(යොහාන් භාසුර)
ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු මෙන්ම කළ ක්‍රියාවක් ලෙස දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (27) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඩිජිටල් අපනයන මත සියයට 15 ක බදු පැනවීම රට ඩිජිටල්කරණයට ගෙනයෑමට අවශ්‍ය මෙවැනි අවස්ථාවක කළ මෝඩ ක්‍රියාවක් බව කී කාරියවසම් මහතා රටට ඩොලර් ලැබෙන ආර්ථික ක්‍රමවේදයන් මාරා දැමීමට කළ ක්‍රියාවක් බව ද සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ බොරුවෙන් බලය ලබාගත්ත ද බොරුවෙන් රට පාලනය කළ නොහැකි යැයි මෙවැනි ක්‍රියාවලින් පැහැදිළි වන බවත් මෙරට ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ වී සිටින කීපදෙනාත් ඉන් ඉවත්වීමෙන් රටට විදේශ විනියම එන ක්‍රමයන් අවහිරවීමේ අවදානමක් ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.
වර්තමාන රජය බලයට ගෙනඒමට වැඩියෙන්ම වැඩ කළ තරුණ පරපුරට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට පහරදීම ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් ජනාධිපති අනුර ක-ුමාර මහතා ඇතුළු ආණ්ඩුවේ පුද්ගලයන් පැතිරවූ බොරු වැඩි ප්‍රමාණයක් ටික්ටොක් සහ යූටියුබ් ආදි මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවත් ඒ මහතා කීය.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩිජිටල් අපනයන මත පැනවූ බද්ද වාහාම අවලංගු කරන්න
NALAKA Thursday, 27 February 2025 10:57 PM
හම්මා හොරු.
ගුණරත්න Thursday, 27 February 2025 11:42 PM
මේකත් ඉතින් ආදි කාලේ සුද්දෝ පණවපු බලු බද්ද, ඇඟ බද්ද වගේ ජරා බද්දක්. කෝටි ගණන්වලින් බිස්නස් කරන ලොකු සමාගම්වලට 30% බද්ද 15% අඩු කරලා තනියම වැඩ කරන පොඩි කොල්ලන්ටත් ඒ 15% ම ගෙවන්න නියම කරපු ආණ්ඩුව. මේක පුදුමයකුත් නෙවෙයි. ලීසිංකාරයෝ කළුකඩ සේල් කාරයෝ ආරක්ෂා කරන්න වාහන බදු වැඩි කරපු ආණ්ඩුවම තමයි මේ.
Ratne Friday, 28 February 2025 12:27 AM
මේ සාගර කාරියවසම් කියන අපත කුක්කා කියන විදියට ආණ්ඩුව කරන්න ඕනි.
Bi Amarasinghe Friday, 28 February 2025 03:23 AM
ඒකනේ. අපේ පිහිටෙන් රනිල් රාජපක්ෂ පැනවූ බදු සේරටම වඩා මේක භයානකයි නේ...!
Nishan Friday, 28 February 2025 04:27 AM
බදු සහන දෙනවා, වැට් බද්ද බිංදුව කරනවා, කෑම බීමවල බදු ඉවත් කරනවා කියලා මිනිස්සුන්ව රවට්ටලා ඡන්ද අරන් ඒ පොරොන්දු අමු අමුවේ කඩ කරලා විතරක් නෙවෙයි දැන් තව අළුත් බදුත් ගහනවා. දුර දිග නොබලා සුන්දර වචන වලට රැවටිලා ඡන්දේ දීලා දැන් අමාරුවේ වැටිලා ඉන්න ජනතාවට මේවා හොඳ පාඩම්.
