IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඩෙංගු පරීක්ෂණවලින් සල්ලි ගැරූ රසායනාගාරවලට ලක්ෂ 94 ක් දඩ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා  ගැසට් කරන ලද නියමිත ගාස්තුවට  වඩා වැඩි මුදලක් අය කළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර  දොළහක් සඳහා පසුගිය මාස හතර තුළ  රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක්  අධිකරණ මගින් නියම කර ඇතැයි  පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඒ . යු. රංජන මහතා පැවසීය

කොළඹ , නුගේගොඩ , මාලිගාකන්ද හා ගල්කිස්ස යන අධිකරණවලින් එම දඩ මුදල් නියමකර ඇතැයි ජේෂ්ඨ විමර්ශන නිලධාරියා පැවැසීය

කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව නඩු පැවරීමෙන් අනතුරුව එකී දඩ මුදල නියම කර තිබිණි

ඊට අමතරව  අනෙකුත් පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් විවිධ මධ්‍යස්ථානවල විවිධ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් දැනට පාරිභෝගික කටයුතු අධිකාරිය ට මැදිහත්වීමේ අවකාශයක් නොමැති බවත් නමුත් බහුලව භාවිතා වන රසායනගාර පරීක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන්  යම් මිල සීමාවක් පැනවීම සම්බන්ධයෙන් යෝජනා  හා මූලික කටයුතු  මේ වන විට සිදුවෙමින් පවතින බව ජේෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය


පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජි විජේසිරි මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඒ යු රංජන  ,විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක, එස් යු පුංචිහේවා , ධනුක ගුණරත්න , අරවින්ද ශාලිත හා යසිත ඉෂාන් මහත්වරු වැටලීම්වලට එක්වූහ



අදහස් (0)

ඩෙංගු පරීක්ෂණවලින් සල්ලි ගැරූ රසායනාගාරවලට ලක්ෂ 94 ක් දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 732 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2291 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 564 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 583 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 294 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 529 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site