IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඩකා කරාතේ තරඟයට යන්න සල්ලි නෑ

බංගලිදේශයේ ඩකා අගනුවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විවෘත කරාතේ ශූරතාවලියට පොළොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයයේ කලා අංශයේ එස් ජී අචල ඌෂාන් නයනසිරි ශිෂ්‍යා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී ඇති නමුත් මුදල් නැති නිසා ඔහුගේ ගමන බාධා වී ඇත.

ලබන සැප්තැම්බර් 26 සිට දෙදිනක් පුරා පැවැත්වෙන විවෘත කරාතේ තරගාවලියට සතියකට පෙර අචල ඌෂාන්ට පිටත් විය යුතුය. ඒ සඳහා රුපියල් 120000 මුදලක් අවශ්‍ය කර තිබේ.

ගුවන් ටිකට් පතට අවශ්‍ය මුදල සොයා ගැනීමට අචලට මෙන්ම ඔහුගේ දෙමව්පියන්ට සිහිනයකි.

වැලිකන්ද නව මැණික්දෙණිය අංක 380 ලිපිනයේ ජීවත්වන අචල ඌෂාන් නයනසිරි ආර්ථික අතින් දුප්පත් වුවද බොක්සිං ක්‍රීඩාවට මෙන්ම කරාතේ සහ අනිකුත් ක්‍රීඩාවලට දස්කම් දක්වයි.

අචලගේ ලිපිනය - අචල ඌෂාන් නයනසිරි, අංක 380, නවමැණික්දෙණිය, වැලිකන්ද.

දුරකතන - 072 26 76 088 / 077 490 42 55

එස් ජී ඒ යූ නයනසිරි , ලංකා බැංකුව - සෙවනපිටිය (ගිණුම් අංක 74290628)

 

 



අදහස් (0)

ඩකා කරාතේ තරඟයට යන්න සල්ලි නෑ

විජේ Tuesday, 13 August 2013 12:04 PM

ඇයි ක්‍රිකට් වලට වියදම් කරන මුදලෙන් දාහෙන් එකක්වත් මේවගේ දේකට වියදම් කරන්න බැරිද ? පව් අසරණ දරුවා. හැකියාව දක්ෂකම තියාගෙන මුදල් නැතුව දුක් වෙනවා. (දී)

:       0       0

කුමාර Wednesday, 14 August 2013 08:19 AM

මයිකල් ජැක්සන්ගේ අයිය ගෙන්නුවේ කාගේ සල්ලි වලින්ද? මේ කොල්ලට වියදම් කරන්න ඒවා වලංගු නැද්ද? (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 13 August 2013 06:31 PM

වැඩ බැරි අමැති පුත්තු ලෝකේ අනිත් පැත්තේ තිබෙන රටවලට ගිහින් ක්‍රිකට් ගහල විස්කි , බ්‍රැන්ඩි බීලා ගුවන්යානා වල යකා නටන රටේ මේ කොල්ලව බංගලාදේශයට යවාගන්න පුළුවන් කමක් නැද්ද? (ත)

:       0       0

ප්‍රියා Tuesday, 13 August 2013 12:19 PM

රටට කීර්තියක් ගෙන්න අපි පුළුවන් විදියට දෙන්නම් පුතේ (දී)

:       0       0

දේවා Tuesday, 13 August 2013 12:21 PM

ජනාදිපති අරමුදලින් හෝ ක්‍රීඩා අරමුදලකින් මේ වෙනුවෙන් මුදල් හොයා ගත යුතුව ඇත. නැත්නම් චන්දෙට කොළ ගහන සල්ලි වලින් කොටසක් මේ මල්ලියට දෙමු. (දී)

:       0       0

සනත් Tuesday, 13 August 2013 06:38 PM

මම දන්නවා දැනටමත් මේක බලපු ගොඩක් අය මේ දරුවා වෙනුවෙන් සල්ලි එවන්න හෝ එවන්න හිතා ගන්න ඇති. එත් මෙතන තියන ප්‍රස්නේ ඒක නෙවෙයි. මෙහෙම වෙච්ච එකම ළමයා මෙය නෙමේ. එතකොට මේ හැමෝටම අපිට උදව් කරන්න පුලුවන්ද? පුළුවන් උනත් අපි හැමෝම මේ රටේ ගන්න හැම දෙකින්ම බදු ගෙවන්නේ රජයක් ලෙස අපේ රටේ අධ්‍යාපනය, සෞක්‍ඛය, ක්‍රීඩා සහ අනෙකුත් සංවර්දන වගේ දේවල් වලට නේද? නැතුව ජනපති ඇතුළු මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ පවුල් පෝෂණයට විතරක්ම නෙවෙයි නේද?(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රින Wednesday, 14 August 2013 08:51 AM

