IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඩෙංගු දඩෙත් රුපියල් 25000 කරන්න යයි

යම් ප්‍රදේශයක ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයකු මිය ගිය හොත් ඩෙංගු මදුරු කීටයන් බෝ කළ පුද්ගලයා හෝ ආයතනය විසින් වන්දි ගෙවීමට ද, මදුරු කීටයන් සහිත පරිශ්‍ර පවත්වාගෙ යන්නන්ට දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කරන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරු මර්දන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ දී පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා එලෙස කීවේය.

මේ වසරේ ඩෙංගු රෝගීන් 46,000ක් වාර්තා වී ඇති අතර මේ වන විට 76 දෙනකු මිය ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

නොවැම්බර් මාසයේ දී පමණක් ඩෙංගු රෝගීන් 2500ක් වාර්තා වී තිබේ.



අදහස් (0)

ඩෙංගු දඩෙත් රුපියල් 25000 කරන්න යයි

කෝනාර Monday, 05 December 2016 02:18 AM

කොහේ ඉඳලා ආපු මදුරුවෙක්ද මියගිය කෙනාට විද්දේ කියලා කෙසේවත් හොයන්න බැහැ. මේකට උසාවි ගියොත් ආණ්ඩුව පරාදයි‍. රජය නොමිලයේ මදුරු නාශක විදිනවා සහ කැලිකසල ඇති අයට දඩ ගහනවා මිසක් මේක හරියන්නෙ නැහැ. (නි)

:       0       0

ගමගේ Sunday, 04 December 2016 06:21 AM

මිනිසුන් මර්දනය කිරීමෙන් ඩෙංගු රෝගය මැඩ පවත්වන්න බැහැ. බටහිර වෙදකමේ මෙයට තවම නිසි ප්‍රතිකාරයක් සොයා ගැනීමට බැරිවීමයි හේතුව. ඩෙංගු රෝගය මුලින් හැදෙන්නේ මිනිහාටයි. මදුරුවා වාහකයෙක් පමණයි. (බ)

:       0       0

වික්ටර් Sunday, 04 December 2016 07:50 AM

පස්ස සේදීමේ බද්ද වැට් 15 % අපට දෙන්න. බලු බදු තන බදු පනවන්න.රනිල්ට රවිට ජය වේවා (බ)

:       0       0

රේණුකා Sunday, 04 December 2016 09:07 AM

තමන්ගේ නොහැකියාව, අදක්ෂකම සහ බැරිකම වහගන්න කරන උප්පරවැට්ටියක් වගෙයි. හිරිකිතයක් නැතිව අහිංසක ජනතාවට ගෙඩිය පිටින්ම කරේ තියන්න වගේ කැහැ පොට ගහන්නේ. දිරවයි ද කියල බලමු. (බ)

:       0       0

පද්මිණී Sunday, 04 December 2016 12:04 PM

මොන ගොන් කතාවක්ද. ඩෙංගු මර්දනය රජයේ කර්තව්‍යක්. සාමාන්‍ය ජනතාවගේත් උපරිම දායකත්වය ඇතුව.අපි කුඩා කාලේ මදුරු කුඩු ගහන්ට සෑම ගෙදරකටම නිලධාරීන් ආවා. (බ)

:       0       0

කසුන් Monday, 05 December 2016 08:18 AM

දුප්පත් ජනතාවටම තමා දඩ වදින්නේ (ර)

:       0       0

සමන් Sunday, 04 December 2016 12:06 PM

රජයේ ඩෙංගු මර්ධන ක්‍රියාවලිය කාර්යක්ෂම කරනවා වෙනුවට මිනිසුන්ට දඩ ගැසීමෙන් පලක් නැත. කිසිවෙක් සිතා මතා මදුරුවන් බෝකරන්නේ නෑ. (බ)

:       0       0

දිමුත් Sunday, 04 December 2016 01:05 PM

දඩ ගහනවට වඩා හොද නැත්ද හොද මිනිස්සු හොයලා එයාලට 25000 ගානේ තෑගි දුන්නා නම්..(හේ)

:       0       0

අධිකාරී Sunday, 04 December 2016 03:08 PM

2500.00 සහ 5000.00 ගානේ දඩ ගහලා අහිංසක මිනිසුන්ට ගෙවාගන්න විදිහක් නැතුව ඉන්නවා.මම උසාවි ගිය දවසක දැක්ක පව් එ් මිනිසුන්ට පාන් රාත්තලක් අරගෙන හැන්දෑවට ජීවත් වන මිනිසුන්ට රැ5000.00 ගෙවා ගන්න රත්තරං බඩු උගස් කරනවා.රු 25000.00 දඩ ගැහැවීවොත් කොහොම හීටීද වැරදි කරන මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන.(හේ)

:       0       0

සදුන් Sunday, 04 December 2016 03:25 PM

මේවා රජය කරන්න ඕනේ වැඩ.(හේ)

:       0       0

පහන් Sunday, 04 December 2016 03:25 PM

මේවා රජයෙන් කරන්න ඕනේ වැඩ . ප්‍රතිපත්ති.(හේ)

:       0       0

යුනස් Sunday, 04 December 2016 04:29 PM

ඩෙංගු හැදෙන්නේ මදුරැව‍ාගෙන් කියලා 100% විශ්වාසද? මෙම රෝගී තත්වයට බෙහෙත් හොයාගන්න බැරි නිසා එය මදුරැවා ගේ පිටේ දාලා අපගේ වෛද්‍යවරැ බේරෙනවා.....උදා...රෝගියෙක් බෙහෙත් ගන්න ගිය පසු වෛද්‍ය වරයා පළමුවෙන් අසන ප්‍රශ්නය ඔබට දියවැඩියාව තියෙනවාද යන්නයි.....එසේ තිබේ නම් ‍එම වෛද්‍යවරයාගේ පරික්ෂණ ‍බෙහෙත් ලබා දිය හැකියි.....යම් හෙයකින් අසාත්මිකතාවයක් ඇති වුවහොත් දියවැඩියා ලෙඩේ ඔහුට රැකුලක් ‍වේවි.....රජයෙන් කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොකර එසේම කාණු පද්ධති වසා ජනතාව ඉදිකිරීම් කර තිබිම මේ හේතු නිසා නොයෙකුත් ගැටලු මතු වී ඇත. (ර)

:       0       0

සරා Sunday, 04 December 2016 07:13 PM

මොකක්ද මේ කෝකටත් තෛලය වගේ හැමදේටම 25000? (නි)

:       0       0

සේනාධිර Sunday, 04 December 2016 07:14 PM

කොහොමද දන්නේ කොහේ ඉඳලා ආපු මදුරුවෙක්ද මියගිය කෙනාට විද්දේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1475 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1981 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1504 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8527 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2468 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10485 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site