IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


‘‘ඩිජිටල් ගැන කතා කළාට ඇත්තේ කැත දේශපාලනයක්‘‘

(ආරියරත්න රණබාහු)

ඩිජිටල් තාක්ෂණය ගැන කතා කළත් රට වෙලාගෙන පවතින දූෂිත කැත දේශපාලන ක්‍රමය අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී  පැවසීය

ඒ අනුව එම කැත දේශපාලන ක්‍රමය අවසන් කිරීම තමාගේ පළමු කාර්ය බවද හෙතෙම කීය. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පෙරේදා සවස පැවති ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින් ඒ බව පැවසූ දිසානායක මහතා එහිදී මෙසේද කීය.

මේ කාලයේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා වෙනවා. හැබැයි රටේ තිබෙන්නේ ඩර්ටි කොලිටික්ස්. මම හිතනවා ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතුයි. මීට සතියකට පෙර එක් අයෙක් කෙරෙහි බරපතළ විවේචන එල්ල කරන කෙනා ඊළඟ සතියේ නැවත එයා වර්ණනා කරන තත්වයට පත්වී තිබෙනවා. මාධ්‍යවල බ්රේකින් නිව්ස්වලින් එන්නේ එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින තොරතුරු. අපි ඔබට සහතිකයක් දෙනවා මේ සියල්ල කරන්න කලින් මේ දේශපාලන පොර පිටිය පිරිසිදු කළ යුතුයි. මේ එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්‍රතිපත්තිමය කරුණු මතද? නැහැ. සමහර අය ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කර ගැනීමට පනිනවා. සමහර මාරුවීම් පිටුපස මූල්‍යමය ගනුදෙනු, රජයේ ඉඩම් ලබාදීම්, බාර් ලයිසන්, පෙට්්‍රල් ෂෙඞ් ලබාදීම් තිබෙනවා. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරුකරනවා. හැබැයි ආණ්ඩුව මාරුකරල ඉවර වෙනකොට ඒගොල්ලන් මාරු වෙනවා. මේ නිසා 1994 සිට 2024 දක්වා එක දිගට අමාත්‍ය ධුර දරපු ගණනාවක් අදත් අමාත්‍ය ධුර දරනවා. අපේ රටේ ව්‍යසනයට මේ පොලිටිකල් කල්චර් එක, කැත දේශපාලන සංස්කෘතිය විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා.

1950දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 316යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අද ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. 1980දී වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 420යි. ලෝකයේ විශාල ලෙස තාක්ෂණයේ පරිවර්තනයන් සිදුවුණේ විසිවන සියවසේ. විසිවන සියවසේ පරිවර්තනයන් සිදු නොවෙන්න අපේ මානව සංහතියට ආහාර සපයන්න පුළුවන් තත්වයක් නිර්මාණය වන්නේ නැහැ. දාහත, දහ අට, දහනවය සියවස්වල බිහිවූ ගණිතඥයන්, විද්‍යාඥයන්, දාර්ශනිකයන් විසින් පරිකල්පනය කළ ලෝකය භෞතිකව 20වැනි සියවසේ බිහිවුණා. වෛද්‍ය විද්‍යාවේ මහා පරිවර්තනයන් සිදුවුණා. ඒ නිසාම මිනිසුන්ගේ ආයු කාලය වැඩිවුණා. තාක්ෂණයේ හා විද්‍යාවේ දියුණුව විසින් ලෝකය ඇතුලේ මහා වෙළඳපොළක් නිර්මාණය වුණා. මේ වෙළඳපොළට අවශ්‍ය වන පරිදි, වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව තමන්ගේ ආර්ථික උපාය මාර්ග සකස්කර ගන්න සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අයි.ටී. ක්ෂේත්‍රයෙන් පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 194යි. අපේ අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2යි. ලෝකයේ ඇති වුණු විද්‍යා හා තාක්ෂණ දියුණුවට අනුරූපවන පරිදි අපේ ආර්ථිකය පෙළ ගස්වා ගන්න අපි අසමත් වුණා.

