IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ඩීඑස් ගැන වචනයක් කතා කළේ නෑ‘

තමාත් තම කාර්යාලයත් අවමානයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කර හරිතියි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ ශ්‍රී ලංකාවට චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වෙනුවෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීම අස්වාභාවික බවත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා රජයේ නිලධරයන් විවේචනය කරමින් ඇගේ ප්‍රකාශය නිකුත් කර ඇත.

ඇගේ ශ්‍රී ලංකා ගමන ගැන රජයේ උසස් නිලධරයන් කළැයි කියන ප්‍රකාශ ගැන එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ඩීඑස් සේනානායක මහතා ගැන වචනයක්වක් කතා නොකැර තිබියදී නිදහස් චතුරස්‍රයේ පිහිටි ඔහුගේ එම පිළිරුව එතැනින් ඉවත් කරන ලෙස තමා මහින්ද රාජපක්ෂ ජනපතිට කළැයි කියන ප්‍රකාශය ඇය තරයේම ප්‍රතික්ෂේප කරන්නීය.

‘එම කතාවේ අංශු මාත්‍රයක ඇත්තැක් නැහැයි‘ ඇය කියන්නීය.

නිදහස් චතුරස්‍රයේ ඇති බෞද්ධ කොඩිය බවත් කරන ලෙස කළැයි කියන ප්‍රකශය ද එවැනි එකකි.

ශ්‍රී ලංකාවේ නොයෙක් ජාතීන් අතර උණුසුම් හා අවේගශීලී තත්ත්වයක් පවතිද්දී ජාතික කොඩිය සමග එක් ආගමක කොඩියක් පමණක් එහි ඇත්තේ ඇයිදැයි ඇය ජනපතිට කී බවත්  ජාතික කොඩිය පමණක් එහි ඔසවා තැබීම ගැන ඇය යෝජනා කළ නමුත් කිසිම කොඩියක් ඉවත් කරන ලෙස ජනපතිට නොකී බවත් පිල්ලේ වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කරන ඇගේ ප්‍රකාශක රූපඩ් කොල්වින් ස්විට්සර්ලන්යේ ජිනීවා නුවරදී පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

 

 



අදහස් (0)

‘ඩීඑස් ගැන වචනයක් කතා කළේ නෑ‘

නිරංජන් Saturday, 21 September 2013 06:43 PM

පිල්ලේ, ඔබ සහ අපේ දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. (නි)

:       0       0

ලලිත් Saturday, 21 September 2013 06:44 PM

ඔන්න ඔන්න පිල්ලේ නෝනා අපිව ගොනාට අන්දන්න හදනවා. බෞද්ධ කොඩිය ඉවත් කරන්න කිව්වත් එකයි. ජාතික කොඩිය විතරක් එල්ලන්න කිව්වත් එකයි. හරියට දොර බාගෙට අරින්න කියලා මම ඒක බාගෙට වහලා තියන්න කිව්වේ නැහැ කියනවා වගේ. (නි)

:       0       0

රනිල් Saturday, 21 September 2013 06:48 PM

අනේ යන්න නිකන්... ඔයාට මොකටද කාගෙවත් කොඩි? ඔයාට මොකටද කාගෙවත් පිළිරූ? ආවේ වෙන දේකට නේද? (නි)

:       0       0

පුබුදු Saturday, 21 September 2013 06:56 PM

ශ්‍රී ලංකාවේ නොයෙක් ජාතීන් අතර උණුසුම් හා අවේගශීලී තත්ත්වයක් පවතිද්දී ජාතික කොඩිය සමග එක් ආගමක කොඩියක් පමණක් එහි ඇත්තේ ඇයිදැයි ඇය ජනපතිට කී බවත් ජාතික කොඩිය පමණක් එහි ඔසවා තැබීම ගැන ඇය යෝජනා කළ නමුත් කිසිම කොඩියක් ඉවත් කරන්න කීවෙත් නැති බවත් නේද දැන් ඔය කිවුවයි කියලා කියන්නේ? (නි)