අරවින්ද මොණරවිල Friday, 28 February 2025 07:13 AM
මිනිස්සුගේ මූලික අවශ්‍යතාවන ආහාර, ඖෂධ හා දරුවන්ගේ අධ්‍යාපන උපකරණවලට බදුගහන විට හීන් කෙදිරියක්වත් නැතුව බල්ලෝ වගේ හිටිය එවුන් දැන් ගහක කොලයක් හෙල්ලුනොත් බුරන්න පටන් ගන්නවා. සාගර උඹ දන්නේ මාධ්‍ය සාකච්ඡා තියන්න විතරයි කියලා අපි දන්නවා. එනිසා උඹ ඒක කරගෙන හිටපං නීතිඤයෙක් කිව්වට උබ කවදාවත් උසාවියේ නඩුවකට පෙනි ඉන්නවා අපි දැකලා නැහැනේ.
Nimal Friday, 28 February 2025 10:04 AM
ලෝයර්ස්ලාත් ආදායම් බදු ගෙවන්නේ නෑ නේද? ඒ නිසා මෙයා කියන එක ගණන් ගන්න ඕනෑ නැහැ.
Nadee Ama Friday, 28 February 2025 10:23 AM
ආණ්ඩුව ගත්තු මෝඩ තීරණයක් මේක කිසිම බදු ප්‍රතිපත්තියක් නොගෙන තමන්ගේ හැකියාවෙන් තමන්ගේ වියදමින් මහන්සිය හා කැපකිරිම් තුළින් රටට ඩොලර් ගේන පිිරිසට මෙහෙම බද්දක් පනවිම අන්තිම අසාධාරණයි
රත්නායකFriday, 28 February 2025 12:37 PM
ඇයි ඔයා කියන්නේ බදු ගෙවන්න ඕනෑ නෑ කියලා? ඕවා නිකං බයිලා, රට හදන්න ඩොලර් ගේන කතාව. හැබැයි බද්දක් ගෙවන්න බෑ. අනිත් බදු ගෙවන අය හැකියාවේ නොවේද බදු ගෙවන්නේ? ජීවත් වෙන රට තමා බදු ගන්නේ... හරියට බද්ද ගැන බලලා ඉමු නේද? මම නම් කියන්නේ රට ගියා නම් හරි, බදු ගෙවන්න වෙන එකක් නෑ...
Nadee AmaFriday, 28 February 2025 03:13 PM
රත්නායක මහත්තයෝ අපි ඩොලර් ගේන කතාව නෙමෙයි ඩොලර් ගෙනාව අවුරුදු ගාණක ඉඳන්. අපි ගේන ඩොලර් එක හරි රට ඇතුලෙන් එකතු වෙන සල්ලි. අපි සියයට තිහක් විතර බඳු ගෙවලා තමා ගේන සල්ලියක් ගේන්නේ. ඒකටත් තව සියයට 15ක බද්ධක් ගෙව්වම අපි මහන්සියට අපි ඒ වෙනුවෙන් කරන වියදමට සාධාරණයක් තියෙනවද?
ලුම්බිණි Friday, 28 February 2025 10:24 AM
මෙම බද්ද අහෝසි කිරීමට කිසිම් හේතුවක් නැහැ . තමන් උපයන ආදායමට බද්දක් ගෙවීම මේ රටේ ජනතාව කළ යුතු දෙයක් . වෙන බොහෝ රටවල මේක වෙනවා . දේශපාලන වාසි තකා මෝඩ කතා නොකිය ඉන්නවනම් ?
Pakeer Friday, 28 February 2025 11:45 AM
ආදායමේ හැටියට බදු ගැහුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවා විනිවිද භාවයකින් යුතුව ක්‍රියාවේ යොදවන්න. ඒ වගේම තමයි ... තවත් බදු ලබාගන්න පුළුවන් මාර්ග රැසක් තියෙනවා. ඒවා ගැන පොඩ්ඩක් බලන්න. ඒ වගේම තමයි අවුරුදු 30ක් මෙපිට සෑම පුද්ගලයෙක්ම ළඟ ඇති දේපළ, මිලමුදල් විගණනය කරන්න. එහෙම කරලා ඒවා ආපු විදිහ ඔප්පු කරගන්න බැරි ඔක්කොම රාජ සන්තක කරන්න පනතක් ගේන්න. හොරු අල්ලන්න ඕනෙත් නැහැ අමතරයෙන්... ගොඩක් ප්‍රශ්න ඉවරයි.