවත් ටී56 ගිනි අවියක්, මැගසීනයක්, උණ්ඩ 11 ක් සමග වෙළෙඳසල් හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

වැල්ලම්පිටිය පොලිසිය මගින් පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිකන්ද ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකු  අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90 රැඳවුම් නියෝග මත සිදුකළ වැඩිදුර විමර්ශනවලදී  රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම ගිනි අවිය සහ උණ්ඩ විකුණා ඇති බවට තොරතුරු අනාවරණය විය.

ඒ අනුව අත්අඩංගුවට ගත් ගිනි අවිය කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යොදාගෙන ඇද්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (0)

ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජන්ද කාඩ් ගෙන්ගෙට බෙදීමත් අවසන්
2025 අප්‍රේල් මස 29 14 0

පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම අදින් (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 29 131 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා


අද කාලගුණය
2025 අප්‍රේල් මස 29 94 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


කුලියට මිනී මරණ හතරක් මාට්ටු
2025 අප්‍රේල් මස 29 1243 2

මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම


සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 29 694 0

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල


පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 29 1507 3

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1031 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 588 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site