:       0       0

කෙවින් Saturday, 21 September 2013 06:58 PM

පිල්ලේ, යන්න ඉන්දියාවට. ගිහින් බලන්න එහේ වෙන දේවල් (නි)

:       0       0

අනුර Saturday, 21 September 2013 06:59 PM

පොල් ගහට නැගපු මිනිහා පොල් කඩන්නේ නැතුව වත්තේ හතර මායිම් බලනවා කියන්නේ ඕකට තමයි (නි)

:       0       0

ආසිරි Saturday, 21 September 2013 06:59 PM

නවි පිල්ලේ කොහොමද කිව්වේ නැහැ කියන්නේ? අපි පත්තර වල ඔක්කොම විස්තර දැක්කා.කොටි පිල්ලි සහ අන්තර්ජාතික කුමන්ත්‍රණ පරාජය කිරීමට පෙළ ගැසෙමු (නි)

:       0       0

ඇසළ Saturday, 21 September 2013 07:02 PM

වර්ගයා වර්ගයාට අදිනවා මිසක් අපිට අදීද? කතාවෙන්ම තේරෙනවා පොඩි ළමයෙකුට වුණත් 75% බොදු දහම අදහන ලංකාවේ කොඩිය දැම්මේ ඇයි කියලා අහපු එක ගැන. කොටි කොඩිය තිබුනා නම් එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩේ බැදපු චීනෙක් හොයලා ඔය කතාව කිවුවා නම් ඉවරයි. කොටි අවුරුදු 30 ක් තිස්සේ දහස් ගණනක් අහිංසක මිනිස්සු මරනකොට මෙයා හිටියේ කොහෙද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාර Saturday, 21 September 2013 07:03 PM

පිල්ලේ නෝනා, එංගලන්තේ රැජිනගේ ඔටුන්නේ තිබෙන කුරුසය ඔබට ප්‍රශ්නයක් නොවේද? (නි)

:       0       0

ලිවර් Saturday, 21 September 2013 07:05 PM

දැන් ඉතින් සමාව හොරෙන් හරි ඉල්ලන්න වෙනවා (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 21 September 2013 07:05 PM

එක කොඩියක් ඔසවා තබන්න යෝජනා කළා කියන්නේ,අනික් කොඩිය ඉවත් කරන්න යෝජනා කළා කියන එකනේ. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 21 September 2013 07:07 PM

ඉතින් ජාතික කොඩිය පමණක් එහි ඔසවා තැබීමට යෝජනා කිරීම යනු බෞද්ධ කොඩිය එතනින් ඉවත් කිරීමට යෝජනා කිරීමක්නේ ..මෙයාගේ හැම කතාවක්ම ඔයවගේ තමා. (නි)

:       0       0

ගයාන් Saturday, 21 September 2013 07:20 PM

ඉන්දියාවට ගිහින් එහේ කොඩි ගලවාගන්න. මේක ශ්‍රී ලංකාව. මේක බෞද්ධ රටක්. (නි)

:       0       0

රනිල් Saturday, 21 September 2013 07:24 PM

ඩී.එස්. බිසී වෙන්න ඇති (නි)

:       0       0

ගිම්හානි Sunday, 22 September 2013 11:06 AM

පිල්ලේ ඇත්තටම එහෙම කියලා නැහැ. (නි)

:       0       0

රනිල් Saturday, 21 September 2013 07:26 PM

දැන් තේරෙනවද අපි ලංකාවේ මෝඩයෝ නොවෙයි කියලා? (නි)

:       0       0

මංජුල Saturday, 21 September 2013 07:27 PM

දැන් ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය එතන තියනවා නම්, ජාතික කොඩිය පමණක් ඔසවා තැබීම ගැන යෝජනාවක් කළා නම්, එහි තේරුම බෞද්ධ කොඩිය ඉවත් කිරීම නොවේද? (නි)

