IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඩිකියේ කොල්ලා නිසා හිටපු ඩීඅයිජීට ලෙඩක්

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාතලේ නගරයේ දී කුඩා දරුවකු මෙහෙකාර සේවයේ යොදවාගෙන ඇතැයි හැඟවෙන ඡායාරූප පසුගියදා මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී.සුගතපාල මහතා පවසයි.

එම දරුවා පෙනුමින් වයස අවුරුදු 10ක පමණ වේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා දඹුල්ලේ පදිංචිකරුවෙක් බවත් වාර්තාවේ.

මාතලේ ඔරලෝසු කණුව අසලදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාහනයෙන් බැසගත් දරුවා මලු කිහිපයක් එයට පටවන ආකාරයත් ඒවා රැගෙන එන ආකාරයත් පසුව කාරයේ පසුපස කොටසේ රිංගා ගමන්කරන ආකාරයත් එම ඡායාරූපවල සටහන් වී තිබිණි.



අදහස් (0)

ඩිකියේ කොල්ලා නිසා හිටපු ඩීඅයිජීට ලෙඩක්

සරසි Monday, 05 December 2016 01:48 PM

දැන් කියාවිද දන්නේ නැහැ අසවල් සේවාවට අපහාස කරලා පුවත් පල කළා මදිවාට මිනිස්සු ලව්වා විවේචනත් පලකළා කියලා. අපේ රටේ ලොකු මිනුස්සු වැඩි දෙනෙක් තනතුරු නිසා බැබලෙන්න ඉන්න උදවිය මිසක් තමන් නිසා තනතුර බබලවන උදවිය නෙවෙයිනේ ! අපි ඉතින් මෙහෙ සමහර කළුකෝට් මහත්තුරුන්ගේ සිට දොස්තර සිට නිතිය ක්‍රියාත්මක කරන මහත්තුරු දක්වාම කරන නොපනත් වැඩ වලට එහෙයි කියන්න ඕන (බ)

:       0       0

කුමාර හේවගේ Monday, 05 December 2016 02:28 PM

අවංකවම පොලිසියේ උසස් නිලධාරින්ගෙන් බොහොම සුළු දෙනෙක් ළඟ තමයි මනුස්සකම තියෙන්නේ (බ)

:       0       0

ජිනලාල් කලංසූරිය Monday, 05 December 2016 02:39 PM

මේ තවත් එක කථාවක් විතරයි (බ)

:       0       0

ක්‍රිස් Monday, 05 December 2016 02:44 PM

අනිවාර්යයෙන් මොන ජරා මහන්තත්ත කමක්ද මන්දා මේ ලංකාවේ මේ මිනිහට උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න (බ)

:       0       0

අතුල Monday, 05 December 2016 05:00 PM

මේ වගේ අය හිතන්නේ තමන්ගේ ළමයි ගැන විතරයි (ර)

:       0       0

චන්ද්‍ර විජේසිංහ Monday, 05 December 2016 05:58 PM

මෙහෙකරුවන්ට නොසලකන මෙවැන්නන්ම නැවතත් මෙහෙකරුවන් වී උත්පත්තිය ලබන්නේද කියා මට කර්මානුකූලව සිතේ. කෙසේ වෙතත් මෙහෙකරුවන්ට සැලකීම සම්බුද්ධ දේශනා වල මැනවින් සඳහන් වේ (ර)

:       0       0

නිකොලා Monday, 05 December 2016 09:04 PM

මොහුට අායෙත් අමුතුවෙන් දඬුවම් දෙන්න දෙයක් නැහැ. මේ අපි හැමෝම දුන් ශාපයම ඇති (නි)

:       0       0

දමිත් Monday, 05 December 2016 10:08 PM

දුරකථන ඇමතුමකින් අහවලාගේ අවසරයක් නැතුව අත්අඩංගුවට ගන්න පුලුවන්ද? (නි)

