(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඩෙංගු පරික්ෂාවට ගිය මහජන සෞඛ්යක පරීක්ෂක වරයෙකුට බීමතින් පැමිණි පුද්ගලයෙකු මදුරු කීටයන් සහිත ජල ප්ර හාරයක් එල්ල කළ පුද්ගලයෙකු අද (02) දා අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රෙද්ශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
කිරිගම්පමුණුව ප්‍රෙද්ශයේ පාලු ඉඩමක ට කසල බැහැර කරන බවට සෞඛ්යේ වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබී තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට ජල ප්රටහාරයට ලක් වූ මහජන සෞඛ්යර පරීක්ෂකවරයා ඇතුළු දෙදෙනෙකු එම ස්ථානයට 02 දා සවස ගොස් තිබු අතර එය පරීක්ෂා කිරීමේදී ඒ අවට මදුරු කීටයන් බෝ වී ඇති බවට මහජන සෞඛ්යඅ පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව පාළු ඉඩම සහ අවට නිවෙස් ක්ෂණික සෝදිසි මෙහෙයුමකට යොමු කිරීමෙදී ඉන් එක් නිවසක තැන තැන දමා තිබූ තිබු බදුන්වල වැසි ජලය එක් වී ඒවායේ මදුරු කීටයන් බෝ වී ඇති අයුරු දැක ඇති අතර අදාළ නිවස හිමියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටියදී එක්වරම නිවස තුළින් එළියට පැමිණි බීමත් පුද්ගලයකු පරුෂ වචනයෙන් මහජන සෞඛ්යය පරීක්ෂකවරයාට බැනවදිමින් රාජකාරියට බාධා කොට පහර දීමට තැත් කර තිබේ.
එම අවස්ථාවේ දී නිවස අවට ඩෙංගු කීටයන් බෝ වී ඇති බව පවසමින් කලහකාරීව හැසිරුණු පුද්ගලයා දැනුවත් කර ඇති අතර එහිදී එක්වරම කුපිත වූ නිවෙස් හිමියා ඩෙංගු කීටයන් සහිත අපවිත්ර ජලය එක් රැස් වී තිබූ බඳුන මහජන සෞඛ්යය පරීක්ෂකවරයා රැඳී සිටි දෙසට වීසි කර ඇති අතර එම අවස්ථාවේදී එහි තිබූ අපවිත්රප ජල ප්‍රහාරයට මහජන සෞඛ්යස පරීක්ෂකවරයා ලක්ව තිබේ.
ඒ අනුව රාජකාරියට බාධා කිරීම හා අපවිත්රප ජල ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්යක පරීක්ෂකවරයා මත්තේගොඩ පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ක්ෂණිකව ක්රියයාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයාගේ නිවසට ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකය.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩෙංගු පරික්ෂාවට ආ සෞඛ්‍ය නිලධාරීට කුණු වතුර ප්‍රහාරයක්
බද්රානි Tuesday, 02 May 2023 06:19 PM
ඔහොම නෙමේ ගහන්න තිබුනේ, අශුචි මිශ්‍රකල වතුර බාල්දියකින්. අඩුතරමේ දැන් අර බොරුවට ගහපු දුමවත් ගහනවාද? මෙතන මිනිස්සුන්ව අපහසුතාවයට හා පීඩාවට පත්කිරීම තමයි මොවුන්ගේ එකම අරමුණ... රජයේ රෝහල් පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන අසල මෙන්ම නගරසභා අසල මෙලෙස පරීක්ෂා කරනවාද? හරියට මිනිස්සු මදුරුවෝ ඇතිකරනවා වගේනේ මෙවුන්ගේ කතාව. ගහලා එලවන්න ඕනෑ මොවුන්ව... එනවා මෙතන අසරණ ජනතාවට පව් දෙන්න...
ඇන්ටනි - මිගමුව Tuesday, 02 May 2023 06:33 PM
මීගමුවේ ඩෙංගු පරික්ෂා කරන්න එන සමහර පරීක්ෂකයින් මදුරු කීටයින් කුඩා බෝතලයක දමාගෙන ඇවිත් නිවාසවල කාණුවලට, වැහිපීලි වලට හලලා කියනවලු... ඒ ගොල්ලෝ ඒ නිවසෙන් ඩෙංගු කීටයින් හොයාගත්තයි කියලා. ඊට පස්සේ දඩ ගහන්න කලින් ගොඩින් බේරගන්න කියලා තව කෙනෙක් කියනවලු. සමහර මිනිස්සු රුපියල් 1000 පාවාදීලා තියෙනවා. දැන් අපි බලාගෙන ඉන්නේ ඔවුන් අපේ ගෙවල්වලට එනකම්. අනිවාර්යයෙන්ම ඔවුන් ගෙනෙන ඩෙංගු කීටයින් ඔවුන්ටම කවනවා. ඇට කඩලා කීටයෝත් එක්කම පොලිසියට බාරදෙනවා.