ඇයි මෙ දරුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උදවු කරන්ට බැරි කිසිම පදක්කමක් ගන්ට බේරී ක්‍රීඩකයින් 5 දෙනෙක් සමග නිලධාරීන් 10 කට වියදම් කරන්ට පුලුවන්නම් ක්‍රීඩා එමතිතුමා මේකට මෙදිහත්වෙලා මෙය දරුවට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්ට ඔනෙ. මේක ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරින්ට බලධාරින්ට කියවා තෙරුන් ගන්ට හැකිවේවා (දී)

:       0       0

ජගත් Tuesday, 13 August 2013 06:55 PM

ඉතින් නොගිහින් ඉන්නකෝ.(නදී)

:       0       0

තිසල් Tuesday, 13 August 2013 12:39 PM

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා වුනි ඉන් එක ගොනෙක් වල්ගේ නැතිව වැනි වැනි වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනි දුප්පත් කමත් වල්ගේ නැති ගොනා වැනි (දී)

:       0       0

කුමාරිහාමි Thursday, 15 August 2013 07:02 PM

පොලොන්නරුවේ ඇමතිලා ඉන්නවා, හාල් මුදලාලිලා ඉන්නවා. ඇයි මේ දරුවට උදව් කරන්නේ නැත්තේ? මේ වගේ ගහගන්න පුලුවන් අය නොමග ගියොත් පාතාල නායකයෝ වෙනවා. ඇමතිවරු බලාගෙන ඉන්නේ ඒක වෙනකම්ද?(නදී)

:       0       0

බමුණු Tuesday, 13 August 2013 01:18 PM

දරුවෝ ලබන ආත්මයේ චීනය වගේ රටක උපදින්න දැන්ම පින් කරන්න. (ස)

:       0       0

ඇඹිලිපිටිය මහගෙදර Tuesday, 13 August 2013 01:49 PM

වැලිකන්ද ඉඳල ඩකා යන්න මේ දරුවා ඉල්ලන ගානට වඩා වැඩි ගණනක් වැලිකන්ද කිට්ටුව මනම්පිටියේ පාලම විවෘත කරන උත්සවේට ගිය එක්තරා ඇමති කෙනෙකුට ගිහින් තිබුන. නමුත් ඒ මුදල් එයාගෙන් නෙවෙයිලු. (අ)

:       0       0

රංගන Tuesday, 13 August 2013 01:53 PM

කතාකර කර ඉන්නේ නැතිව රුපියල් 1000 ගානේ ගණුමට එකට දාමු .. මුදල නිකන්ම එකතු වෙයි (අ)

:       0       0

ඉන්දික.නාපොලි Tuesday, 13 August 2013 07:52 PM

තරුණ්‍යයට හෙටක් එකෙන් මේ මල්ලිට උදව් කරන්න බැරිද? (ත)

:       0       0

දිල්ශාන් Tuesday, 13 August 2013 02:08 PM

අනේ මන්ද රග්බි,ක්‍රිකට් වලට කොච්චර වියදම් කරනවද මෙරටේ .මේ දක්ෂ දරුවට උදව් කරන්න කවුරුත් නැද්ද?ක්‍රිකට් ගහන්න යන්නේ නොනලත් අරන් ඒවාට නම් සල්ලි තියෙනවා. (දී)

:       0       0

ද සිල්වා Tuesday, 13 August 2013 08:28 PM

ඉන්දික හෙටක් තිබෙන්නේ ඔයාල වගේ ඉතාලියට හෝ ඔස්ට්‍රේලියාව වැනි රටකට ගිය තරුණයන්ට පමණයි. මේ රටේ ඉන්න තරුණයන්ගේ අනාගතය අදුරේ මල්ලි. මෙහේ ඉපදෙන පොඩි එකා පවා ඉපදෙන්නේ ලක්ෂ 3 නක් අතේ මිට මොලවාගෙන. තාරුණ්‍යයට හෙටක් කියන්නේ ලස්සන බෝඩ් ලැල්ලක් පමණි .(නදී)