:       0       0

රන්රූ Monday, 05 December 2016 10:56 PM

වෑන් එකේ පිටුපස අපේ ළමයිනුත් සමහරදාට යනවා. මෙහි වරද තිබෙන්නේ ළමා ශ්‍රමය සහ තහනම් තැනක රථය නවතා තැබීමය. මෙයා ඩීඅයිජී වුණේ මෙවැනි වැරදි කරලද? (නි)

:       0       0

ප්‍රදිප් Monday, 05 December 2016 07:18 AM

කුඩා දරුවාට සෙරෙප්පුවක් නැතුව බඩු උස්සන් යද්දී මේ මනුස්සය අත්දෙක වනවනා යනවා. ඉතාම නින්දිතය. පිළිකුලෙන් හෙළා දකිනවා (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 05 December 2016 07:31 AM

ජ්‍යාත්‍යන්තර ළමා ආරක්ෂක පනත් යටතේ මේ "වහල් හිමිකරුට" උපරිම දඬුවම් දියයුතු වෙනවා.! හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් හැටියට මෙයා ඒ කාලේ කරපු මෙවැනි "වීර ක්‍රියාකාරකම්" ගැනත් පුළුවන් නම් සොයා බැලීම වැදගත් වෙනවා. ඩිකියක පණ ඇති කෙනෙක් දමන්න තරම් මේ අළුගෝසුවට දරුණු හිතක් ඇති වුනේ කොහොමද ? (බ)

:       0       0

සෑම් Monday, 05 December 2016 07:37 AM

මේවගේ දේවලට ප්‍රතිඵල මේ ආත්මයේදී ම විඳවන්න ලැබේවි . මමත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (බ)

:       0       0

ඉමේෂ් Monday, 05 December 2016 07:44 AM

සකර් බර්ග් මහතාට පින් සිදු වෙනවා. (ර)

:       0       0

බන්දුල Monday, 05 December 2016 07:56 AM

නීතියට පිටින් මෙවන් වරදක් කරන මෙවන් අයට තනතුර නොබලා, දඩුවම් දෙන්න. වැඩ තහනමට ලක් කරන්න. (ර)

:       0       0

ලංකා Tuesday, 06 December 2016 02:36 AM

සෝෂල් මීඩියා වලට සහ නව තාක්ෂණයට ජයම වේවා ! (නි)

:       0       0

අධිකාරි Monday, 05 December 2016 09:04 AM

මෙී රටෙි නීතයට ගරැකරණ ජනතාව අතිවිශාලයි ඔහුන් හරි නිහතමානීව ජීවත්වන අය ඔවුන් හරිම සංවෙීදශීලි අය කවුරැත් ඔවුන් ගැන හිතා මෙී වාගේ අයට දෙන දඩුවම නිවැරැදිව ඉතාමත් ම දැඩිලෙස නීතය කිූයාත්මක නොකොළාත් අරවාගේ නීතියට ගරුකරණ පිරිසට හරිම අසාධාරණයක් වෙන්නේ............ස්තුතියි........... (ම)

:       0       0

ලුම්බිණි Monday, 05 December 2016 09:14 AM

අපි මිනිසුන් වෙන්න තව බොහෝ කලක් යාවි. (ර)

:       0       0

අජිත් Monday, 05 December 2016 09:29 AM

ලංකාවේ නීති හදන්න,රකින්න ඉන්න අය තමයි නීති වැඩියෙන්ම කඩන්නේ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 06 December 2016 03:32 AM

නිමාලි.ඔය රුපියල් 25000 දඩයට මම සහමුලින්ම විරුද්දයි.ඒ එම නිතිය ක්‍රියාත්මක කරන්නේ කිසිම දේශපාලන හයියක් නැති ,ලොකු ලොකු උදවිය ආශ්‍රය නොකරන,මාසේ පඩියෙන් අමාරුවෙන් දරු පවුලත් එක්ක ජිවත් වෙන ඔබ අපි වැනි අසරණ මිනිසුන්ට පමණක් නිසයි. (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 06 December 2016 03:35 AM