ආණ්ඩුව 2016දී තීරණය කරනවා අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 05ක් බවට පත්කරන්න. 2020දිත් කියනවා ඩොලර් බිලියන 03ක ආදායමක් අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ළඟාකර ගන්නා බව. හැබැයි ගිය වසරේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2යි. මේ ක්ෂේත්‍රය පිළිබඳ සකස් කරන ලද ප්‍රතිපත්ති, ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා මෙහෙයවීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. මේ ක්ෂේත්‍රයට එන ව්‍යවසායකයා රටක් හැටියට සකස් කරන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පංගුකාරයෙක් පමණයි. ඉලක්ක සම්පූර්ණ කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට.

අපේ රැකියා ක්ෂේත්‍රය ගත්තොත් අයි.ටී. ක්ෂේත්‍රයට එන්නේ වසරකට 12000ත් 15000ත් අතර ප්‍රමාණයක්. අපේ ඉලක්කයක් තිබෙනවා වසරකට 30000ක් අයි.ටී. ක්ෂේත්‍රයට කැඳවන්න. ලෝකයේ දැනට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක් ඉන්නවා. ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් ඉන්නේ 85000යි. දැන් පුරෝකථනය කර තිබෙනවා 2030 වන විට ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍යයි කියලා අලුතින් මිලියන 19ක් අවශ්‍යයි. ඒ ලෝකයේ ඇතිවෙන නව දියුණුව ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමේ ටාර්ගට් එකකට යන්න සැලසුමක් හදන්න ඕනෑ. අපි ඩොලර් බිලියන 05ක ආර්ථිකයට යන්න නම්, ඉංජිනේරුවන් 85000 ප්‍රමාණවත් නැහැ. අපට අභියෝගයක් තිබෙනවා බිලියන 05ක ආර්ථිකය අත්පත් කර ගැනීමට දියුණුවන ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්නත් වසරකට ඉංජිනේරුවන් 30,000ක් වත් නිර්මාණය කරන්න. එහෙම යන්න නම් රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ පංගුවක් වැඩිකර ගන්න ඕනෑ. ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතනවල පංගුව වැඩිකර ගන්න ඕනෑ. නියාමනයට ලක් කරන ලද පෞද්ගලික අධ්‍යාපනයේ පංගුවක් ඇතිකර ගත යුතුව තිබෙනවා. කාර්යක්ෂම මැදිහත්වීමක් කළොත් නිපුණතාවයක් සහිත අලුත් ශ්‍රම සම්පතක් නිර්මාණය කර ගත හැකි වෙනවා. දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000ක් විතර ඉන්නවා. උපාධියක් හිමි අය කියන්නේ යම් මුවහත් කරන ලද ශ්‍රම සම්පතක්. එතනින් පංගුවක් අරගෙන කෙටිකාලීන පාඨමාලාවන් හරහා මේ ක්ෂේත්‍රයට යොමුකර අලුත් සම්පතක් නිර්මාණය කර ගැනීමට අවධානය යොමු කරනවා. මේ ක්ෂේත්‍රයේ ශ්‍රම සම්පත වර්ධනය කර ගැනීම සඳහා සැලැස්මක් තිබෙනවා.

බොහෝ දෙනෙක් අහනවා ඔයගොල්ලන්ගේ ආණ්ඩුවකදී විනිවිදභාවය මනින්නේ කොහොමද කියා. සමාජයක් විශ්වාස කළ යුත්තේ පුද්ගලයන් මතද? සමාජයක් විශ්වාස කළ යුත්තේ සිස්ටම් එකක් මතද? ආරම්භයේදී සමාජයක් විශ්වාස කරන්න ඕනෑ පුද්ගලයන් මත. පුද්ගලයන්ට කාර්යභාරයක් තිබෙනවා. එය ප්‍රතික්ෂේප කළ නොහැකියි. සමාජයක් දිගුකාලීනව විශ්වාස කරන්න ඕනෑ සිස්ටම් එකක්. මේක හොඳ මිනිසුන්ගෙන් ආරම්භ කරන්න ඕනෑ. දැනට ඇතිවී තිබෙන වංචා, දූෂණ, නාස්තිය පිළිබඳ ප්‍රශ්නයේදී තීරණය කළ යුත්තේ හිත හොඳකම මතද? ඒක සමාජයකට හොඳ නැහැ. විනිවිදභාවය රැකෙන සිස්ටම් එකක් එන්න ඕනෑ. මෙහිදී විශාල පංගුවක් තිබෙනවා අයි.ටී. ක්ෂේත්‍රයට. පාරදෘශ්‍යභාවය ඇති කිරීම සඳහා කොහොමද අපි සිස්ටම් එකක් නිර්මාණය කරන්නේ කියන අභියෝගය අපට තිබෙනවා. මේ ක්ෂේත්‍රය වර්ධනය වීම විසින් ආණ්ඩුවට ප්‍රවේසම් වෙන්න සිදු වෙනවා. මේ ක්ෂේත්‍රයේ වර්ධනයන් විසින් සමාජයක් අවදි කරවනවා. එය කොතරම්ද කියනවා නම් ජනාධිපතිවරයෙක් පළවා හැරීමට තරම් අවදිකිරීමක් කරවා තිබෙනවා. ජනතාවට තොරතුරු ගලාගෙන යනවා. ජනතාවට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. තොරතුරු අනෙකා වෙත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබෙනවා.

