(සුජිත් හේවාජුලිගේ)
බොහෝ දෙනකු මේ අවස්ථාවේදී සිය වගකීම ඉටු නොකිරීම ගැටළුවක් බවත් සමහරුන් ඩොක්ටර්ස්ලා බව හඟවන බෝඩ් වාහනවල ප්‍රදර්ශනය කර එහෙ මෙහෙ ගමන් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය .
"ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නැහැ " යයිද ජනාධිපතිවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා මර්දන කමිටුවේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පැවැති සාකච්ඡාවේදීය.
සංචරණ සීමා දැමීමෙන් පසු එම වැඩපිළිවෙළේ අරමුණ සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ජනතාව සිය වගකීම තේරුම් නොගන්නා තාක් සංචරණ සීමා දමා පලක් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසුවේය.
නීති දමා පමණක් මේ තත්වය පාලනය කළ නොහැකි බවද ඔහු කීය.
පසුගිය 25 වැනිදා රට විවෘත කළේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගැනීමට පමණකැයි කී ජනාධිපතිවරයා පාටි දැමීමට නොවේ යැයි ද ප්‍රකාශ කළේය.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්නෙ කොහොමද’’
දිසා....ගම්පහ Tuesday, 25 May 2021 12:49 PM
දොස්තරලා වාහන අලෙවි කරන විට රෝහල්වලින් ලැබෙන " සෞඛ්‍ය අංශ ලාංඡනය " තිබියදීම අලෙවි කරන අතර ඇතැමුන් එය විශේෂ සැලකිල්ලක් ලබා ගැනීමේ අරමුණින් භාවිතා කරන තත්ත්වයක් පවතින නිසා මෙම " ලාංඡනය " සහිත වාහන මහමග ධාවනය වීමේදී ඉඳහිට හෝ පොලිස් රථවාහන අංශ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය යුතුයි.
Rocky Tuesday, 25 May 2021 01:20 PM
ඔය කියන්නේ හන්දි දොස්තරලා ගැන වෙන්න ඇති.
nimal Tuesday, 25 May 2021 01:38 PM
ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නැහැ.. එපමණක් නොව, ඩොක්ටර්ස්ලා ඔච්චර මාධ්‍ය සාකච්ඡා පවත්වන්න විදිහක් නැහැ...
චින්තකWednesday, 26 May 2021 12:35 AM
සහතික ඇත්ත. මට දෙයක් කියන්න තියෙනවා. මම දන්න එක් දොස්තර කෙනෙක් සිටිනවා රත්නපුරේ අවිවාහක අයෙක් වැඩකරන්නේ කොළඹ රෝහලේ ඉතින් මෙම අය සමහර දිනවල වාහනයෙන්ම කොළඹ යනවා. රියදුරු වාහනය අරගෙන ගෙදර එනවා. වාහනය දකින සමහරක් අය එය දැකල හිතනවා දොස්තර පාරේ කියල. තවත් මම දන්න අයෙක් උතුරුමැද පලාතේ සේවය කරනවා. ගම කිරිඇල්ල. එයත් සමහර විට ගෙදර සිට රැකියාවට ගොස් රියදුරු ගමට එවීමටවාහනය ලේබලය සහිතවම ආපසු එවනවා. ඒ දෙන්නටම රියදුරු වැඩ බැහැ. වාහන වෙනත් වැඩට ගන්නෙත් නැහැ. මෙහෙම ඒවා වෙන්න බැරිද
රට වැසියා Tuesday, 25 May 2021 01:48 PM
රටක් සෞභාග්‍ය කරා රැගෙන යාමේ මූලික අඩිතාලම වන්නේ යහපත් ආකල්පවලින්, දැනුමෙන් පිරිපුන් ප්රබුද්ධ ජනතාවක් රටේ බිහි කරගැනීමයි. නිදහසින් පසු කිසිම දේශපාලකයෙක් ඒ ගැන සිතුවේ නැ! අද පවතින ජාතික ව්‍යවසනයේදී එය හොඳින්ම පැහැදිලි වෙනවා. පසුගිය කාලේ මිථ්‍යාව සමාජගත කරන්න ගත්ත වෙහෙස ජනතාවගේ දැනුම සහ ආකල්ප දියුණුව වෙනුවෙන් කැප කරා නම් අද මේ ප්‍රතිඵල යම් ප්‍රමාණයකට හෝ වෙනස් වෙන්න තිබුණා...!
fairoos Tuesday, 25 May 2021 02:13 PM
සර්ගේ වෙලාවට කොරෝනා ආවේ. නැතිනම් අපි තමයි හොඳට කරලාි තියෙන්නේ...
munga Tuesday, 25 May 2021 02:27 PM
ඔය පොහොට්ටුවේ බොරු සහතික තියන අය කීදෙනෙක් ඉන්නවද? කොච්චර සුදුසුකම් නැති පුද්ගලයෝ තනතුරු දරනවද?