:       0       0

දුමිත් Saturday, 21 September 2013 07:33 PM

අපේ අය වරදවා තේරුම්ගන්න ඇති සමහරවිට (නි)

:       0       0

එම්.ඩී. Saturday, 21 September 2013 07:36 PM

නොකියා කියලා තියෙන්නේ ඒකමනේ!! (නි)

:       0       0

ලෙස්ලි Saturday, 21 September 2013 07:59 PM

නවනීදන්ට නින්දක් අවශ්‍ය වෙලා වගෙයි. දැන් ටිකක් විවේකයක් ගන්න (නි)

:       0       0

කින් බෙනට් Saturday, 21 September 2013 08:08 PM

එයා කියපුවා මෙයාට තේරුණ හැටියට වෙන්න ඇති මෙයා සිංහලෙන් රටේ ජනතාවට කිවුවේ .. (නි)

:       0       0

අස්මිත් Saturday, 21 September 2013 08:32 PM

පිල්ලේ නෝනා ඇසූ දේවල්වලට ප්‍රති පිළිතුරක් රජයෙන් ලබා දිය යුතුයි. අනිවාර්යයෙන්ම අපේ දේශපාලන වාචාලයෝ ගිරව් වගේ වේදිකාවලත්,මාධ්‍ය සාකච්ඡාවලත් විදේශිකයන්ට හා විදේශ රටවලට සිංහලෙන් චන්ඩිකම් දානවා. ඔය ඕලමොට්ටලයන් හිතන්නේ නැහැ ඉංග්‍රීසි මාද්‍යයෙනුත් පරිවර්තන පුවත්පත් මගින් ලංකාවේදීම තානාපති කාර්යාල වලට බෙදනවා කියලා.(නදී)

:       0       0

ශාන්ත ලාල් Saturday, 21 September 2013 08:35 PM

මෙයවෙ අපි සිරස සටන වැඩ සටහනට ගෙන්වමු.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 21 September 2013 08:41 PM

ලංකාවේ අය බොරු කිව්වට, පිල්ලේ කියපු ඉංග්‍රීසි වාර්තාව තියනවා. එකේ ඩි.එස් පිළිරුව ගැන නැහැ ,ලංකාවේ අය බොරු කියනවා.(නදී)

:       0       0

මොහාන් Saturday, 21 September 2013 08:55 PM

කොඩිය ඉවත් කරන්න කිව්වනම්, අනිත් එකත් කියන්න ඇති, දැන් බොරු කිව්වට.(නදී)

:       0       0

තිලක් Saturday, 21 September 2013 08:55 PM

ඒ කියන්නේ කොටි කොඩියත් එතන එල්ලන්න කියලද නෝනේ? එතකොට අරයගෙ පිලිරුවකුත් තිබුනානම් තමයි හොඳ නේද? (නදී)

:       0       0

සෑම් Saturday, 21 September 2013 09:13 PM

ගෝඨාභය පිළිබඳ ජනතා විශ්වාසය නැති වීමේ ආරම්බය මෙතැනින් ඇරඹෙන වගයි. (අ)

:       0       0

දහම් Saturday, 21 September 2013 09:13 PM

සියලු ජාතින්ට ආගමික අනන්‍යතාවයක් තියෙනව.. ඇමරිකාවෙ ක්‍රිස්තියානි ආගමික මූලිකත්වයක් තියෙන්නෙ.. සල්ලි කොලේ පවා දෙවියන් ගැන ප්‍රකාෂ කරනව...ආගමික සහජීවනයට කළ යුතු දේ බොහෝමයි ...දෙමල සම්භවයක් ඇත්තියගෙ ඇදිල්ල දෙමල ජාතියට ම තමා... (අ)

:       0       0

මහින්ද Saturday, 21 September 2013 09:16 PM

දෙයි හාමුදුරුවනේ පිළිමයක් කොහොමද කතා කරන්නේ.

