IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඩෙංගු කීටයා කරාපිටිය රෝහලේ?

ගාල්ල කරාපිටිය රෝහල පරීශ්‍රයේදී කරන ලද සොයා බැලීම් වලදී ඩෙංගු මදුරුවන්  බෝවිය හැකි ස්ථාන දහයක්  සොයා ගත් බව ගාල්ල මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර  සිංගාරච්චි මහතා කියයි. දැඩි සත්කාර ඒකකය අසල, ළමා වාට්ටු අසල, මෘත ශරීරාගාරය අසල මේ ආකාරයෙන් මදුරු  කීටයන් දක්නට ලැබූණු බවත් මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බව ව්‍යෛ නිළධාරීවරයා පවසයි. මෙසේ සොයාගත් කීටයන් ඩෙංගු මදුරුවන් දැයි තහවුරු කිරීමට කීට විද්‍යාඥයන්ගේ සහාය ගන්නා ඔහු කියයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලිස් නිලධාරීහු, සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීහු, රෝහල් කමිටු නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ.



අදහස් (0)

ඩෙංගු කීටයා කරාපිටිය රෝහලේ?

ලෙස්ලි විජේසිංහ Saturday, 06 July 2013 05:02 PM

රජයේ රෝහල් වල තත්වය මෙවැනි නම් ජනතාවට කාගේ පිහිටක්ද කෝ මේ පරිපාලන නිලධාරියෝ.(නදී)

:       0       0

දීපාල් Saturday, 06 July 2013 05:17 PM

සෞඛය අමාත්‍යංශයද පළාත් පාලනේද ? විවාදේ ඉස්සරහ, බඩු පිළිකන්නේ.(නදී)

:       0       0

සුජීව පද්මකුමාර Saturday, 06 July 2013 06:07 PM

නිලදාරීන්ට තනියම වැඩ කරන්න බැහැ. කම්කරුවො වැඩට ගන්නෙ දේශපාලකයන්ගෙ ලියුම් වලට. උන් පොත අත්සන් කරල මන්ත්‍රීලට කඩේ යනවා. නිලදාරීන්ට වඩා උන්ට පවර්.(නදී)

:       0       0

සනත් Saturday, 06 July 2013 06:13 PM

වැටත් නියරත් ගොයම් කානම් කාටද කියන්නේ. ගාලු ජනතාවට කියන්නේ උණක් හැදුනත් කරාපිටියට අරගෙන යන්න එපා. මොකද එතනින් ඩෙංගු හැදෙන්නත් පුළුවන් .ලංකාවේ රෝහල් ගැන අපිට හරි පිළිකුල් ඇමති වරු පුළුවන් තරම් පච කියන්නේ. තමන්ගේ ආයතනයවත් මේක හරියට පාලනය කරගන්න බැරුව මුළු රටේම කොහොමද කරන්නේ.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 06:56 PM

රෝහලට යන්නේ ලෙඩ හොද කර ගන්න. නැතිව ලෙඩ අරන් එන්න නෙවේ.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 07 July 2013 10:21 AM

යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරපියෝ කිවුවලු (නි)

:       0       0

කරුණාරත්න Sunday, 07 July 2013 11:22 PM

සියළු අවස්ථා වලදී දැනුවත් වුවත් වැඩකරන විට තමාට එම කාර්යය අයිති නැතැයි කියා සිතා සිටින මිනිසුන් දායාද කරන්නේ මේ වගේ දේවල් තමයි (නි)

:       0       0

බන්දුල Sunday, 07 July 2013 11:48 AM

අද මදුරු කොයිල් බාවිතය වැඩිවෙලා, ඒවාට මදුරුවන් විනාශ වෙන්නේ නැහැ. කොයිල් එකේ සැර දුමට අපිට නින්ද යනවා මිසක් මදුරුවෝ නොකා ඉන්නේ නැහැ. අනික ඒ දුම මදුරුවන්ට විෂ නම් මනුස්සයට හිතකර වෙන්නේ කොහොමද? මදුරු කොයිල් වලට අනවශ්‍ය වියදම් කරන එක වෙනුවට සාදාරන මුදලකට මදුරු දැල් ලබාදෙන්න කටයුතු කරන්න පුලුවන් නම් මදුරුවන්ගෙන් එන ලෙඩ රෝග බොහොමයක් වලක්වගන්න පුළුවන් වෙයි. වගකිවයුත්තන්ගේ අවදානය යොමුවේවා. (නි)

:       0       0

රංජිත් සිල්වා Saturday, 06 July 2013 09:20 PM

වැරදි කරන අයට දඬුවම් දීලා නීතිය ක්‍රියාත්මක කරන බව ඔප්පු කිරීම මේ රජය පැහැර හැර ඇත. දන ගස්සන එක ගස් බඳින එක වගේ රජයේ අයත් නිකම්ම පඩි ගන්නවා විතරයි. ඉතා ඉක්මනින් එල්ලුම් ගහ ගෙනත් නීතිය සනිටුහන් කරන්න. අස්වයා යන්න හදන්නේ. (නදී)

:       0       0

රිෂාර්ඩ් Saturday, 06 July 2013 10:13 PM

දැන් ඉතින් කාට නඩු දාන්නද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. මට පෙනෙන්නේ ඩෙංගු වෙළඳාමක් කරලා (නි)

:       0       0

ලලිත් Saturday, 06 July 2013 10:31 PM

ගරුකටයුතු මහත්වරුනි, ඔය පෙනෙන කෙසෙල් ගසේ පත්‍ර මුල එකතු වී ඇති වතුර වලත් පොල් ගස් වල පිති අතර එකතුවන වර්ෂා ජලයේත් ඩෙංගු කීටයන් බෝවෙනවා. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ සඳහා අලුතින් නිපදවා ඇති මදුරු විකර්ශන පින්තාරු වර්ගය ලංකාවට හඳුන්වා දෙන්නේ නම් වඩාත් ප්‍රයෝගික වනු ඇත. (නි)

:       0       0

අශෝක Sunday, 07 July 2013 12:47 AM

මේ ඉස්පිරිතාලෙ අයිති කාටද​? මේ වගේ දේවල් වලට රජයෙන් විසඳුමක් දෙන්නෙ නැතුව අහිංසක මිනිසුන්ට දඩ ගහනවා. ආන්ඩුවෙන් ලංකාව පුරාම මේකට සුදුසු බෙහෙතක් විද්දා නම් මෙලහටත් ඕවා නතර වෙලා. (නි)

:       0       0

මුණසිංහ Sunday, 07 July 2013 08:39 AM

කරාපිටිය රෝහලේ පරිසරය අලංකාරවත් කර වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. රෝහල් පරිපාලනය මීට දැඩි අවදානය යොමුකළ යුතු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2502 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1554 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site