Rata Perata Tuesday, 25 May 2021 03:21 PM
ඒකත් අපිටම කියන්න. අපි මොනවා හරි කරන්න බලන්නම්
siri Tuesday, 25 May 2021 03:41 PM
අනේ අනිච්චන්. ඩොක්ටර්ලා ගැන දන්නා තරමක්.
lakvidu Tuesday, 25 May 2021 04:34 PM
මෙහෙම ගියොත් දොස්තරලා විතරක් නෙවෙයි ඔක්කොටොම මහපාර තමයි.
සෙනෙවිරත්න Tuesday, 25 May 2021 05:27 PM
ඔය වාහන වල ගහගෙන යන්නෙ දොස්තරල විතරක්ම නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුමන හෝ තනතුරක්, රෝහල් වල සේවකයන් පාකින් සහ ගේට් පාස් ලෙසත් මෙම ලාංචන වාහන වල ප්‍රදර්ශනය කරයි. එහෙත් ඒවා මහමග ප්‍රදර්ශන කිරීමෙන් තම හීන මානය ප්‍රදර්ශනය කරයි. එමෙන්ම එමගින් සමාජයේ යම් වරප්‍රසාද විශේෂයෙන් මහමගදී අන්‍යන්ගෙන් බලාපොරොත්තු වනවා විය හැක. කරුණාකර මෙය තම සේවාස්ථානය අසලදී පමණක් භාවිතා කිරීමට උපදෙස් දෙන්න. මෙය මහ කැත පුරුද්දකි. වෙනත් රටවල තම වෘත්තීය අවභාවිතා කරනවාදැයි නොදනිමි. වාහනවල ආගමික ලාංචන ප්‍රදර්ශනය කිරීමත් මේහා සමානය, ආගම තම පෞද්ගලික මතයක් බවත් ප්‍රදර්ශනය කල යුත්තක් නොවන බව අපරටේ බොහෝ දෙනා නොදනී.
RaveendraWednesday, 26 May 2021 01:56 AM
ඔබගේ වැදගත් අදහස් ඉතාම නිවැරදිය. පළමුව අපගේ මෙම අදහස් අතිවිශාල මහජන මුදල් වැයකර මෙන්ම තමන්ගේ අතිමහත්වූ කැපකිරීම් සහ තම උපරිම ඥාණ ශක්තිය වැයකර ලබා ගත්දැනුම් සම්බාරය සහිත නිහතමානි වැදගත් බුද්ධිමත් වෛද්‍යවරුන් වැරදි ලෙස තේරුම් ගැනීමෙන් තොර වෙනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු. අප රටේ වෛද්‍යවරුන්ට හීනමානය නොමැති අතර හීනමානය තම නළලටත් ඉහලින් තියෙන්නේ අපරටේ "දොස්තර මහත්තයලා/ නෝනලාටය". එය හිනමානයටත් වඩා "මෝඩ උද්දච්චකමකි". අපද වෙනත් රටවල දැක නැති අමුතුම දොස්තරලා අපේ රටේ සිටින බවත් සදහන් කරන්නෙමු. ඒ සෑම උගතෙක්ම බුද්ධිමතෙක් නොවේ යන පැරණි කියමන සනාත කිරීමකි.
Kirthi Tuesday, 25 May 2021 05:37 PM
වෛද්‍යවරුන්ට විතරක් නොවේ ඔය ලාංජනය සෞඛ්‍යය අංශයේ හෙද වාහන වලත් තියෙනවා කොළ පාටින් ඒ මිනිස්සු වැඩට යන්න ඇත්තෙ....
sam Wednesday, 26 May 2021 01:56 AM
සෞඛ්‍ය ක්ෂේත්රයේ පහල මට්ටමේ සේවකයන්ගේ සිට ඉහළම තනතුරු දක්වා සියලු දෙනා තමන්ගේ ජීවිත පරදුවට තියා මෙවැනි වසංගත කාලවලදී සේවයට කැපවෙලා සිටිනවා. ඒ නිසා ඔවුන්ව දිරිගැන්වීම තමයි වැදගත්.
Dharmasiri Wednesday, 26 May 2021 06:38 AM
දොස්තරලා පාරේ හිටියා කියලා වාහනෙන් කඩේ ගිහින් බඩුටික ගේන එකට තහංචි දාලා හරි යනවද?උදේ, හවස පුන්නක්කුද බොන්නේ? අතට, පයට වහල්ලු හිටියට කන්න, බොන්න දෙන්න අපට එහෙම නැහැ. අපි මැරීගෙන වැඩකරලා මාසෙ පඩියෙන් ජීවත් වෙන්නේ නුඹලා වගේ අය තමයි. 05 දෙනෙක් ඉන්න පවුලක සේරටම කෑම බීම ඔක්කොම ළඟම කඩෙන් ගන්නේ... පොඩි ළමයින්ගේ කෑම, දෙමව්පියන්ගේ බෙහෙත් ඕවා තියෙනවද ළඟම කඩ්..?
Ananda Wednesday, 26 May 2021 08:27 AM
මේ දවස් වල කොරෝනා ලෙඩ්ඩු වැඩි වශයෙන් අහුවෙන නිසා ආණ්ඩුව PCR පරීක්ෂණ නැවැත්තුවේ මොකද?