:       0       0

කපිල Saturday, 21 September 2013 09:29 PM

විමල් කියන මෝඩ කම (අ)

:       0       0

ටිරොනි Saturday, 21 September 2013 09:54 PM

රට ඇතුලේ මේ සෙල්ලම් දැම්මට ජාත්‍යන්තරයත් එක්ක මේ සෙල්ලම් හරියන්නේ නැහැ.(නදී)

:       0       0

රොහාන් Sunday, 22 September 2013 01:16 PM

තමන් දැන් මොනවා කිව්වත් තමන්ගේ හදවතට බොරු කරන්න බැහැ මැතිනියනී. ඔබ තුමිය කරන්න හදන්නේ අපේ දේශපාලක නායකයින් බේද කරන්න හදන එකයි (අ)

:       0       0

බෙනට් Saturday, 21 September 2013 10:06 PM

පිල්ලේ කියපු කතාව එයාට තේරුනේ එහෙම වෙන්න ඇති .(අ)

:       0       0

නලින් Saturday, 21 September 2013 10:14 PM

කොඩි දෙකෙන් ජාතික කොඩිය විතරක් තියන්න කියල කිව්වලු. ඒ කියන්නේ අනෙක අයින් කරන්න කියන එක නෙමේද? (අ)

:       0       0

ටෙනිසන් Sunday, 22 September 2013 01:29 PM

නව නින්දිත පිල්ලේ නෝනා සහතික ඇත්ත කියලා තියෙන්නේ. (නි)

:       0       0

කුසුම් Sunday, 22 September 2013 01:56 PM

"එම කතාවේ අංශු මාත්‍රයක සත්‍යයක් නැතැයි" පිල්ලේ මහත්මිය ප්‍රකාශ කරලා තියනවා. ඒත් අපේ ඇත්තන්ට ඒවා වැදගත් නැහැ. (නි)

:       0       0

සෙනෙවි Sunday, 22 September 2013 09:11 PM

ලුම්බිණී "මේ අය" කිව්වෙ පිල්ලෙ නෝනටද? (නි)

:       0       0

මිනිපෙ Saturday, 21 September 2013 11:05 PM

අපි හරියට දන්නේ නැහැනේ, මෙතන ඇත්ත නැත්ත. (නි)

:       0       0

පරා Saturday, 21 September 2013 11:10 PM

මට හිතෙන්නේ පිල්ලිට ලංකාවන් කසාද බදින්න හිතිල වගේ, මොනවටද අපේ දේවල් වලට අනවශ්‍ය විදියට හොම්බ දන්නේ (අ)

:       0       0

සඳුනි Saturday, 21 September 2013 11:10 PM

සෑම්..මතක තියාගන්න..හැමදාම අපිට එරෙහි වුනු අපව විවේචනය කරන පක්ෂග්‍රාහී ගැහැණියකගේ ප්‍රකාශයකට ගෝඨාභය කෙරෙහි වූ ජනතා විශ්වාසය පලුදු නොවන බව. (අ)

:       0       0

මෝඩ පොරක් Saturday, 21 September 2013 11:23 PM

නෝනා ඔය කතව කියන්න ඇත්තේ සිංහලින් වෙන්න ඇති එතකොට මෙහෙට විතර නේ තේරෙන්නේ (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 21 September 2013 11:56 PM

ඔය කියපු දේවල් අනිවාර්යයෙන් පටිගත කරලා ඇති.එලියට දාන්න ඔය ගැනිගේ රෙදි ගැලවිලා යන්න.මෙයා හිතන් ඉන්නේ මෙයා මහා රැජින කියල වගේ....පිල්ලේගේ ඇදුම සෑම් මහත්තය ඇදගෙන හැඩ බලනවා .....ලස්සනයි (අ)

