ඩෙංගු වසංගතයක් පවතින ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 2500ක් වාර්තා වූ බවත්, ඩෙංගු මරණ පහක් මේ වසරේ සිදුව ඇති බවත් වසංගත රෝග අංශය කියයි.
දෙසැම්බර් මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් 314ක් වාර්තා වීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කිහිපයක ඩෙංගු වසංගත තත්වයකට උත්සන්න වී ඇතැයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පවසයි.
අම්බලන්ගොඩ විලේගොඩ ප්‍රදේශයෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත. මෙම ප්‍රදේශය ආශ්‍රිතව අම්බලන්ගොඩ නගර සභාවේ කුණු බැහැර කරන ස්ථානයේ ඩෙංගු මදුරුවන් විශාල වශයෙන් බෝවන බව නිරීක්ෂණය කර ඇත. අදාල පළාත් පාලන ආයතයෙන් මෙම ස්ථානයට ගෙනවිත් දමන කුණු පස් දමා වසා නොදැමීම හේතුවෙන් ප්ලාස්ටික් හා පොළිතීන් වල රැඳෙන වතුරේ ඩෙංගු මදුරුවන් බෝවන බවත් මුහුදු බඩ කළාපයේ අත්හැර දමා ඇති බෝට්ටු වල මදුරු තවාන් දක්නට ලැබෙන බවත් වෛද්‍යවරයා පවසයි.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඩෙංගු වසංගතේ ගාල්ලටත්
සත්‍යයා Tuesday, 20 December 2016 12:45 AM
මාධ්‍යවල නැත්නම් සමාජ වෙබ් අඩවි වල කට වහන්න කලින් අහිංසක ජනතාව බේරගන්න ආණ්ඩුවට කඩිනමින් කරන්න දෙයක් තියෙනවා. පුලුවනම් ඩෙංගු මදුරුවා මර්දනය කර පෙන්වන්න. එසේ නැතුව තමන්ගේ අවංකභාවය ගැන පම්පෝරි ගහන්න හදන්න එපා. (නි)
ආර්නෝල්ඩ් Tuesday, 20 December 2016 02:06 AM
දුප්පත් මිනිසුන්ට දඩ ගහලද ඩෙංගු නතර කරන්න හදන්නේ. දූමයානය නොකඩවා කරන්න ඕනෑ රට පුරාම මේ වසංගතය ඉවරවෙනකන්ම. නැතුව දඩ මුදල් වැඩි කරලා හරියන්නේ නැහැ. නැත්නම් අපිට උසාවි යන්න වෙනවා, වැඩබැරි ආණ්ඩුව දඩ වලින් රට පාලනය කරන්නේ කියලා. (නි)
ධම්ම Tuesday, 20 December 2016 03:25 AM
ඇමතිතුමා ඉල්ලා අස්වෙන යෝජනාවට මා තරයේම විරුද්ධයි. එතුමා නැතුව අපි ඉඳලා වැඩක් නැහැ. (නි)
හුසේන් මොහමඩ් Tuesday, 20 December 2016 04:06 AM
කිසිම ආණ්ඩුවක් තමන්ගේ යුතුකම හරියට කරන්නේ නැහැනේ. වැරැද්ද පුළුවන් තරම් ජනතාවගේ කරපිට දාලා, ඔවුන්ගෙන් කීයක් හරි කඩාගන්නමයි බලන්නේ. ඩෙංගු වගේ භයානක උවදුරක් ව්‍යාප්ත නොවෙන්න ජනතාවගේ පැත්තෙන් වෙන්නෝන යුතුකම් නොවෙනවානම්, ඒකට කිසියම් ක්‍රියා මාර්ගයක් ගන්නෙක සාධාරණයි. එහෙම කියලා, ආණ්ඩුවට කර අරින්න බැහැ. ඔවුන්ගේ වගකීම ඔවුන් තේරුම් ගන්නෝන. (බ)
සහන් Tuesday, 20 December 2016 10:48 AM
අම්බලන්ගොඩ පැත්තේ අය තමන්ගේ වත්ත පිටියවත් සුද්දකරගන්න උනන්දුවක් නැති අය, ගැනුන්ගේ වැඩේ ඕපාදුප කියව කියව ඉන්නවා ,පිරිමි වැඩ නැති වෙලාවට අඩියක් පුඩියක් ගහල බඹර වගේ වැනෙනවා ,ඉතින් මේවට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ (බ)
සුසන්ත Monday, 19 December 2016 09:54 PM
දැන්නම් තත්ත්වය ගොඩක් භයානකයි. සෞඛ්‍ය අමාත්‍යංශයට පාලනය කරගන්න බැරි හැඩයි. ඇමතිතුමා ඉල්ලා අස්විය යුතුයි (නි)