වැඩිය ඕව ගැන හිතන්න එපා. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 06 December 2016 03:38 AM

නිමල්.ඔබගේ අදහස 100% සත්‍යයි. (ර)

:       0       0

යහම්පත් නලින් Monday, 05 December 2016 09:36 AM

මෙහෙව් රටක අපිත් ඉපදුනානේ කියා දුක සිතනේවා (ර)

:       0       0

නිමාලි Monday, 05 December 2016 10:27 AM

25000/= දඩයත් , මේ ලෙසම මේ අය ක්‍රියාත්මක කරාවී .නීතිය කියාත්මක කිරීමට ඉන්න අය තමයි නීති වැඩියෙන්ම කඩන්නේ. කදිම උදාහරණයක් මේ (බ)

:       0       0

නිමල් Monday, 05 December 2016 10:33 AM

ලංකාවෙ මිනිස්සුන්ට වැරදෙන එක තැනක් තමයි මේ පුහු මානය.මටත් ඒක තේරුම් ගියේ විදේශ රටක රැකියාවට ආවට පස්සෙ.වාමාංශික පක්ෂ,වාමාංශික අදහස් පිරිච්ච ලංකාවට වඩා වාමාංශිකයෙක් බෙහෙතකට හොයාගන්න බැරි මේ උග්‍ර ධනවාදී රටේ සමතැන තියෙනවා අපූරැවට.ඒකට හේතුව මේ මිනිස්සු ළඟ බොරැ මානය නෑ. (බ)

:       0       0

භද්‍රානි Monday, 05 December 2016 10:49 AM

මේ ධර්මද්වීපයේ වෙසෙන බොහෝ අයගේ කතාව සත් ගුණවත් වුණාට ක්‍රියාව ඔහොම තමයි. කතාවේදී නම්, පින්වන්ත කම දොරේ ගලනවා. (ම)

:       0       0

සත්‍යයා Monday, 05 December 2016 10:54 AM

සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ මේ වගේ පව්කාර කාලකන්නිත් නැවත උපදිනවා නම් අපාය අප තෝරා ගන්නවා මතු බවයන්වල නැවත උපදින්න. (ම)

:       0       0

නුවන් Monday, 05 December 2016 12:38 PM

නිමල් ඔබේ කියමන සියලුම විදෙස්ගත ලාංකිකයන්ගේ අත්දැකීමක් (බ)

:       0       0

බෙනට් Monday, 05 December 2016 01:23 PM

මෙයාගේ තව ෆොටෝ එකක් දැන් දිග කාලෙක ඉඳල ෆේස්බුක් එකේ සැරිසරනවා .. ඒක තමයි ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ඉස්සරහ ට්‍රැෆික් නිලධාරියෙක් මෙයා සිවිල් ඇඳුමින් ඉන්නකොට දණගහල වඳින ෆොටෝ එක. මම හිතන්නේ ගොඩක් අය ඒ පින්තුරෙත් දැකල ඇති . මේ දෙවෙනි එක .. තව අහුනොවුන ඒවා කොච්චර ඇද්ද ? (බ)

:       0       0

මේනු Monday, 05 December 2016 01:23 PM

තව තව හොයන්න, මේක හරියන්නේ නැහැ. රට අගාධයට යන වැඩ. ළමයිට අධ්‍යාපනය දෙන්න ඕනේ. ගුණධර්ම කියල දෙන්න ඕනේ. ලෝකයා දියුණු වෙමින් පවතින් රටක් කියල කියන්නේ කට කහනවට නෙවේනේ. කුඩා කල සිට ආත්ම ගරුත්වය නැතිවෙන මෙවැනි ක්‍රියා නැති කරන්න ඕනේ. ලංකාවේ සමාජය තවමත් වැඩවසම් යුගයේද? ලජ්ජා නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1409 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1894 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1486 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8433 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2461 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10430 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site