:       0       0

ප්‍රදීප් Saturday, 21 September 2013 11:57 PM

දුර දිග නොබලා කියන දේවල් වලට පසුතැවෙන්න වෙන්නේ පහුවෙලා (අ)

:       0       0

ලලිත් Sunday, 22 September 2013 12:25 AM

ඩී.ඇස්. ට කතාකරන්න පුළුවන් උනානම් එයා අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියන වින්නැහිය හන ඉස්සරවෙලාම කතා කරයි. මෙහෙම ගියොත් මගේ පිළිමේ බෙරගන්නවත් කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ ඉතුරුවෙන එකක් නැහැ කියල කියාවි. (අ)

:       0       0

ලංකාසිරි Sunday, 22 September 2013 12:26 AM

සෑම ජාතික කොඩියක් ලගම බෞද්ධ කොඩියක් තිබීමේ කිසිම වරදක් නැත. මෙරටට පැමිණ වෙසෙන අනෙක් ජාතීන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇතත් සිංහල බෞධයන්ට හා එම ප්රෙතිපත්තීන්ට ගරු කිරීමට දැනුවත් වියයුතුයි (අ)

:       0       0

දම් Sunday, 22 September 2013 12:34 AM

දැන් ලංකාවේ එකම ප්‍රශ්නේ මේකද? (අ)

:       0       0

රසාදරී Sunday, 22 September 2013 01:04 AM

පුදුම රුදාවක්නේ තියෙන්නේ. ලංකාවේ අනික් ආගමිකයන්ටවත් නෑනේ මෙහෙම ප්‍රශ්නයක්. බෞද්ධ රටේ බෞද්ධ කොඩි ගහන්නේ නැතුව මොන කොඩි ගහන්නද කියන්නේ? (අ)

:       0       0

අමිතා Sunday, 22 September 2013 01:31 AM

සිංහල බෞද්ධයන් සමඟ ඇති වෛරය හොදින් ඉස්මතුවෙනවා නේද? (අ)

:       0       0

වෙරෝනා Wednesday, 25 September 2013 05:03 AM

පිල්ලේ නෝනා, සමාවෙන්න. අපේ රටට එනවිට සිංහල ඉගෙනගෙන එන්න (නි)

:       0       0

ගාමිණී Sunday, 22 September 2013 04:17 AM

කොහොමත් ඔය ගෑනි අපට ආදරේට ආපු ගමනක් නෙවෙයි නේ. කියන්න දෙයක් නැතිකොට ඔන්න ඔහේ වල් පල් කියවපුදෙන් .(අ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 September 2013 08:57 AM

එහෙම නොකියා දේශප්‍රේමීන් වෙන්නේ කොහොමද?.අනික දේශප්‍රේමීන්ට කොළඹ තියෙන වටිනා කියන ඉඩම් ටික විකුනන්නේ කොහොමද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 22 September 2013 08:59 AM

ඒ විශ්වාසය නැති වෙලා ගොඩාක් කල් සෑම්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 September 2013 09:00 AM

රොෂාන් ප්‍රනාන්දු, ලංකාවේ අය මොනවා කිවුවත්, පිල්ලේ කියපු ඉංග්‍රීසි වාර්තාව තියනවා. ඒකේ ඩි.එස් පිළිරුව ගැන නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 September 2013 09:03 AM

බුදු හාමුදුරුවන් කියපු බුදු බණත් වෙනස් කරන රටේ ඕවා මොනවද?දෙවිවරුන්ට උපන් දින හදන රටේ,දෙවිවරුන්ට වැලන්ටයින් දිනයක් හදන රටේ,දෙවිවරුන් කසාද බදින රටේ ඕවා මොනවද? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 22 September 2013 09:23 AM

බොහෝ දෙනෙකුගේ අදහස් වලින් පෙනෙනවා මේ අය කොතරම් ජාති වාදීද කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 608 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4047 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2520 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1312 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1431 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27647 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23555 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site