මෙහිදී ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යලායේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ ආචාර්ය රජිත් විතානාරාච්චි මහතාද අදහස් දැක්වීය.



අදහස් (6)

‘‘ඩිජිටල් ගැන කතා කළාට ඇත්තේ කැත දේශපාලනයක්‘‘

විජිත් Wednesday, 14 August 2024 05:02 PM

මාලිමාවට ජයවේවා...!!!

:       14       54

නදී විතාරණ Wednesday, 14 August 2024 05:18 PM

මේ ඔක්කෝම පිටරවල් වලට ගිහින් මෙහෙට කෙලවලා.. දැන් කතා කරනවා මේ රට හදන්න ඒ රටවල් කරපු විදිහට.. මාර විහිළුකාරයෝ සෙට් එකක්...!

:       55       20

යෝගා Wednesday, 14 August 2024 07:21 PM

ඔව් ඔව් අපිට ඕනෑ ඩිජිටල් නෙමෙයි ගමට අධිකරණ බලය. බංග්ලාදේශේ වගේ ගම් මට්ටමින් අපි දඬුවම් දෙන්නම්...!

:       35       14

Nishan Thursday, 15 August 2024 06:58 AM

කැත මජර දේශපාලනයේ පියවරු ඔබලායි. එදා පළාත් සභා වලට එරෙහි වෙලා දහස් ගාණක් වෙන පක්ෂවල අහිංසක මිනිස්සු මරලා පස්සේ ගිහින් ඒකේ වාඩි උනා විතරක් නෙවෙයි දැන් උතුරට ගිහින් 13 සම්පූර්ණයෙන්ම දෙන්නත් පොරොන්දු වෙලා. නායකයෝ සහ ඔවුන්ගේ පවුල් උපරිම සැප විඳින ගමන් වේදිකාවේ දුප්පත්කම විකුනනවා, දුප්පත්තුන් මුලා කරනවා. සමාජවාදය පෙන්නලා දේශපාලනයට ඇවිත් දැන් ධනවාදයෙත් අන්තයට ගිහින්. දූෂණය, වංචාව ගැන පම්පෝරි ගහනවා ඒත් දූෂණ විරෝධී පනතට විරුද්ද උනා තියෙන නීති ඇති කියලා. මේ වගේ මජර දේශපාලනයක් වෙන කොහේද තියෙන්නේ? අනිත් අයගේ ඇස් වල පොල් කෙඳි දකින්න කලින් තමුන්ගේ ඇස් වල තියෙන පොල් පරාල ගැන ස්වයං විවේචනයක් කරලා ඉන්න.

:       1       3

Oscar Thursday, 15 August 2024 06:59 AM

අනුර සහෝදරයා දැනටත් දිනලා ඉවරයි. අඩුම වශයෙන් චන්ද 60% ක් ගන්න බව කැට තියලා කියන්න පුලුවන්. මාලිමාවට සහ අනුර, අනාගත ජනාධිපති සහෝදරයාට ජය වේවා.

:       3       4

Prabath Thursday, 15 August 2024 08:07 AM

උඹලාගේ තියෙන්නේ ගිනි තියන දේශපාලනය .උඹලාගේ වගේ කැත දේශපාලනයක් ලෝකේ කොහෙවත් නැහැ

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 225 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 212 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 141 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 642 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 158 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මෛත්‍රී ඝාතන තැතේ චෝදනා වසර 15කට පසු ගොනු කරලා
2025 අප්‍රේල් මස 28 570 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1009 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site