:       0       0

පහන් Tuesday, 13 August 2013 02:20 PM

නීල් රණා කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය පුද්ගලීකරණය කරමු කියා නේද ? (දී)

:       0       0

ඉන්දික.නාපොලි Tuesday, 13 August 2013 09:09 PM

ද සිල්වා මගේ අදහස තේරුම් නොගෙන වගෙයි.(නදී)

:       0       0

චමීර Tuesday, 13 August 2013 02:45 PM

ජනාධිපතිතුමණි මේ ඔබේ අවධානය පිණිසයි.....!!! (ස)

:       0       0

සමන් Tuesday, 13 August 2013 02:45 PM

බයවෙන දෙයක් නැ අපේ කට්ටිය ඔක්කෝම ඔයාට උදව් කරාවි. (ස)

:       0       0

අමල් Tuesday, 13 August 2013 02:46 PM

අර හිගන්නාගේ රුපියල් 16000 මේ මල්ලිගේ ගිණුමට දැම්ම නම් හරි. රංගන කිව්වා වගේ කතා කර කර ඉන්නේ නැතුව 1000 ගානේ දාමු මේ මල්ලියට. (ස)

:       0       0

රංජිත් Tuesday, 13 August 2013 09:16 PM

විමලේට කියන්නකෝ මිනිහා උදව් කරාවි.(නදී) i

:       0       0

හාරූන් අන්සාර් Tuesday, 13 August 2013 02:55 PM

අපි උදව් කරන්නෙමු ඔබට.. ජයග්‍රහණය අපේ ප්‍රර්ථනාවයි.. හොද වැඩ කෑලි ටිකක් දාන්න මල්ලි. (ස)

:       0       0

පිටිගල Tuesday, 13 August 2013 09:37 PM

කව්රු හරි තදයෙක් හදුන්වලා නුදුන්නොත් ලොක්කන්ට මේ වගේ අය ටිකක් පේනවා හොරයි. (අ)

:       0       0

පහන් Tuesday, 13 August 2013 09:42 PM

මමත් පොඩි ගානක් දෙන්නම් ගහපන් පුතේ එන ඔක්කොටොම (අ)

:       0       0

සකු Tuesday, 13 August 2013 09:55 PM

මේ සංගමයේ අනුසාශක ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා. නිලධාරීන් ඔක්කොම කඩවත අය. ඉතින් ඒ අයට ලක්ෂ දෙකක් සල්ලි දෙන එක සිම්පල්. බැරි නම් වෙන කෙනෙකුට අනුශාසක කම දෙමු. මටත් පුළුවන්. (අ)

:       0       0

අර්ෂා Tuesday, 13 August 2013 03:11 PM

මගේ මුදල් ඔයාගේ ගිණුමට යථාකාලයේදී ලැබේවි,ඔබට ජය... (දී)

:       0       0

සමන් Tuesday, 13 August 2013 10:09 PM

ඔය මහින්ද ආනන්ද කියන්න දෙයක් නෑ

:       0       0

තිලක් ඩුබායි Tuesday, 13 August 2013 10:11 PM

සනත්.අපිට වැරදුන තැන ඔතන තමයි .අපි හැමෝම මේ රටේ ගන්න හැම දෙකින්ම බදු ගෙවන්නේ රජයක් ලෙස අපේ රටේ අධ්‍යාපනය, සෞඛය, ක්‍රීඩා සහ අනෙකුත් සංවර්දන වගේ දේවල් වලට නේද? (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 13 August 2013 10:16 PM

අපේ මහජන මුදලින් සල්ලි යොදවන්නේ හරියට එයාලගේ කුඹුරු වලින් එන මුදලින් වගේනේ. (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 13 August 2013 10:17 PM

මමනම් මගේ ප්‍රිය සොදුරියගේ උපන් දිනයට සුදු අශ්වයෙක් දුන්නා. (ස)

