IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඩිජිටල්කරණයෙන් සියලුම ගණුදෙනු විගණනය කළ හැකියි

 

 

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ආර්ථිකය මුදල්වලට වියදම් කරන ප්‍රමාණය සියයට 1.5 ක් වුවත් ඩිජිටල්කරණ හරහා සියලු ගෙවීම් කරන තත්වයට දියුණු කළ හොත් මුදල්වලට කරන විදයම අඩු කරගතහැකි බවත් එම ඩිජිටල්කරණය ඔස්සේම සියලුම ගණුදෙනුවල විගණනයක් කිරීමේ හැකියාව ද ලැබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසීය.

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඉන්දික ද සොයිසා මහතා එසේ පැවසීය.

කිව්.ආර්. කේතයක් හරහා සියලුම ගෙවීම් කිරීම මේ වන විට සංචාරක කළාපවල ආරම්භ කර ඇති බව කී ඉන්දික ද සොයිසා මහතා ගාලු කොටුව හෝ පින්නවල වැනි ප්‍රදේශක සංචාරය කළ හොත් ඒ ආකාරයට ගෙවීම් කළ හැකි බව ද සඳහන් කළේය.  

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය පැත්තෙන් මීට වසර කීපයකට පෙර සිටි තත්වයට වඩා විශාල ගමනක් මේ වන විට පැමිණ ඇති බවත් ඩිජිටල් ක්‍රමයට වන ගණුදෙනු පිළිබඳව බැංකු කළමණාකරුට හොඳ අවබෝදයක් ගත හැකි බවත් ඒ මහතා කීය.

මෙරට ඩිජිටල්කරණ දැනට පවතින ස්ථානයේ සිට රටපුරා ව්‍යාප්ත කිරීම කරන ආකාරය පිළිබඳව මේ වන විට සැළසුම් සකස්කරමින් සිටින බව කී ඉන්දික ද සොයිසා පැවසුවේ හැකි ඉක්මණින් ඩිජිටල් ගෙවීම් රටපුරා ව්‍යාපෘත කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය කර්මාන්තයක් හැටියට සියලුම දෙනා බදු ගෙවියයුතු යැයි මතයේ සිටින බවත් කෙසේ වෙතත් එම ගෙවන බදුවලින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට ප්‍රතිලාභයක් ලැබිය යුතු බවත් ඒ මහතා පැවසීය.
එම බදු මුදල්වලින් තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයට හොඳ පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කරන බවත් එවැනි පරිසරයක් නිර්මාණය වුවහොත් රටහැර යන පිරිස ද අඩුවනු ඇති බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා කීය. 



අදහස් (6)

ඩිජිටල්කරණයෙන් සියලුම ගණුදෙනු විගණනය කළ හැකියි

Lalla Friday, 21 March 2025 02:43 PM

හැබෑව... පරිඝණක දැනුම යොදාගෙන මුදල් ගනුදෙනු නියාමනය ඉගෙන ගන්න තියන හොඳම තැන අසල්වැසියා. ඉන්දියාව... පාර අයිනේ පලතුරු කරත්තකරුවා සහ ත්‍රී රෝද ටැක්සි ඉල්ලන්නේත් ඇප් එක හරහා ගනුදෙනුව... සල්ලි ගන්න කැමැති නෑ. රට පුරාම තත්ත්වය එයයි. ඒත් අපේ රටේ ලොකුම කඩත් කාඩ් ගනුදෙනුවලට 3-6% දක්වා වැඩිපුර ගන්නවා. මේක තහනමට ලක්විය යුතුයි.

:       0       5

බකල ජයා Friday, 21 March 2025 02:45 PM

මම දැනටත් මැරීන් ඩ්‍රයිව් එකේ විවේකානන්ද කාර් වොෂ් එක ළඟින් තැඹිලි බොන්නේ බය ක්‍රමේට ගෙවලා. තැඹිලිත් රසයි.

:       1       7

රම්බොඩ Friday, 21 March 2025 03:45 PM

ඩිජිටල්කරණය වරදක් නොවෙයි. නමුත් වශාල ණයක් අරගෙන මේ අවස්ථාවේ එවැනි දේ කිරීමෙන් රට තව තවත් හිර වෙන්න පුලුවන් .දන්න දේ කරන්න යන එකට වඩා අවශ්‍ය දේ අවශ්‍ය කාලය කුළ කළ යුතුයි. එක එක ආණ්ඩුව ඔය වගේ දේවල් පයලවා ගත්තා. යටිතල පහසුකම් හදපු එක විතරයි සාර්ථක වුණේ. ඒකෙනුත් අනිත් ආණ්ඩු ප්‍රයෝජන ගත්තෙ නෑ.

:       13       1

කෞෂිFriday, 21 March 2025 04:46 PM

ඔයා අපරාදේ මෙතැන කොට කොටා ඉන්නේ, ඉල්ලන්නකෝ ඡන්දේ, ඕව ඔක්කෝම ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ, කෙහෙල්බොඩ!

:       0       9

lal Friday, 21 March 2025 10:58 PM

ඉන්දියාවේ කෝවිල් වල පඬුරු දාන්න භාවිතා කරන්නෙත් PAYtm QR කෝඩ් එක...

:       0       0

Deshabandu Saturday, 22 March 2025 10:24 AM

ඩිජිටල් ගණුදෙනු කොහොමටත් බොහොම රසවත් සහ හරවත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 433 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 251 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 3062 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 856 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 266 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 666 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 522 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site