:       0       0

සිද්දීක් Tuesday, 13 August 2013 11:34 PM

අර කවුද සාර කෙනෙක් ගාව ඇති නේද සල්ලි. (ස)

:       0       0

diluni Tuesday, 13 August 2013 11:56 PM

මහා ලොකුවට රට සංවර්ධනය කරනවා කියල යටිමඩි ගහන සල්ලි වලින් කීයක් හරි මේවගේ පොඩි ළමයෙකුට දෙන්න පුල්ලුවන් නම් කොච්චර යහපතක්ද (ස)

:       0       0

මෝහමෙඩ් ෆාසල් Tuesday, 13 August 2013 04:04 PM

මගේ මල්ලි කෙනකුයි සිතා මගේ පඩිය ලැබුණු ගමන් ම ඔයාට මුදල් දෙනවා දිරිය වන්ත වන්න මල්ලි (දී)

:       0       0

රජිත් Tuesday, 13 August 2013 04:11 PM

මගේ ගමේ හිටිය දක්ෂ මැරතන් සුරයෙක් ඔහුව තේරුණා විදෙස් තරගයකට ඔහුට මුදල් තිබුනේ නෑ තරගයට යන්න ඒ ක්‍රීඩකය හිතේ අමාරුවට බීලම මරුන ඕන් ලංකාවේ හැටි ? (දී)

:       0       0

මහවැලි Tuesday, 13 August 2013 04:16 PM

ප්‍රදීපා, ඔයාගේ ප්‍රකාශය ට 100% මමද එකග වෙමි. (දී)

:       0       0

රූපවතී Wednesday, 14 August 2013 01:19 AM

සනත්,ඔයා කිවුව දේමයි මටත් කියන්න තියෙන්නේ. (නි)

:       0       0

සිංහ Thursday, 15 August 2013 06:42 AM

ඔන්න ඉතින් ඇත්ත තත්ත්වය... (නි)

:       0       0

අසෝක පීරිස් Friday, 16 August 2013 02:34 AM

මහා පාරෙන් මැණික් ලැබෙන ,ගලන ගඟෙන් රත්හරන් ලැබෙන මහා පුදුම රටක් මේක.(නදී)

:       0       0

අසෝක peiris Friday, 16 August 2013 03:09 AM

මහා පාරෙන් මැණික් ලැබෙන ගලන ගගෙන් රත්තරන් ලැබෙනවා. ඒත් මේ පොඩි එකකුට වියදමක් කරන්න බැරි රටක් මේක.(නදී)

:       0       0

නාලක - කටාර් Wednesday, 14 August 2013 02:55 AM

මෙම ලිපියට සාමාන්‍ය ජනතාව ප්‍රතිචාර දක්වාවි, ආධාර කරයි. එහෙත් ඇයි රට නියෝජනය කරන ක්‍රීඩකයෙක් හට රජයෙන් අනුග්‍රහය නොදක්වන්නේ. ඒ ළමයාගේ පුද්ගලික අවශ්‍යතාවයකට නොවෙයි ඒ ගමන යන්න තේරිලා තියෙන්නේ, දක්ෂතාවය අනුව රට නියෝජනය කරන්න කියන එක සියලුම බලධාරීන් දැනගන්න ඕනෑ කරුණක්. මෑතකදී රගර් ප්‍රීමියර් ලීග් තරගවලට පිටරටවලින් ගෙන්වපු සුපිරි ක්‍රීඩකයෝ වෙනුවෙන් කොපමණ වියදම් කළාද? (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Tuesday, 13 August 2013 10:59 AM

ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීමක් නේද තෝරගත්තු ක්‍රීඩකයන් සහභාගී කරවන එක..... (දී)

:       0       0

සාමා Tuesday, 13 August 2013 05:02 PM

ඉතින් ඒවගේ ජ්‍යාන්තර තරඟේකට යද්දී අපෙ ආණ්ඩුවට බැරිද උදව් කරන්ඩ? වෙන වෙන ඒවගෙන් එනකොට ආණ්ඩුව ගුවන් තොටුපලෙන් පිලි අරගෙන කොච්චර සල්ලි දෙනවද? (අ)

:       0       0

ප්.පෙරේරා Tuesday, 13 August 2013 05:11 PM

බලධාරීන්ගෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොතු වේ. මෙපල කර ඇති සහතික පතේ ඡායරුපයට අනුව කරාතේ දෝ සංගමයේ පිළිගත් සංගමයක් අනුව ඔවුන් නම ගම සහිතව තනතුරු සමග සහතික ලබාදෙ ඇත්තේ කුමන අරමුණකින්ද. ඔවුන්ගේ දුරකථන අංක සහ ලිපිනයන්ද එම සහතිකවල සදහන් කර ඇත. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් නිලතල හොබවමින් මුදල් ආදර සහ තවත් බොහෝදෙ බුක්ටිවිදිමින් සිටියාට කම් නැත... මෙවන් දරුවන් වෙනුවෙන් කරන දේ පවසන්න.(අ)

:       0       0

මාලක Tuesday, 13 August 2013 11:21 AM

අයියෝ ලංකාව

:       0       0

දිසානායක Tuesday, 13 August 2013 05:18 PM

රංගන ඔබ හරි අපි කවුරුත් රුපියල් 1000 එකවුන්ට් එකට දැමු විට ළමය ගොඩ පිනට ලදී ය පිහිටවන්න (අ)

:       0       0

ප්‍රදීපා Tuesday, 13 August 2013 11:23 AM

රජයේ ක්‍රීඩාව, තරුණ කටයුතු, තව...තව...මේ හා සම්භන්ධ කටයුතු වෙනුවෙන් අමාත්යාංශ කීයක් තියෙනවද? ඇමතිවරු කීයක් ඉන්නවද? එත් මේ ක්‍රීඩකයා වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කවුරුත් නැද්ද? කොහොමහරි මේ දරුවා යන්න සූදානම් උනොත්නම් නිලධාරීන් 15ක් වත් එකතුවෙයි ගමනට. (දී)

:       0       0

දයා අබේකොන් Tuesday, 13 August 2013 05:19 PM

අපේ ක්‍රීඩා ඇමතිකෙනෙක් ඉන්නවා නේද. පළාත් සභාවෙන් ඉන්නවා නේද,දණගස්වන වැඩ විතරද කරන්නේ (අ)

:       0       0

ද සිල්වා Wednesday, 14 August 2013 04:26 AM

ඉන්දික, තාරුණ්‍යයට හෙටක් කියන්නේ ලස්සන වචන ටිකක පමණි. මේ මගින් තරුණයන්ගේ හෝ තරුණියන්ගේ මුලික ප්‍රශ්න වලට විසදුමක් නොලැබේ. (නි)

:       0       0

ටිකිරි බංඩා Tuesday, 13 August 2013 05:30 PM

"සිංහ සමාජය" කෝටි ගණනින් හොටල් වල කාලා බීලා නටලා වියදම් කරන සල්ලි වලින් මේ අසරණයට පිහිටක් වෙන්න පුළුවන්නේ.(නදී)

:       0       0

නිමල් Tuesday, 13 August 2013 11:38 AM

මාර වැඩක්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තමන් සල්ලි වියදම් කරගෙන යන්න ඕන රටක් ද මේක? මොනවහරි කරලා ගිහින් පදක්කමක් අරගෙන අවනම් ඔය ක්‍රීඩා වේ ලොකු පුටුවල කීප දෙනෙක් දුවගෙන ඒවි ඓර්පොර්ට් එකේදී පිළිගන්න. 120,000 නැද්ද ක්‍රීඩා අමාත්‍යංශයේ ? එතකොට සවාරි යන්න බෑ නේද මේ අවුරුද්දේ. පවු අනේ අපේ ඇමතිවරු (දී)

:       0       0

නිල් රනා Tuesday, 13 August 2013 11:38 AM

පුද්ගලික ව්‍යාපාරික ආයතන මෙවැනි ක්‍රීඩකයින්ට අනුග්‍රහ දැක්වීම කාලීන අවශ්‍ය තාවයක් වගේම එවැනි වව්‍යාපාරිකයන් සමග සබඳතා ගොඩනගා ගැනීමේ හැකියාවත් තරුන ක්‍රීඩකයින් සතුවිය යුතුයි. (දී)

:       0       0

නිමින්දු Tuesday, 13 August 2013 11:42 AM

ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් වෙන ක්‍රීඩකයා දෙමව්පියන්ගේ වියදමින් යන්ට ඕනද? ක්‍රිකට් කණ්ඩායම් එහෙමත් යන්නේ එහෙමද ලංකාවේ? (දී)

:       0       0

සමුද්‍රා Tuesday, 13 August 2013 05:50 PM

120000 ක් කියන්නේ ලංකාවේ සමහර මිනිස්සු පැයෙන් දෙකෙන් වියදම් කරන ගානක්. (නි)

:       0       0

වරුණ Tuesday, 13 August 2013 11:43 AM

ඔය ක්‍රීඩා සංගම් වල නිලධාරීන් බොරු රට සවාරි ගහල නාස්ති කරන සල්ලිවලින් බැයිද අනුග්‍රහය දක්වන්න කොහොම හරි නය වෙලා ගිහින් මේ දරුවා දිනාගෙන ආවොත් පදක්කමක් කට්ටිය යාවි ගුවන් තොටුපලට ලකුණු දාගන්න

:       0       0

චතුල වෙරෝනා Tuesday, 13 August 2013 11:45 AM

නිමල්ගෙ කතාව හරියටම හරි පව් අහිංසක දරු පරපුර (දී)

:       0       0

සමන් කුමාර Wednesday, 14 August 2013 06:51 AM

අපේ රටේ අධ්‍යාපන අමාත්‍යංශය දක්ෂ දරුවන්ට උදවු කරන ස්ථිර වැඩ පිළිවෙලක් හදන්න ඕනෑ. (නි)

:       0       0

රෝහණ Wednesday, 14 August 2013 07:19 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ රට වෙනුවෙන් යන්න ඒ අයම වියදම් කරන්න ඕනද? එතකොට කෝ අර තරුණ කටයුතු, ක්‍රීඩා, අනේ මන්දා කලිනුත් කවුද දාල තිබුන වගේ යන්න නම් කට්ටිය ඉඳීවි මේ ළමයත් එක්ක. (නදී)

:       0       0

අමර Tuesday, 13 August 2013 11:56 AM

අනුශාසක මේව ගැන බලන්නෙ නැද්ද? (ත)

:       0       0

උපාලි Wednesday, 14 August 2013 07:23 AM

පුතේ, උඹට පුළුවන් නම් දන්නා ශිල්ප සේරම දාලා පුත්තු දෙන්නෙකුට තුන්දෙනෙකුට මතක හිටින්න ගහන්න, බැංකුව උතුරලා යන්න මිනිස්සු සල්ලි එවයි සන්තෝෂයට. (නි)

:       0       0

හේමන්ත Tuesday, 13 August 2013 06:07 PM

රට රට වලට ආධාර දෙන්න, බොරු සෝභන වලට ඕනෑ තරම් මුදල් තියෙනවා, මේ අහිංසකයාව තරගයට යවන්න තමා බැරි. (නි)

:       0       0

තාරක Wednesday, 14 August 2013 07:37 AM

ක්‍රිකට් ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි ඒ කට්ටියගේ භාර්යාවන් වත් එක්ක යන්න දෙනවානෙ විදේශ සංචාර වලට . ඒ නිරපරාද සල්ලි මේවාට දුන්නානම් මොකද වෙන්නේ (දී)

:       0       0

දිසා Wednesday, 14 August 2013 07:40 AM

පාලකයෝ බලන්න ඕනේ මේවා ගැන .

:       0       0

ටොමි Wednesday, 14 August 2013 07:48 AM

මමත් දේශප්‍රේමය ගැන කෑගහව්වට මගේ පඩියම මම වියදම් කරන්නේ රුපලාවන්‍ය වැඩ වලට.ඉස්සරනම් සෙරෙප්පු දෙකකවත් ගන්න සල්ලි තිබුනේ නැහැ තමයි .අද මම යන්නේ ප්‍රසිද්දම සැලූන් එකකට කොන්ඩෙ කපන්න. එකටත් ඉතින් රුපියල් 2000-3000 ක් යනවනේ.ඉතින් මම කොහොමැයි දුප්පත් අයට සලකන්නේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9330 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4849 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6739 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4571 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1130 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1943 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36473 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24190 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site